පරිපූර්ණ ද්‍රාවණ සහ රවුල් නියමය.
- A හා B වාෂ්පශීලී ද්‍රව 2ක් සලකමු. තෝරාගත් උෂ්ණත්වයකදී A අණු අතර F(A-A) ද,B අණු අතර F(B-B) ද වශයෙන් වැන්ඩවාල්ස් බල පවති. A හා B මිශ්‍ර කිරීමෙන් ලැබෙන A/B ද්වයංගී ද්‍රාවණයේ A ,B අතර F(A-B) වැන්ඩවාල්ස් බල ඇතිවේ.
- මෙම F(A-A) =F(B-B) = F(A-B) වන ද්‍රාවණයක් පරිපූර්ණ ද්‍රාවණයක් ලෙස අර්ථ දැක්විය හැකිය.
පරිපූර්ණ ද්‍රවණ යනු සෛද්ධාන්තික සංකල්පයකි.ආසන්න වශයෙන් පමණක් පරිපූර්ණ වන ද්‍රාවණ පමණක් ස්වභාවිකව හමුවේ.
උදා :-
1.බෙන්සීන් හා ටොලුයීන්
2.හෙක්සේන් හා හෙප්ටේන්
- මෙවැනි පරිපූර්ණ ද්‍රාවණ 2ක් එකිනෙක මිශ්‍ර කල විටද සංශුද්ධව පැවති විට තිබූ ආකාරයේම ස්වාධීන හැසිරීමක් දක්වයි.
- බන්ධන ශක්තීන් සර්වසම බැවින් එන්තැල්පි විපර්‍යාසය ශුන්‍ය වේ.
රවුල් නියමය
පරිපූර්ණ ද්‍රාවණයක දෙන ලද සංරචකයක ආංශික පීඩනය, නියත උෂ්ණත්වයේදී ඒ සංරචකයේ සංශුද්ධ වාෂ්ප පීඩනයේත්, ද්‍රව කලාපයේ මවුල භාගයේත් ගුණිතයට සමාන වේ.
- සලකනු ලබන උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩන පිළිවෙලින් PoA හා PoB වන A හා B මිශ්‍ර කිරීමෙන් සාදාගත් කලාප සමතුලිතතාවයේ පවතින පද්ධතියක් සලකමු.
- XA හා XB මඟින් ද්‍රව කලාපය තුල මවුල භාගයද PA හා PB මඟින් වාෂ්ප කලාපයේ ආංශික පීඩනද දැක්වේ නම්,
A වාෂ්පයට අදාලව,
\begin{array}{l}A_{(l)}\overset{R_f}{\underset{R_b}\rightleftharpoons}A_{(g)}\\\\\\\;\;\;\;\\\end{array}
- ඉදිරි හා පසු ප්‍රතික්‍රියාවල සීඝ්‍රතා,
\begin{array}{rcl}R_f&=&K_f\left[A_{(l)}\right]\\R_b&=&K_b\left[A_{(g)}\right]\\&&\end{array}
- නමුත් සමතුලිතතාවයේදී,
\begin{array}{rcl}R_f&=&R_b\\K_f\left[A_{(l)}\right]&=&K_b\left[A_{(g)}\right]\;\cdots\cdots\cdots\cdots\cdots\cdots(01)\\&&\\&&\\&&\\&&\\&&\\&&\end{array}
- වායු කලාපය පරිපූර්ණ ලෙස හැසිරෙන බව උපකල්පනය කල විට
\begin{array}{rcl}P&=&CRT\\P_A&=&K^\iota\left[A_{(l)}\right]\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;K^\iota=RT\\\left[A_{(g)}\right]&=&\frac{P_A}{K^\iota}\\R_b&=&\frac{K_bP_A}{K^\iota}\;\cdots\cdots\cdots\cdots\cdots\cdots\cdots\cdots\;(02)\\&&\\&&\\&&\end{array}
- ද්‍රව කලාපය සැලකූ විට, ද්‍රව කලාපය තුල යම් සංඝටකයක මවුල භාගය ද්‍රව කලාපයේදී එහි සාන්ද්‍රණයට සමානුපාතික වන නිසා,
\begin{array}{l}\left[A_{(l)}\right]=K^{\iota\iota}X_{A\;}\cdots\cdots\cdots\cdots\cdots\cdots\cdots(03)\\\;\;\;\;\\\end{array}
(01) , (02) හා (03) න්
\begin{array}{rcl}K_fK^{\iota\iota}X_A&=&\frac{K_bP_A}{K^\iota}\\\frac{K_fK^{\iota\iota}X_AK^\iota}{K_b}&=&P_A\\P_A&=&KX_A\cdots\cdots\cdots\cdots\cdots\cdots\cdots\;(04)\\&&\\&&\\&&\\&&\end{array}
- ද්‍රව කලාපයේ පවතින්නේ A පමණයි නම් XA = 1 වේ.එවිට,
K = PoA නිසා,
\begin{array}{rcl}P_A&=&{P^o}_A\times X_A\\&&\\&&\\&&\\&&\\&&\\&&\end{array}
සහ B සංඝටකයට
\begin{array}{rcl}P_B&=&{P^o}_B\times X_B\\&&\\&&\\&&\\&&\\&&\\&&\end{array}
රවුල් නියමයේ විකල්ප ආකාරය
\begin{array}{rcl}\text{A හි වාෂ්ප පීඩනය අඩුවීම}&=&{P^o}_A-P_A\\&=&{P^o}_A-{P^o}_A\times X_A\;\\&=&{P^o}_A\left(1-X_A\right)\\&=&{P^o}_A\times X_B\\&&\\X_B&=&\frac{{P^o}_A\left(1-X_A\right)}{{P^o}_A}\;\;සහ\;\;X_A=\frac{{P^o}_B\left(1-X_B\right)}{{P^o}_B}\\&&\\&&\\&&\\&&\\&&\end{array}
- මේ අනුව දෙන ලද උෂ්ණත්වයකදී වායු කලාපය තුළ සිදුවන සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය අනෙක් සංඝටකයේ ද්‍රව කලාපයේ මවුල භාගයට සමාන වේ.
- රවුල් නියමයත් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයත් යන දෙකම භාවිතයෙන් වායු කලාපයේ එක් එක් සංඝටකයන්හි මවුල භාගය සඳහා පහත පරිදි ප්‍රකාශනයක් ගොඩනගාගත හැකියි.
- වාෂ්ප කලාපයේ මුලු පීඩනය P හා වාෂ්ප කලාපයේ A හා B මවුල භාග පිළිවෙලින් YA හා YB නම්,
\begin{array}{rcl}P_A&=&Y_A\times P\\{P^o}_AX_A&=&\left({P^o}_AX_A+{P^o}_BX_B\right)Y_A\\&&\\&&\\&&\\&&\\&&\end{array}
එමනිසා,
\begin{array}{l}Y_A=\;\frac{{P^o}_AX_A}{{P^o}_AX_A+{P^o}_BX_B}\;\text{හා}\\Y_B=\;\frac{{P^o}_BX_B}{{P^o}_AX_A+{P^o}_BX_B}\;\text{වේ.}\end{array}
රවුල් නියමය පිළිපැදීමේදී තිබිය යුතු අවශ්‍යතා
- නියත උෂ්ණත්වයක පැවතිය යුතුය.
- ද්‍රාවණ පරිපූර්ණ තත්වයේ පැවතිය යුතුය.
- ද්‍රවණ වල අයන නොතිබිය යුතුය.
- ද්‍රව හා වාෂ්ප අතර ගතික සමතුලිතතාවය පැවතිය යුතුය.
වැඩිදුර අධ්‍යනය සදහා ,
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.
thank you soo much;; soo helpful