දවසට පාඩමක්27 දවස12.02.02-පරිපූර්ණ ද්‍රාවණ සහ රවුල් නියමය

12.02.02-පරිපූර්ණ ද්‍රාවණ සහ රවුල් නියමය

පරිපූර්ණ ද්‍රාවණ සහ රවුල් නියමය.

  • A හා B වාෂ්පශීලී ද්‍රව 2ක් සලකමු. තෝරාගත් උෂ්ණත්වයකදී A අණු අතර F(A-A) ද,B අණු අතර F(B-B) ද වශයෙන් වැන්ඩවාල්ස් බල පවති. A හා B මිශ්‍ර කිරීමෙන් ලැබෙන A/B ද්වයංගී ද්‍රාවණයේ A ,B අතර  F(A-B) වැන්ඩවාල්ස් බල ඇතිවේ.
  • මෙම F(A-A) =F(B-B) = F(A-B) වන ද්‍රාවණයක් පරිපූර්ණ ද්‍රාවණයක් ලෙස අර්ථ දැක්විය හැකිය.

පරිපූර්ණ ද්‍රවණ යනු සෛද්ධාන්තික සංකල්පයකි.ආසන්න වශයෙන් පමණක් පරිපූර්ණ වන ද්‍රාවණ පමණක් ස්වභාවිකව හමුවේ.

උදා :-

 1.බෙන්සීන් හා ටොලුයීන්

2.හෙක්සේන් හා හෙප්ටේන්

  • මෙවැනි පරිපූර්ණ ද්‍රාවණ 2ක් එකිනෙක මිශ්‍ර කල විටද සංශුද්ධව පැවති විට තිබූ ආකාරයේම ස්වාධීන හැසිරීමක් දක්වයි.
  • බන්ධන ශක්තීන් සර්වසම බැවින් එන්තැල්පි විපර්‍යාසය ශුන්‍ය වේ.

රවුල් නියමය

පරිපූර්ණ ද්‍රාවණයක දෙන ලද සංරචකයක ආංශික පීඩනය, නියත උෂ්ණත්වයේදී ඒ සංරචකයේ සංශුද්ධ වාෂ්ප පීඩනයේත්, ද්‍රව කලාපයේ මවුල භාගයේත් ගුණිතයට සමාන වේ. 

  • සලකනු ලබන උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩන පිළිවෙලින් PoA හා PoB  වන A හා B මිශ්‍ර කිරීමෙන් සාදාගත් කලාප සමතුලිතතාවයේ පවතින පද්ධතියක් සලකමු.
  • XA හා XB මඟින් ද්‍රව කලාපය තුල මවුල භාගයද PA හා Pමඟින් වාෂ්ප කලාපයේ ආංශික පීඩනද දැක්වේ නම්,

A වාෂ්පයට අදාලව,

\begin{array}{l}A_{(l)}\overset{R_f}{\underset{R_b}\rightleftharpoons}A_{(g)}\\\\\\\;\;\;\;\\\end{array}

  • ඉදිරි හා පසු ප්‍රතික්‍රියාවල සීඝ්‍රතා,

\begin{array}{rcl}R_f&=&K_f\left[A_{(l)}\right]\\R_b&=&K_b\left[A_{(g)}\right]\\&&\end{array}

  • නමුත් සමතුලිතතාවයේදී,

\begin{array}{rcl}R_f&=&R_b\\K_f\left[A_{(l)}\right]&=&K_b\left[A_{(g)}\right]\;\cdots\cdots\cdots\cdots\cdots\cdots(01)\\&&\\&&\\&&\\&&\\&&\\&&\end{array}

  • වායු කලාපය පරිපූර්ණ ලෙස හැසිරෙන බව උපකල්පනය කල විට

\begin{array}{rcl}P&=&CRT\\P_A&=&K^\iota\left[A_{(l)}\right]\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;K^\iota=RT\\\left[A_{(g)}\right]&=&\frac{P_A}{K^\iota}\\R_b&=&\frac{K_bP_A}{K^\iota}\;\cdots\cdots\cdots\cdots\cdots\cdots\cdots\cdots\;(02)\\&&\\&&\\&&\end{array}

  • ද්‍රව කලාපය සැලකූ විට, ද්‍රව කලාපය තුල යම් සංඝටකයක මවුල භාගය ද්‍රව කලාපයේදී එහි සාන්ද්‍රණයට සමානුපාතික වන නිසා,

\begin{array}{l}\left[A_{(l)}\right]=K^{\iota\iota}X_{A\;}\cdots\cdots\cdots\cdots\cdots\cdots\cdots(03)\\\;\;\;\;\\\end{array}

(01) , (02) හා  (03) න්

\begin{array}{rcl}K_fK^{\iota\iota}X_A&=&\frac{K_bP_A}{K^\iota}\\\frac{K_fK^{\iota\iota}X_AK^\iota}{K_b}&=&P_A\\P_A&=&KX_A\cdots\cdots\cdots\cdots\cdots\cdots\cdots\;(04)\\&&\\&&\\&&\\&&\end{array}

  • ද්‍රව කලාපයේ පවතින්නේ A පමණයි නම් XA = 1 වේ.එවිට,

K = PoA නිසා,

\begin{array}{rcl}P_A&=&{P^o}_A\times X_A\\&&\\&&\\&&\\&&\\&&\\&&\end{array}

සහ B සංඝටකයට

\begin{array}{rcl}P_B&=&{P^o}_B\times X_B\\&&\\&&\\&&\\&&\\&&\\&&\end{array}

රවුල් නියමයේ විකල්ප ආකාරය

\begin{array}{rcl}\text{A හි වාෂ්ප පීඩනය අඩුවීම}&=&{P^o}_A-P_A\\&=&{P^o}_A-{P^o}_A\times X_A\;\\&=&{P^o}_A\left(1-X_A\right)\\&=&{P^o}_A\times X_B\\&&\\X_B&=&\frac{{P^o}_A\left(1-X_A\right)}{{P^o}_A}\;\;සහ\;\;X_A=\frac{{P^o}_B\left(1-X_B\right)}{{P^o}_B}\\&&\\&&\\&&\\&&\\&&\end{array}

  • මේ අනුව දෙන ලද උෂ්ණත්වයකදී වායු කලාපය තුළ සිදුවන සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය අනෙක් සංඝටකයේ ද්‍රව කලාපයේ මවුල භාගයට සමාන වේ.
  • රවුල් නියමයත් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයත් යන දෙකම භාවිතයෙන් වායු කලාපයේ එක් එක් සංඝටකයන්හි මවුල භාගය සඳහා පහත පරිදි ප්‍රකාශනයක් ගොඩනගාගත හැකියි.
  • වාෂ්ප කලාපයේ මුලු පීඩනය P හා වාෂ්ප කලාපයේ A හා B මවුල භාග පිළිවෙලින් YA හා YB නම්,

\begin{array}{rcl}P_A&=&Y_A\times P\\{P^o}_AX_A&=&\left({P^o}_AX_A+{P^o}_BX_B\right)Y_A\\&&\\&&\\&&\\&&\\&&\end{array}

එමනිසා,

\begin{array}{l}Y_A=\;\frac{{P^o}_AX_A}{{P^o}_AX_A+{P^o}_BX_B}\;\text{හා}\\Y_B=\;\frac{{P^o}_BX_B}{{P^o}_AX_A+{P^o}_BX_B}\;\text{වේ.}\end{array}

රවුල් නියමය පිළිපැදීමේදී තිබිය යුතු අවශ්‍යතා

  1. නියත උෂ්ණත්වයක පැවතිය යුතුය.
  2. ද්‍රාවණ පරිපූර්ණ තත්වයේ පැවතිය යුතුය.
  3. ද්‍රවණ වල අයන නොතිබිය යුතුය.
  4. ද්‍රව හා වාෂ්ප අතර ගතික සමතුලිතතාවය පැවතිය යුතුය.
 

 වැඩිදුර අධ්‍යනය සදහා , 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

අදහස් 1යි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this:
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet