රසායන විද්‍යාවදවසට පාඩමක්12.02.03-වාෂ්ප පීඩන- සංයුති/තාපාංක-සංයුති සටහන්

12.02.03-වාෂ්ප පීඩන- සංයුති/තාපාංක-සංයුති සටහන්

වාෂ්ප පීඩන සංයුති රූපසටහන්

  • පරිපූර්ණ ද්‍රාවණයක සංයුතිය X අක්ෂයේත් වාෂ්ප පීඩනය Y අක්ෂයේත් නිරූපණය කරමින් අදිනු ලබන ප්‍රස්තාර වාෂ්ප පීඩන සංයුති රූපසටහන් නම් වේ.
  • A/B පරිපූර්ණ ද්වයංගී ද්‍රාවණය සැලකූ විට ,

මුලු පීඩනය P,

  • Po> PoB වන අවස්තාවක් සැලකූ විට,

තාපාංක සංයුති රූපසටහන්

  • X අක්ෂයට ද්‍රව කලාපයේ සංයුතියත් Y අක්ෂයට ද්‍රවයේ තාපාංකයත් දක්වමින් අදිනු ලබන ප්‍රස්තාර විශේෂයි.
  • ද්‍රවයක තාපාංකය, එය වාෂ්ප පිඩනය සමඟ ඝාතීය විචලනයක් පෙන්නුම් කරයි
  • ද්‍රාවණයේ සංයුතිය සමඟ තාපාංකය රේඛීය විචලනයක් නොපෙන්වයි. එසේම වාෂ්ප පීඩනය වැඩි සංරචකයේ   තාපාංකය  අඩු අතර වාෂ්ප පීඩනය අඩු සංරචකය තාපාංකය වැඩිය.
  • ඉහත A/B පරිපූර්ණ ද්‍රාවණය සලකමු. Po> PoB බැවින් T0A < T0B වේ.
  1. ද්‍රව කලාපය
  2. ද්‍රව කලාපයේ සංයුතිය සමඟ ද්‍රව කලාපයේ තාපාංකය විචලනය
  3. ද්‍රව ⇌ වාෂ්ප සමතුලිත කලාපය
  4. වායු කලාපයේ සංයුතිය සමඟ වායු කලාපයේ තාපාංකය විචලනය
  5. වාෂ්ප කලාපය

උදා:- A/B ද්‍රාවණයේ සංයුතිය C1 වන අවස්තාවේ තාපාංකය T1 ද T1 උෂ්ණත්වයේදී වාෂ්ප කලාපයේ සංයුතිය V1 හා එම වාෂ්පය ඝනීභවනය කිරීමෙන් ලැබෙන ද්‍රාවණයේ සංයුතිය C2 ද නම් ඒවා පහත අන්දමට තාපාංක සංයුති රූපසටහනක දැක්විය හැකිය.

  • C1 වාෂ්පීභවනය කිරීමෙන් ලැබෙන V1 වාෂ්පය ඝනීභවනයෙන් ලැබෙන C2 ද්‍රාවණය සලකමු.එහි සංයුතිය අනුව වාෂ්පශීලීතාවය වැඩි A සංඝටකයේ මවුල භාගය වාෂ්පශීලීතාවය අඩු B සංඝටකයේ මවුල භාගයට වඩා වැඩි වී ඇති බව නිගමනය කල හැකිය.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet