විද්‍යා අංශයජීව විද්‍යාව5.6.2 - මිනිස් ස්නායු පද්ධතියේ දල ව්‍යුහය හා කෘත්‍ය විමසා බලයි.

5.6.2 – මිනිස් ස්නායු පද්ධතියේ දල ව්‍යුහය හා කෘත්‍ය විමසා බලයි.

පාඩමේ සටහන Download කරගන්න.

 

මානව ස්නායු පද්ධතිය

 

1.මානව ස්නායු පද්ධතිය බෙදිය හැකි ප්‍රධාන කොටස් දෙක වන්නේ,

  • මධ්‍ය ස්නායු පද්ධතිය
  • පර්යන්ත ස්නායු පද්ධතිය

 

2.පෘෂ්ඨවංශීන්ගේ මධ්‍ය ස්නායු පද්ධතියට හා පර්යන්ත ස්නායු පද්ධතියට අයත් ප්‍රධාන සංරචක වෙන වෙනම දක්වන්න.

  • මධ්‍ය ස්නායු පද්ධතිය –
    •  
      • මොළය හා සුෂුම්නාව
  •  
  • පර්යන්ත ස්නායු පද්ධතිය –

      • ස්නායු (කපාල ස්නායු හා සුෂුම්නා ස්නායු) හා ගැංග්ලියා

 

 

මධ්‍ය ස්නායු පද්ධතිය

3.පෘෂ්ඨවංශීන්ගේ කලල විකසනයේදී මධ්‍ය ස්නායු පද්ධතිය විකසනය වන්නේ කුමන කොටසින්ද?

  • පෘෂ්ඨීය කුහරමය ස්නායු රැහැනෙන්

 

4.මොළයෙහි දක්නට ඇති ප්‍රධාන ප්‍රදේශ 3 වන්නේ,

  • පූර්ව මොළය
  • මධ්‍ය මොළය
  • අපර මොළය

 

Embryology

 

5.මොළයේ ඇති කෝශිකා සංඛ්‍යාව කොපමණද? ඒ අතුරින් පූර්ව මොළයේ හා අපර මොළයේ පිහිටි කෝශිකා සංඛ්‍යාවන් දක්වන්න.

  • පූර්ව මොළය – 3
  • අපර මොළය – 1

 

Ventricular System of the Brain

6.මෙම කෝශිකා හා සුෂුම්නාවේ මධ්‍ය නාලය පිරී ඇති තරලය වන්නේ,

  • මස්තිෂ්ක සුෂුම්නා තරලය

 

7.මෙම තරලයේ කෘත්‍යයන් වන්නේ,

  1. මධ්‍ය ස්නායු පද්ධතිය තුල ඒකාකාර පීඩනයක් පවත්වා ගැනීම.
  2. මොළය සහ කපාලය අතර කම්පන අවශෝෂණය කර ගැනීම.
  3. පෝෂක හා හෝර්මෝන සංසරණයට.අපද්‍රව්‍ය ඉවත් කිරීම.

 

8.යාන්ත්‍රික හානි වලින් ආරක්ෂා වීම සඳහා මධ්‍ය ස්නායු පද්ධතියේ දැකිය හැකි අනුවර්තන වන්නේ,

  • මොළය කපාලය තුළ පිහිට තිබීම.
  • සුෂුම්නාව කශේරුකාවලින් වට වී තිබීම.
  • මධ්‍ය ස්නායු පද්ධතියම මෙනින්ජිය පටල තුනකින් ආවරණය වී තිබීම.

 

9.මෙනින්ජිය පටල තුන වන්නේ,

    1. චිනාංශුකාව
    2. වරාශිකාව
    3. ජාලාකාර ද්‍රව්‍ය

 

 

මානව මොළයේ ප්‍රධාන කොටස්

10.පූර්ව මොළය, මධ්‍ය මොළය හා අපර මොළයෙන් විකසනය වන සුහුඹුල් මොළයේ කොටස් වෙන් කර දක්වන්න.

  • පූර්ව මොළයෙන්:
      • මස්තිෂ්කය
      • තැලමස
      • හයිපොතැලමස
      • කේතු දේහය

 

  • මධ්‍ය මොළයෙන්: 

      • මස්තිෂ්ක වෘන්තයේ කොටසක්
 

 

  • අපර මොළයෙන්:

      • අනුමස්තිෂ්කය
      • වැරෝලි සේතුව
      • සුෂුම්නා ශීර්ෂකය
 

 

11.මස්තිෂ්ක වෘන්තයට අයත් කොටස් වන්නේ,

  • මධ්‍ය මොළය
  • වැරෝලි සේතුව
  • සුෂුම්නා ශීර්ෂකය

 

12.මිනිස් මොළයේ විශාලතම කොටස වන්නේ,

  • මස්තිෂ්කය.

 

13.මස්තිෂ්කයේ ශ්වේත ද්‍රව්‍ය හා ධූසර ද්‍රව්‍ය වල පිහිටීම විස්තර කරන්න.

  • මස්තිෂ්කයේ මතුපිට ප්‍රදේශය, එනම් මස්තිෂ්ක බාහිකය ධූසර ද්‍රව්‍ය වලින් ද , ගැඹුරු ස්තර ශ්වේත ද්‍රව්‍ය වලින් ද සැදී ඇත.

 

14.මස්තිෂ්ක අර්ධගෝල දෙක එකිනෙක සම්බන්ධ කරන ව්‍යුහය වන්නේ,

  • කැලෝස දේහය

The four major regions of the brain | Human Anatomy and Physiology Lab (BSB  141)

15.මස්තිෂ්ක අර්ධගෝල වල මස්තිෂ්ක බාහිකය බෙදෙන ප්‍රධාන ඛණ්ඩිකා 4 වන්නේ,

  1. ලලාට ඛණ්ඩිකාව
  2. ශංඛක ඛණ්ඩිකාව
  3. පාර්ශ්වික ඛණ්ඩිකාව
  4. අපර කපාල ඛණ්ඩිකාව

Pin on brain

 

16.මස්තිෂ්ක බාහිකයේ ඇති ප්‍රධාන ක්‍රියාකාරී ප්‍රදේශ 3 වන්නේ,

  1. සංවේදක ප්‍රදේශ
  2. සංගාමි ප්‍රදේශ
  3. චාලක ප්‍රදේශ

 

17.එම එක් එක් ක්‍රියාකාරී ප්‍රදේශවල ප්‍රධාන කෘත්‍යයන් වෙන වෙනම දක්වන්න.

  • සංවේදක ප්‍රදේශය
    •  
      • වේදනාව, උෂ්ණත්වය, ස්පර්ශය, දෘෂ්ටිය, ශ්‍රවණය, රස හා ආඝ්‍රාණ ප්‍රතිග්‍රහණය ඇතුළුව සංවේදන පිලිබඳ තොරතුරු ලබා ගැනීම සහ සැකසීම.
  •  
  • සංගාමි ප්‍රදේශය
        • සංවේදනය පිලිබඳ තොරතුරු හඳුනා ගැනීම හා අර්ථකථනය. මතකය, බුද්ධිමත් භාවය, හේතු දැක්වීම, විනිශ්චය හා චිත්තවේග වැනි සංකීර්ණ මානසික ක්‍රියාවලි සමෝධානය හා සංකලනය.

     

    • චාලක ප්‍රදේශය

        • ඉච්ඡානුග පේශි සංකෝචනය ආරම්භය හා පාලනය මගින් කංකාල පේශි චලනය දිශානත කිරීම.

     

    Functional Systems of the Cerebral Cortex | Boundless Anatomy and Physiology

     

    18.තැලමසයෙහි පිහිටීම දක්වන්න.

    • මස්තිෂ්ක අර්ධගෝල තුළ කැලෝස දේහයට වහාම පහලින්.

     

    19.තැලමසයෙහි කෘත්‍යය වන්නේ,

    • විශේෂ සංවේදක අවයව‚ සමේ සහ අත්‍යවශ්‍ය සංවේදක අවයව වල පිහිටි සංවේදන ප්‍රතිග්‍රාහක වලින් පැමිණෙන සංවේදන ලබා ගන්නා ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කිරීම.
    • වැඩිදුර සැකසීම හා සංජානනය සඳහා සංවේදන තොරතුරු තෝරා බේරා ගැනීම.
    • ඒවා මස්තිෂ්ක බාහිකයේ අදාළ විශේෂ ස්ථාන කරා යොමු කිරීම.

     

    The Thalamus as a Biomarker in Neurodegenerative Disorders - AnalyzeDirect

     

    20.හයිපොතැලමසයෙහි පිහිටීම වන්නේ,

    • තැලමසට ඉදිරියෙන් හා පහළින්ද, පිටියුටරි ග්‍රන්ථියට වහාම ඉහළින් ද පිහිටයි.

     

    21.එය පිටියුටරියේ අපර ඛණ්ඩිකාවට හා පූර්ව ඛණ්ඩිකාවට සම්බන්ධ වන්නේ කෙසේද?

    • අපර ඛණ්ඩිකාවට: ස්නායු තන්තු මගින්
    • පූර්ව ඛණ්ඩිකාවට: සංකීර්ණ රුධිර නාල පද්ධතියක් මගින්.

     

    Thalamus and Hypothalamus - Brain Components

    612 Hypothalamus Illustrations & Clip Art - iStock

     

    22.හයිපොතැලමසයෙහි කෘත්‍යයන් වන්නේ,

    1. දේහ උෂ්ණත්වය යාමනය
    2. පිපාසය හා ජල තුල්‍යතාවය යාමනය
    3. ආහාර රුචිය යාමනය
    4. නින්ද හා අවදි වීමේ චක්‍ර යාමනය
    5. ලිංගික හැසිරීම් හා සම්බන්ධ කාර්යයන් ඉටු කිරීම
    6. පහර දීමේ හෝ පලා යෑමේ ප්‍රතිචාර ආරම්භය
    7. පූර්ව පිටියුටරිය මත ක්‍රියා කරන හෝමෝන නිදහස් කිරීම හා අපර පිටියුටරි හෝමෝන නිපදවීම
    8. ස්වයංසාධන ස්නායු පද්ධති පාලනය

     

    23.මධ්‍ය මොළයේ පිහිටීම වන්නේ,

    • මස්තිෂ්කය හා වැරෝලි සේතුව අතර මස්තිෂ්කයට පහළින් හා වැරෝලි සේතුවට ඉහළින්, තුන් වන හා හතරවන මස්තිෂ්ක කෝෂිකා සම්බන්ධ කරන මස්තිෂ්ක සුෂුම්නා තරලය වටා පිහිටයි.

     

    24.මධ්‍ය මොළයේ කෘත්‍යයන් වන්නේ,

    • ආරෝහණ හා අවරෝහණ ස්නායු තන්තු හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීම.
    • සංවේදක තොරතුරු ලබා ගැනීම සහ සංකලනය හා පූර්ව මොළයේ අදාළ ස්ථාන කරා ඒවා යොමු කිරීම.
    • දෘෂ්ටි හා ශ්‍රවණ ප්‍රතීක සමායෝජනය.

     

    Midbrain Anatomy , external and internal features, arterial supply and  lesions , Anatomy QA

     

    25.වැරෝලි සේතුවේ පිහිටීම වන්නේ,

    • මධ්‍ය මස්තිෂ්කයට පහලින් හා සුෂුම්නා ශිර්ෂකයට ඉහලින් අනුමස්තිෂ්කය ඉදිරියේ පිහිටා ඇත.

     

    26.ශ්වසන යාමක මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මස්තිෂ්කයේ කුමන කොටසෙහිද?

    • වැරෝලි සේතුවේ

     

    27.වැරෝලි සේතුවේ කෘත්‍යයන් වන්නේ,

    • පූර්ව මොළය, මධ්‍ය මොළය හා පර්යන්ත ස්නායු පද්ධතිය අතර තොරතුරු සම්ප්‍රේෂණය.
    • දිවීම හා නැගීම වැනි විශාල පරිමාණයෙන් සිදු වන දේහ චලන සමායෝජනය
    • සුෂුම්නා ශීර්ෂකයේ දායකත්වය ද ඇතිව ශ්වසන ක්‍රියාවලිය යාමනයට දායක වීම.

     

    Medulla oblongata - Wikipedia

     

    28.සුෂුම්නා ශීර්ෂකයේ පිහිටි වැදගත් මධ්‍යස්ථාන තුන වන්නේ,

    1. හෘත් සනාල මධ්‍යස්ථානය
    2. ශ්වසන මධ්‍යස්ථානය
    3. ප්‍රතීක මධ්‍යස්ථානය

     

    29.සුෂුම්නා ශීර්ෂකයේ කෘත්‍යයන් වන්නේ,

    1. පර්යන්ත ස්නායු පද්ධතිය, මධ්‍ය මොළය හා පූර්ව මොළය අතර තොරතුරු හුවමාරු කිරීම.
    2. දිවීම, නැගීම වැනි විවිධ දේහ චලන සමායෝජනය කිරීම.
    3. හුස්ම ගැනීම, හෘදය හා රුධිර වාහිනී ක්‍රියාකාරිත්වය වැනි විවිධ ස්වයංසාධක සමස්තිථික ක්‍රියා පාලනය කිරීම.
    4. ප්‍රතීක මධ්‍යස්ථාන හරහා වමනය, කැස්ස, කිවිසීම වැනි අනිච්ඡානුග ප්‍රතීක ක්‍රියා පාලනය කිරීම.

     

     

    30.අනුමස්තිෂ්කයේ පිහිටීම දක්වන්න.

    • වැරෝලි සේතුවට පිටුපසින් හා මස්තිෂ්කයේ අපර කොටසට පහළින්

     

    31.අනුමස්තිෂ්කයේ කෘත්‍යයන් වන්නේ,

    • කංකාල පේශි චලන සමායෝජනය
    • ඉරියව්ව හා සමබරතාව පවත්වා ගැනීම.
    • චාලක හැකියා ඉගෙනීමට හා මතක තබා ගැනීමට උපකාරී වීම.

     

    32.සුෂුම්නාවේ ශ්වේත ද්‍රව්‍ය හා ධූසර ද්‍රව්‍ය වල පිහිටීම විස්තර කරන්න.

    • සුෂුම්නාව මධ්‍යයේ, මධ්‍ය නාලය වටා ධුසර ද්‍රව්‍ය ද, බාහිර ප්‍රදේශයේ ශ්වේත ද්‍රව්‍ය ද පිහිටයි.

     

    33.සුෂුම්නාවේ කෘත්‍යයන් වන්නේ,

    • මධ්‍ය ස්නායු පද්ධතිය සංවේදක හා චාලක නියුරෝනවලට සම්බන්ධ කරන අතර, මොළය දෙසට හා ඉන් ඉවතට ආවේග ප්‍රචාරණය සඳහා පහසුකම් සපයයි.
    • ප්‍රතීක ඇති කරයි. සමායෝජනය කරයි.

     

     

    පර්යන්ත ස්නායු පද්ධතිය

    34.පර්යන්ත ස්නායු පද්ධතියට අයත් වන්නේ මොනවාද?

    • කපාල ස්නායු
    • සුෂුම්නා ස්නායු
    • ගැංග්ලියා (ස්වයං සාධක ස්නායු පද්ධතිය)

     

    Presentation Name by naiya278 on emaze

     

    35.පර්යන්ත ස්නායු පද්ධතියේ කෘත්‍ය කුමක්ද?

    • ජීවීන්ගේ චලන හා ඔවුන්ගේ අභ්‍යන්තර පරිසරය යාමනය කරමින් මධ්‍ය ස්නායු පද්ධතිය දෙසට හා ඉන් ඉවතට ආවේග සම්ප්‍රේෂණය.

     

    36.සංවේදක ප්‍රතිග්‍රාහකවල සිට මධ්‍ය ස්නායු පද්ධතියට තොරතුරු රැගෙන යනු ලබන්නේ,

    • අභිවාහි නියුරෝන (සංවේදක නියුරෝන ) මගිනි.

     

    37.මධ්‍ය ස්නායු පද්ධතිය මගින් සැකසුමෙන් අනතුරුව සකසන ලද තොරතුරු කාරක පටක /අවයව (පේශි, ග්‍රන්ථි හෝ අන්තරාසර්ග සෛල )වෙත සම්ප්‍රේෂණය කරනු ලබන්නේ,

    • අපවාහි නියුරෝන මගිනි.

     

    Pin on *Brainy/ interesting IDK

    38.පර්යන්ත ස්නායු පද්ධතියේ අපවාහී සංරචක 2 නම් කරන්න.

    • චාලක පද්ධතිය – කංකාල පේශි වෙත ස්නායු ආවේග ගෙන යයි. ඉච්ඡානුග ක්‍රියා පාලනය කරයි.
    • ස්වයංසාධක ස්නායු පද්ධතිය – සිනිඳු පේශි, හෘද් පේශි හා ග්‍රන්ථි වල ක්‍රියාවලි පාලනය කරයි. අනිච්ඡානුග ක්‍රියා පාලනය කරයි.

     

    39.ස්වයං සාධක ස්නායු පද්ධතියේ ප්‍රධාන කොටස් 2 නම් කරන්න.

    • අනුවේගී කොටස.
    • ප්‍රත්‍යානුවේගී කොටස.

     

    40.අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධති වෙනස් වන්නේ කිනම් කරුණු මත ද?

    • ක්‍රියාවලිය, සංවිධානය, නිකුත් කරන සංඥා මත.

     

    41.අනුවේගී හා ප්‍රත්‍යානුවේගී පද්ධති අතර වෙනස්කම් මොනවාද ?

      • අනුවේගී පද්ධතිය මගින් උද්දීපනය වූ පීඩාකාරී අවස්ථා හා ශක්ති උත්පාදනය කිරිමේ තත්ත්ව වලට (සටන් වැදීම හෝ පලායාම) දේහය සූදානම් කරන අතර ප්‍රත්‍යානුවේගී පද්ධතිය දේහය සන්සුන් බවට පත් කිරීම සිදුකරයි.
      • ප්‍රත්‍යානුවේගී ස්නායු මොළයේ පාදස්ථයෙන් හෝ සුෂුම්නාවෙන් පිළිවෙලින් කපාල හෝ සුෂුම්නා ස්නායු ලෙස පිටවන අතර අනුවේගී ස්නායු නිකුත් වනුයේ සුෂුම්නාවෙන් පමණි.
      • පද්ධති දෙක වෙනස් ස්නායු සම්ප්‍රේෂක භාවිතා කිරිම.

    උදා : –

    ප්‍රත්‍යානුවේගී පද්ධතිය – ඇසිටැල්කෝලීන්

    අනුවේගී පද්ධතිය – නොඑපිනෙප්‍රින්

     

    42.ප්‍රත්‍යානුවේගී හා අනුවේගී පද්ධති, විවිධ අභ්‍යන්තර අවයව මත ක්‍රියා කරන ආකාරය වගුගත කරන්න.

    ප්‍රත්‍යානුවේගී පද්ධතිය

    අනුවේගී පද්ධතිය

    1. ඇසේ කණිනිකාව සංකෝචනය.
    2. ඛේට ග්‍රන්ථි ස්‍රාව උත්තේජනය.
    3. පෙනහැලි තුළ ඇති ශ්වාසනාලිකා සංකෝචනය.
    4. හෘත්ස්පන්දන වේගය අඩුවේ
    5. ආමාශයේ සහ ක්ෂුද්‍රාන්ත්‍රයේ ක්‍රියාවලි උත්තේජනය.
    6. අග්න්‍යාශයේ ක්‍රියාවලි උත්තේජනය
    7. පිත්තාශයේ ක්‍රියාවලි උත්තේජනය.
    8. මුත්‍රාශය හිස් වීම දිරිගන්වයි
    9. ලිංගේන්ද්‍රයන් උද්ගමනය වීම දිරිගන්වයි.
    1. ඇසේ කණිනිකාව විස්තාරණය.
    2. ඛේට ග්‍රන්ථි ස්‍රාවය නිශේධනය.
    3. පෙනහැලි තුළ ශ්වාසනාලිකා ඉහිල් වීම.
    4. හෘත්ස්පන්දන වේගය වැඩි කිරීම.
    5. ආමාශයේ හා අන්ත්‍රයේ ක්‍රියාවලි නිෂේධනය.
    6. අග්න්‍යාශයේ ක්‍රියාවලි නිෂේධනය
    7. පිත්තාශය නිෂේධනය.
    8. ආමාශයේ ග්ලූකෝස් නිදහස් වීම උත්තේජනය
    9. අධිවෘක්ක බාහිකය නිෂේධනය.
    10. මුත්‍රාශය හිස් වීම නිෂේධනය

     

    Nervous System Realistic Chart Stock Vector - Illustration of bladder,  infochart: 179551587

     

     

     

    ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

    Back
    WhatsApp Chat - LearnSteer EduTalk 🔥
    Telegram Channel - LearnSteer EduTalk 🔥
    Send us a private message.
    LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
    hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom