No menu items!
රසායන විද්‍යාව12. සමතුලිතතාවය12.02.05-භාගික/හුමාල ආසවනය

12.02.05-භාගික/හුමාල ආසවනය

භාගික ආසවනය

  • මිශ්‍රණයක  ඇති සංඝටක වල තාපාංකයන්හි පවතින වෙනස්කම් මත පදනම්ව මිශ්‍රණයක සංඝටක වෙන්කිරීමේ ක්‍රියාවලිය යි.
  • බොරතෙල් කර්මාන්තය,ඖෂධ කර්මාන්තය,විවිධ මූලද්‍රව්‍ය නිස්සාරණය කිරීමේ කර්මාන්ත වලදී ප්‍රයෝජනයට ගැනේ.
  • භාගික ආසවන ක්‍රියාවලියේදී සිදු කරන්නේ වැඩිපුර වාෂ්පශීලී සංඝටකය අඩු උෂ්ණත්වයකදී වායු කලාපයෙන්ද වාෂ්පශීලීතාවය අඩු සංඝටකය ඉහළ උෂ්ණත්වයකදී ද්‍රව කලාපයෙන්ද වෙන්කර ලබා ගැනීමයි.
  • කෙසේවෙතත් භාගික ආසවන ක්‍රියාවලිය මිලෙන් අධික වීම,අධිශක්ති පරිභෝජනය,ඉතා ඉහල සංශුද්ධතාවයකට එලඹීමට නොහැකි වීම,මහා පරිමාණයෙන් යොදාගැනීමේදී පරිසර දූෂණයට හේතු වීම,ක්‍රියාවලිය තුල පවතින අන්තරායකාරී බව වැනි ඇතැම් දුර්වලතා වලින් යුක්තය.

සිදු කරන ආකාරය,

අමිශ්‍ර ද්‍රව පද්ධති

  • දී ඇති උෂ්ණත්වයකදී හා පීඩනයකදී එකිනෙක මිශ්‍ර වී තනි කලාපයක් බවට පත් නොවන ද්‍රව අමිශ්‍ර ද්‍රව නම් වේ.
  • සංවෘත භාජනයක් තුල මෙවැනි ද්‍රව දෙකක් නිශ්චලව පවතින්නේ නම් ඝනත්වය අඩු ද්‍රවය, ඝනත්වය වැඩි ද්‍රවය මත පා වෙමින් ස්ථර වලට වෙන්වී පවතී.ද්‍රව දෙකෙහි අණු අතර ,අන්තර් අණුක බල නැත්නම් පද්ධතියේ වාෂ්ප පීඩනය වන්නේ ඉහළින් පාවෙන ද්‍රවයේ වාෂ්ප පීඩනයම වේ.
  • මෙම අමිශ්‍ර ද්‍රව මිශ්‍රණය කැලතූ විට මතුපිට පෘෂ්ඨයට අමිශ්‍ර ද්‍රව දෙකෙහිම බිඳිති පැමිනෙන නිසා වාෂ්ප කලාපයේ පීඩනයට ද්‍රව දෙකෙහිම අංශු සහභාගී වේ.
  • මෙවිට වාෂ්ප කලාපයේ මුළු පීඩනය සංරචකවල ආංශික පීඩන වල එකතුවට සමාන වේ.
  • සංරචක ද්‍රව දෙක A හා B ලෙස සැලකූ විට,

\begin{array}{l}{\mathrm P}_{\mathrm T}={\mathrm P^{\mathrm o}}_{\mathrm A}+{\mathrm P^{\mathrm o}}_{\mathrm B}\\\\\end{array}

  • මෙවැනි මිශ්‍රණයක මුළු පීඩනය අඩු උෂ්ණත්වයකදී වායුගෝල පීඩනයට සමාන වේ.

  • (රතු පැහැති වක්‍රයෙන් මිශ්‍රණයේ වාෂ්ප පීඩනය උෂ්ණත්වය හමුවේ විචලනය දැක්වේ.)
  • කිසියම් සංඝටකයක් තාපාංකය තෙක් රත් කල විට වියෝජනය වන්නේ නම් එවැනි ද්‍රව තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයකදී වෙන්කර ගැනීමට මෙම මූලධර්මය භාවිතා කරයි.එය හුමාල ආසවනය නම් වේ.
  • මේ අනුව ද්‍රවය නැටවීම – ඝනීභවනය – නැවත නැටවීම යන ක්‍රියාවලි අනුයාත ලෙස සිදු කිරීමෙන් ද්‍රව මිශ්‍රණයෙන් වඩාත් වාෂ්පශීලි සංරචකය වෙන් කර ගත හැක.
  • මෙය කාලය අපතේ යන ක්‍රියාවක් බැවින්, කාර්මික ක්‍රියා වලදී මෙය ඉහල කාර්යක්ෂමතාවකින් සිදු කිරීම සදහා ආසවන කුලුණ භාවිතා කරයි.
  • වාෂ්පය ඝනීභවනය පහසු වීම සදහා ආසවන කුලුණ වීදුරු හෝ පබලු වලින් පුරවා ඇත. මෙමගින් ඉහළ නගින උණුසුම් වාෂ්පය සමග ස්පර්ශ වීම සදහා ඝනීභවනය වී පහළට වැටෙන ද්‍රවයට ඉහළ ක්ෂේත්‍රඵලයක් ලබා දේ.
  • උෂ්ණත්වමානයේ බල්බය හරියටම ආසවන බදුනේ කුලුණේ පිටාර විවරය අසල තබා ඇති අතර, ආසවන කුලුණ ජල සිසිලන කන්ඩෙන්සරයකට සම්බන්ධ කර ඇත.

වැඩිදුර අධ්‍යනය සදහා , 

හුමාල ආසවනය

  • “එකිනෙකට අමිශ්‍ර ද්‍රව මිශ්‍රණයකින් ඒවායේ තාපාංක වලට වඩා අඩු උෂ්ණත්වයකදී සංඝටක වෙන්කරගැනීමේ ශිල්ප ක්‍රමය”
  • මෙහිදී රත් වූ මිශ්‍රණය තුළින් නොකඩවා හුමාලය යවනු ලැබේ.සංශුද්ධ සංරචකය ඝනීභවනය වූ වාෂ්ප බඳුනකට එකතු කරගත හැකිය.
  • නමුත් මෙම ක්‍රමය යොදාගත හැක්කේ ජලයේ අමිශ්‍ර හෝ අද්‍රාව්‍ය,ඉහළ අණුක ස්කන්ධයක් සහිත,100°C අවට ඉහළ වාෂ්ප පීඩනයක් ඇති ,සලකන තත්ව යටතේ අවාෂ්පශීලී අපද්‍රව්‍ය පමණක් ඇති වාෂ්පශීලී ද්‍රවයක් වෙන්කර ගැනීමටය.

හුමාල ආසවනය භාවිතා කරන අවස්ථා

  1. කුරුදු ශාක පත්‍ර මගින් තෙල් ලබා ගැනීම.
  2. පැඟිරි ශාකයෙන් තෙල් ලබා ගැනීම.
  3. නිශ්පාදනය කල ඇනිලීන් ,ක්ලෝරොබෙන්සීන්, නයිට්‍රොබෙන්සීන්, වැනි දෑ ජලය හා අයනික අපද්‍රව්‍ය සමග ඇතිවිට හුමාල ආසවනයෙන් වෙන් කර ගනී.

වාසි

  1. අඩු උෂ්ණත්වයේදී වියෝජනයෙන් තොරව වෙන් කරගත හැකිය.
  2. අඩු උෂ්ණත්වයේදී නටන නිසා වාෂ්පශීලතාව ඉහළ ගොස් ඉන්ධන පිරිමසා ගත හැකිය.
  3. ආස්‍රැතයේ ජලය හා තෙල් එකිනෙක මිශ්‍ර නොවන නිසා පහසුවෙන් වෙන් කර ගත හැකිය.
  4. සගන්ධ තෙල් නිස්සාරණයට යොදා ගත හැකිය.

වැඩිදුර අධ්‍යනය සදහා,

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.