රසායන විද්‍යාවදවසට පාඩමක්12.02.06-ව්‍යාප්ති/විභාග සංගුණකය

12.02.06-ව්‍යාප්ති/විභාග සංගුණකය

ව්‍යාප්ති සංගුණකය හෙවත් විභාග සංගුණකය

  • එකිනෙක සම්පූර්ණයෙන් අමිශ්‍ර ද්‍රව දෙකක් අතර කිසියම් ද්‍රාව්‍යක් ව්‍යාප්ත වීමෙන් ගොඩනැගෙන සමතුලිතතාවය  සමජාතීය කලාප සමතුලිතතාවය නම් වේ.
  • ද්‍රවදෙක කලාප දෙකක් ලෙස හැසිරේ.
  • සුලභව හමුවන එවැනි අමිශ්‍ර ද්‍රව පද්ධති වල
    • කාබනික කලාපය ලෙස:- CCl4,CS2
    • දෙවන කලාපය ලෙස:-H2O හමුවේ.
  • මෙම කලාප දෙක තුලම ව්‍යාප්ත වන ද්‍රාව්‍ය වශයෙන් NH3,CH3COOH,I2 හමුවේ.

නන්ස්ට් ව්‍යාප්ති නියමය

  • කිසියම් උෂ්ණත්වයකදී සලකනු ලබන ද්‍රාව්‍යක් එකිනෙක සමඟ සම්පූර්ණයෙන්ම අමිශ්‍ර ද්‍රව දෙකක් තුළ එකම අණුක ආකාරයෙන් ව්‍යාප්ත වී පවතින විට ගොඩගොඩනැගෙන ගතික සමතුලිතතාවයේ දී ඒ ඒ ද්‍රව කලාපය තුළ අදාල ද්‍රාව්‍යයේ සාන්ද්‍රණ අතර අනුපාතය උෂ්ණත්වය නියත විට නියතව පවතී.

නන්ස්ට් නියමය වලංගු වීමට තිබිය යුතු අවශ්යතා

  1. ද්‍රාවක දෙක සම්පූර්ණයෙන්ම අමිශ්‍ර වීම.
  2. අදාල ද්‍රාව්‍ය ද්‍රාවක දෙක තුලම එකම අණුක ආකාරයෙන් ව්‍යාප්ත වීම
  3. ද්‍රාවක එකිනෙක ප්‍රතික්‍රියා නොවීම.
  4. ද්‍රාව්‍ය හා ද්‍රාවක එකිනෙක ප්‍රතික්‍රියා නොවීම

  • A හා B ද්‍රාවක දෙක තුලම ව්‍යාප්ත වන X නමැති ද්‍රාව්‍යට අදාලව

{\mathrm K}_{\mathrm D}=\frac{\left[{\mathrm X}_{(\mathrm A)}\right]}{\left[{\mathrm X}_{(\mathrm B)}\right]}

  • KD ද සමතුලිතතා නියතයක් බැවින් එය උෂ්ණත්වය මත පමණක් රඳාපවතී.
  • සාමාන්‍යයෙන් KD ප්‍රකාශ කෙරෙනුයේ KD > 1 වන පරිදිය.එබැවින් ද්‍රාව්‍ය වැඩිපුර දිය වේ යැයි අපේක්ෂිත ද්‍රව ස්තරය KD ප්‍රකාශනයේ ඉහලින් දක්වනු ලැබේ.

ජලය හා බියුටනෝල් අතර ඇසිටික් අම්ලයේ ව්‍යාප්‍ති සංගුණකය සෙවීම

  • CH3COOH වල දන්නා මවුල ප්‍රමාණයක්(n), දන්නා ආස්‍රැත ජල පරිමාවක (V1), දියකර පිළියෙල කරගන්නා ලද ජලීය CH3COOH ද්‍රාවණයට දන්නා බියුටනෝල් ප්‍රමානයක්(V2) එකතු කර, ද්‍රාවක දෙක තුල CH3COOH හොඳින් පැතිරී යන ලෙස මිශ්‍රණය සෙලවීම.
  • බේරුම් පුනීලයක් ඇසුරෙන් බියුටනෝල් කලාපය වෙන්කරගෙන , එය සාන්ද්‍රණය දන්නා ජලීය NaOH ද්‍රාවණයක් සමඟ සුදුසු දර්ශකයක් හමුවේ අනුමාපනය කිරීම.
  • එමඟින් බියුටනෝල් ස්තරයට ගමන් කල CH3COOH මවුල ප්‍රමාණය (n’) ගණනය කර ගැනීම.

CH3COOH + NaOH → CH3COONa + H2O

  • පහත පරිදි විභාග සංගුණකය සෙවිය හැකියි,

{\mathrm K}_{\mathrm D}=\frac{\left({\displaystyle\frac{\mathrm n^{\mathrm\iota}}{{\mathrm v}_2}}\right)}{\left({\displaystyle\frac{\mathrm n-\mathrm n^{\mathrm\iota}}{{\mathrm v}_1}}\right)}

  • මෙහි කාබනික ස්තරය ලෙස CCl4, CS2 වැනි නිර්ධ්‍රැවීය ද්‍රාවක යොදා නොගනී. එයට හේතුව එවැනි ද්‍රාවක තුල CH3COOH ද්වි අණුක ආකාරයෙන් පැවතීමයි.එවිට එකම අණුක ආකාරයෙන් පැවතිය යුතුය යන අවශ්‍යතාවය සම්පුර්ණ නොවේ.

ද්‍රාවක නිස්සාරණය

  • ආර්ථික වටිනාකමෙන් ඉහල සංඝටක ඒවායේ ද්‍රාව්‍යතාවයේ පවතින වෙනස්කම් උපයෝගී කරගෙන ජලය සමඟ අමිශ්‍ර වාෂ්පශීලී කාබනික ස්තරයකට නිස්සාරණය කරගෙන වෙන්කොට ලබාගැනිමේ කාර්මික ක්‍රියාවලිය ද්‍රාවක නිස්සාරණයයි.
  • ඖෂධ ,විලවුන්,ක්ෂණික බීම වර්ග නිෂ්පාදන කර්මාන්ත වලදි මෙම ක්‍රමය බහුලව භාවිතා වේ.
  • ද්‍රාව්‍ය වෙන්කරගැනීමට පිටතින් යොදන ද්‍රාවකය සතුව පැවතිය යුතු ලක්ෂණ,
  1. ජලය සමඟ සම්පූර්ණයෙන්ම අමිශ්‍ර වීම
  2. සක්‍රීය සංඝටකය ජලයට වඩා හොඳින් ද්‍රාව්‍ය වීම
  3. සක්‍රීය සංඝටකය සමඟ රසායනිකව ප්‍රතික්‍රියා නොකිරීම
  4. ජලයට වඩා වාෂ්පශීලීතාවයෙන් ඉහල වීම

බහු අවස්ථාපිත නිස්සාරණය

  • වාණිජමය වටිනාකමක් සහිත සංඝටකය බාහිර ද්‍රාවකයක පරිමාව එකවිට යොදාගෙන තනි පියවරකින් නිස්සාරණය කිරීම වෙනුවට, වාර කිහිපයකදී අනුයාත නිස්සාරණ කීපයක් හරහා ලබා ගැනීමේ ක්‍රියාවලිය බහු අවස්ථාපිත ද්‍රාවක නිස්සාරණයයි .
  • එය කාර්යක්ෂම සංඝටක වෙන්කිරීමේ ශිල්ප ක්‍රමයකි.

වැඩිදුර අධ්‍යනය සදහා ,

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet