දවසට පාඩමක්28 දවස12.02.04-අපරිපූර්ණ ද්‍රාවණය

12.02.04-අපරිපූර්ණ ද්‍රාවණය

අපරිපූර්ණ ද්‍රාවණ 

  • ඕනෑම උෂ්ණත්වයකදී හා පීඩනයකදී රවුල් නියමයට එකඟව නොහැසිරෙන ද්‍රාවණ අපරිපූර්ණ ද්‍රාවණ නම් වේ.
  • මේවායේ එක් එක් සංඝටක අණු අතර පවතින අන්තර්ක්‍රියා වලට වඩා එම සංඝටක මිශ්‍ර කිරීමෙන් ලැබෙන අන්තර්ක්‍රියා ප්‍රබලතාව අසමාන වේ.එනම්,
  • A/B ද්වයංගී ද්‍රාවණයේ ,
  • අපරිපූර්ණ ද්‍රාවණ රවුල්ගේ නියමයෙන් ආකාර දෙකකට අපගමනය විය හැකිය.
  1. සුළු සෘණ අපගමනයක් දක්වන ද්‍රාවණ
  2. සුළු ධන අපගමනයක් දක්වන ද්‍රාවණ

01. සුළු සෘණ අපගමනයක් දක්වන ද්‍රාවණ

  • සංඝටක ප්‍රභේද වල පවතින්නාවූ අන්තර් අණුක බල ප්‍රබලතාවයට වඩා වැඩි ප්‍රබලතාවයෙන් අන්තර් අණුක බල ද්‍රාවණය තුල ගොඩනැගෙමින් සංඝටක මිශ්‍ර කිරීමේදී සෘණ එන්තැල්පි විපර්‍යාසයක් සහිතව හටගැනෙන්නාවූ ද්‍රාවණ රවුල් නියමයෙන් සුළු සෘණ අපගමනයක් පෙන්වන අපරිපූර්ණ ද්‍රාවණ ලෙස සැලකේ.(ΔH < 0)
  • මෙහිදී පරිමා සංකෝචනයක්ද සිදුවේ.(ΔV<0)
  • උදා:- ඇසිටෝන්(CH3 COCH3 ) හා ක්ලෝරෆෝම් (CHCl3 )කාබනික ද්‍රාවක දෙක එකිනෙක මිශ්‍ර කළ විට,
  • ඇසිටෝන් අණු- අණු අතර ද්විධ්‍රැව -ද්විධ්‍රැව ආකර්ෂණ පවතී. ක්ලෝරෆෝම් අණු -අණු අතර ද්විධ්‍රැව -ද්විධ්‍රැව ආකර්ෂණ බල පවතී.
  • ඇසිටෝන් හා ක්ලෝරෆෝම් මිශ්‍ර කල විට ඇසිටෝන්හි කාබොනිල් කාබනේට සම්බන්ධ Oδ-පරමාණුවත් ක්ලෝරෆෝම්හි Hδ+ පරමාණුවත් අතර වඩා ප්‍රබල ද්විධ්‍රැව-ද්විධ්‍රැව ආකර්ෂණ බල හටගනී.
  • ආකර්ෂණ බල ප්‍රබලතාව පරිපූර්ණ අවස්තාවේ දීට වඩා වැඩි නිසා මෙවැනි ද්‍රාවණයක අංශු වලට වාෂ්ප කලාපයට ඉවත්ව යෑමේ හැකියාව පරිපූර්ණ ද්‍රාවණයකට වඩා ස්වල්ප වශයෙන් අඩුවේ.වාෂ්ප පීඩන ද ස්වල්ප වශයෙන් අඩු වේ.එබැවින් රවුල් නියමයට සෘණ අපගමනයක් දක්වන්නේ යැයි කියනු ලැබේ.
  • සෘණ අපගමනයක් දක්වන අපරිපූර්ණ ද්‍රාවණයකට අදාල වාෂ්ප පීඩන සංයුති රූපසටහන පහත පරිදිවේ.
  • කඩඉරෙන් දැක්වෙන්නේ ද්‍රාවණය පරිපූර්ණ වූයේ නම් හැසිරෙන ආකරයයි.
  • රවුල් නියමයෙන් ඍණ අපගමන දක්වන ද්‍රාවණ යුගල සඳහා තවත් නිදසුන් ලෙස,
  • රවුල් නියමයෙන් ඍණ අපගමන දක්වන ද්‍රාවණ යුගල සඳහා තවත් නිදසුන් ලෙස,  (ප්‍රොපනෝන් හා මෙතිල් ඇල්කොහොල , ජලය සහ නයිට්‍රික් අම්ලය)
  • මෙවැනි ද්‍රාවණයක තාපාංක විචලනය පහත පරිදි වේ.

02. සුළු ධන අපගමනයක් දක්වන ද්‍රාවණ

  • සංඝටක ප්‍රභේදවල පවතින්නාවූ අන්තර් අණුක බල ප්‍රබලතාවයට වඩා ප්‍රබලතාවයෙන් අඩු අන්තර් අණුක බල ද්‍රාවණය තුල ගොඩනැගෙමින් සංඝටක මිශ්‍ර කිරීමේදී ධන එන්තැල්පි විපර්‍යාසයක් සහිතව හටගැනෙන්නාවූ ද්‍රාවණ රවුල් නියමයට සුළු ධන අපගමනයක් පෙන්වන අපරිපූර්ණ ද්‍රාවණ ලෙස හැඳින්වේ.
  • (ΔH > 0) මෙහිදී පරිමා ප්‍රසාරණයක්ද සිදුවේ.(ΔV > 0)
  • උදා:- එතනෝල් (C2H5OH) හා බෙන්සීන් (C6H6) ද්‍රව මිශ්‍ර කිරීමෙන් පිළියෙල කරගන්නා ද්‍රාවණය සැලකූ විට ,
  • එතනෝල් අණු අණු අතර හයිඩ්රජන් බන්ධන පවතී.බෙන්සීන් අණු අණු අතර ලන්ඩන් අපකිරණ බල පවතී.ඒවා මිශ්‍ර කළ විට හයිඩ්රජන් බන්ධන වලට වඩා ශක්තියෙන් අඩු ද්විධ්‍රැව-ප්‍රේරිත ද්විධ්‍රැව ආකර්ෂණ බල ඇතිවේ.
  • ආකර්ෂණ බල ප්‍රබලතාවය පරිපූර්ණ අවස්තාවේදීට වඩා අඩු නිසා මෙවැනි ද්‍රාවණයක අංශු වාෂ්ප කලාපයට ඉවත්ව යාමේ ප්‍රවණතාව පරිපූර්ණ විටදීට වඩා ස්වල්ප වශයෙන් වැඩි වේ.වාෂ්ප පීඩනයද ස්වල්ප වශයෙන් වැඩි වේ.එබැවින් රවුල් නියමයට ධන අපගමනයක් දක්වන්නේ යැයි කියනු ලැබේ.
  • ධන අපගමනයක් දක්වන අපරිපූර්ණ ද්‍රාවණයකට අදාලව වාෂ්ප පීඩන සංයුති රූපසටහන පහත පරිදි වේ.
 

ඇසියොට්‍රෝෆික ද්‍රාවණ

සංඝටක අතර අලුතෙන් ගොඩනැගෙන ද්විතීයික අන්තර්ක්‍රියා වල සාපේක්ෂ ප්‍රබලතාවය සංඝටක තනි තනිව පැවති විට ක්‍රියාත්මක වන ද්විතීයික අන්තර්ක්‍රියා වල ප්‍රබලතාවයට වඩා බෙහෙවින් වැඩි හෝ බෙහෙවින් අඩු ස්වරූපයේ ද්‍රාවණ වේ.

  • ඒවායේ වාෂ්ප පීඩන සංයුති රූපසටහන් පහත පරිදිය.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet