විද්‍යා අංශයභෞතික විද්‍යාව05.02- සූර්යයා වටා ග්‍රහ වස්තුවල චලිතය සහ ගුරුත්වජ විභවය

05.02- සූර්යයා වටා ග්‍රහ වස්තුවල චලිතය සහ ගුරුත්වජ විභවය

සූර්යයා වටා ග්‍රහ වස්තුවල චලිතය

සූර්‍යයා වටා ග්‍රහ වස්තුවල චලිතය දීර්ඝ වශයෙන් අධ්‍යනය කර කෙප්ලර් නම් වූ විද්‍යාඥයා විසින් පහත දැක්වෙන නියම තුන ප්‍රකාශයට පත් කරන ලදි.මේවා කෙප්ලර් නියම නම් වේ.

  1. සූර්‍යයා එක් නාභියක පිහිටන සේ සියළුම ග්‍රහ වස්තු ඉලිප්සාකාර කක්ෂ වල ගමන් කරයි.
  2. සූර්‍යයාත් ග්‍රහ වස්තුවත් යා කරන රේඛාව සමාන කාලාන්තර වලදී සමාන වර්ගඵල කපාහරී.
  3. ග්‍රහ වස්තුවේ පරිභ්‍රමණ ආවර්ත කාලයේ වර්ගය එය සූර්‍යයාට ඇති දුරෙහි තුන් වන බලයට අනුලෝමව සමානුපාතිකය.
\begin{array}{rcl}T^2\;\propto\;R^3\end{array}
  • කක්ෂය ආසන්නව වෘත්තාකාර යැයි උපකල්පනය කිරීමෙන් ඉහත කෙප්ලර්ගේ තුන්වන නියමය ඔප්පු කල හැකිය.
  • ස්කන්ධය M හා අරය r වන සූර්‍යයා වටා අරය R වන වෘත්තාකාර පථයක v වේගයෙන් ගමන් කරන ස්කන්ධය

m වන ග්‍රහවස්තුවක් සළකන්න.

  • කේන්ද්‍ර අභිසාරීබලය සපයන්නේ ගුරුත්වාකර්ෂණ බලය(සූර්‍යයා හා ග්‍රහ වස්තු අතර ඇතිවන) මගිනි.
\begin{array}{rcl}\mathrm{mω}^2\mathrm R\;&=&\;\frac{\mathrm{GMm}}{\mathrm R^2}\\(\frac{2\mathrm\pi}{\mathrm T})^2\mathrm R\;&=&\frac{\mathrm{GM}}{\mathrm R^2}\;\\\frac{4\mathrm\pi^2}{\mathrm T^2}&=&\frac{\mathrm{GM}}{\mathrm R^3}\\\mathrm T^2&=&\frac{4\mathrm\pi^2}{\mathrm{GM}}.\mathrm R^3\\\mathrm T^2&\propto&\mathrm R^3\\&&\\&&\end{array}

\begin{array}{rcl}&&\frac{4\mathrm\pi^2}{\mathrm{GM}}\end{array}යන්න නියත නිසා,

ගුරුත්වජ විභවය

  • ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක පිහිටි ලක්ෂයක ගුරුත්වජ විභවය යනු අනන්තයේ සිට එම ලක්ෂය වෙත ඒකක ස්කන්ධයක් ගෙන ඒමේදී කළ යුතු කාර්යයයි.
  1. M ලක්ෂීය ස්කන්ධයකට r දුරින් පිහිටි ලක්ෂයක ගුරුත්වජ විභවය

  • P හි ගුරුත්වජ විභවය අර්ථ දැක්වීමට අනුව,
    අනන්තයේ සිට ඒකක ස්කන්ධයක් P වෙත ගෙනේමේදි කරන කාර්යය අනුකලනය කිරීම මඟින්,
V\;=\;-\;G\dfrac{M}{r}

  • අනන්තයේදී ගුරුත්වාකර්ෂණ විභවය උපරිම වන අතර එය ශුන්‍යයකි.
  • ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය තුළ වූ අනෙක් ඕනෑම ලක්ෂ්‍යයක විභවය අනන්තයේ විභවයට වඩා අඩු අගයකි.

  1. පෘථිවි පෘෂ්ඨය අසල ගුරුත්වජ විභවය

  • පෘථිවිය ඒකාකාර ඝන ගෝලයක් ලෙස සැලකුවහොත් එහි ස්කන්ධ කේන්ද්‍රය O හි පිහිටයි. එමනිසා P වැනි බාහිර ලක්ෂ්‍යයක ගුරුත්වජ විභවය,
\begin{array}{rcl}\mathrm V&=&-\frac{\mathrm{GM}}{\mathrm r}\end{array}
  • මෙසේම Q වැනි පෘෂ්ඨය මත ලක්ෂයකදී ගුරුත්වජ විභවය,
\begin{array}{rcl}\mathrm V&=&-\frac{\mathrm{GM}}{\mathrm R}\end{array}
  • m ස්කන්ධයක් අනන්තයේ සිට P ලක්ෂයට ගෙන ඒමට කල යුතු කාර්‍යය,
\begin{array}{rcl}\mathrm W&=&\mathrm m.\mathrm V\\\;\;\;\;\;\mathrm W&=&-\frac{\mathrm{GMm}}{\mathrm r}\;\;\;\;\\&&\end{array}
  • මෙය m හි ගුරුත්වජ විභව ශක්තිය නම් වේ.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom