ව්‍යාපාර අධ්‍යනය05.01 - ව්‍යවසායකත්වය හැදින්වීම

05.01 – ව්‍යවසායකත්වය හැදින්වීම

ව්‍යවසායකත්වය හැදින්වීම

මිනිස් අවශ්‍යතා හා වුවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාර අවස්ථා මතු කරමින් අවදානම් කළමණාකරණය කරමින් කෙරෙන නව්‍යතා සම්පාදන ක්‍රියාවලිය ව්‍යවසායකත්වය යි.

පරිසර අවස්ථා නිර්මාණශීලීව උකහා ගනිමින් අවදානමක් දරා නවෝත්පාදන බිහි කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වයයි.

 

ව්‍යවසායකත්වය පිළිබඳ ව ඉදිරිපත් කර ඇති නිර්වචන

“අවස්ථාවක් උදාකර ගෙන ඉන් ප්‍රයෝජන ගැනීමට සංවිධානයක් නිර්මාණය කරගන්නා ව්‍යවසායකයෙකි. අවස්ථා උදාකර ගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා සංවිධාන නිර්මාණය කිරීමේදී සම්බන්ධ වන සියලු කටයුතු සහ කාර්ය ව්‍යවසායකත්ව ක්‍රියාවලියට ඇතුලත් වේ.”

                                                                                         -විලියම් ඩී. බයිග්‍රේට්-

“නව භාණ්ඩ හා සේවා හදුන්වා දීමෙන් හෝ නව සංවිධාන ක්‍රම නිර්මාණය කිරීමෙන් හෝ නව අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙන් හෝ පවත්නා අර්ථ ක්‍රමය වෙනස් කිරිමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වයයි.”

                                                                                         -ජෝෂප් ෂුම් පිටර්-

“ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම ව්‍යවසායකත්වයයි.”

                                                                                         -ඔක්ස්වර්ඩ් ශබ්දකෝෂය-

“අවිනිශ්චිතතාවලට මුහුණ දීම ව්‍යවසායකත්වයයි”

                                                                                         -රිචඩ් නැන්ට්නට්-

ව්‍යවසායකත්ව සංකල්පයේ විකාශනය

ව්‍යවසායකත්වය සඳහා යෙදෙන “Entrepreneur” යන ඉංග්‍රිසි වදන ප්‍රංශ භාෂාවේ “Entreprender” යන වචනයෙන් බිදී ආ පදයකි. එහි අර්ථය වුයේ යමක් භාරගන්නා හෝ පවරාගන්නා යන්නයි.

ඒ අනුව ව්‍යවසායකත්වයේ මුලික ලක්ෂණ ලෙස අවදානම් දැරීම ඉස්මතු කොට ඇත. 18 හා 19 වන සියවස් වල විසු ආර්ථික විද්‍යාඥයින් බොහෝ දෙනෙක් ව්‍යවසායකත්වය හැදින්වුයේ ශ්‍රමය, භූමිය හා ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක සංයෝග කිරීමේ ක්‍රියාවලිය ලෙසය.

ජෝශප් සුම්ෂිටර් නම් ආර්ථික විද්‍යාඥයා නවොත්පාදනය තුළින් ආර්ථිකයක ව්‍යවසායකත්ව භූමිකාව අවධාරණය කරන ලදි.

නිර්මාණශීලීත්වය හා නව්‍ය සම්පාදනය

පවතින දේට වඩා අලුත් දෙයක් නිපදවීමේ හැකියාව පවත්නා තත්ත්වයට වඩා උසස් ආකාරයෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව නිර්මාණශීලීත්වයයි.

එනම් අලුත් අදහසක් වර්ධනය කර ගැනීමේ හැකියාවයි.

අලුත්ම දෙයක් නිපදවීම නව්‍යතා සම්පාදනයයි. පවත්නා තත්ත්වයට වඩා උසස් ආකාරයෙන් භාණ්ඩ හා සේවා බිහි කිරීම නවෝත්පාදනයයි.

එනම් බුද්ධිමය ස්වරූපයෙන් නව වත්කම් නිර්මාණය කිරීමයි.

මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ නවෝත්පාදන හා නිර්මාණශීලිත්වය යනු එකම අදහස නොවන බවයි.

ව්‍යවසායකත්වය හා ව්‍යාපාර අතර ඇති සම්බන්ධතාව

මිනිස් අවශ්‍යතා හා වුවමනා හඳුනා ගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා අවදානම් කළමනාකරණය හා නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වය ලෙස හැදින්වේ.

මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිශ්පාදනය කිරීම, බෙදාහැරීම හා ඊට අනුබද්ධ කටයුතු ව්‍යාපාර ලෙස පුළුල්ව විග්‍රහ කළ හැකිය.

මේ අනුව ව්‍යවසායකත්වය තුළින් දල ව්‍යාපාර විසින් ද මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිපදවීම හා ඒ ආශ්‍රිත සේවාවල නිරත වේ.

නමුත් ව්‍යාපාරවලට සාපේක්ෂව ව්‍යවසායකත්වය විසින් ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමල අවදානම් කළමණාකරණය හා නව්‍යතා සම්පාදනය යන කටයුතුවලද නිරත වේ.

මේ අනුව සියලු ව්‍යවසාය ව්‍යාපාර වන අතර සියලු ව්‍යාපාර ව්‍යවසායන් නොවන බවද පැහැදිලි වේ. එසේම ව්‍යවසායකත්වයේ අවසාන ප්‍රතිඵලය ව්‍යාපාර ලෙස හැදින්විය හැකිය.

අවදානම හා ව්‍යවසායකත්වය

ව්‍යවසායකත්වයේදීි ‘ව්‍යාපාර අවදානම’ යනු,

ආරම්භ කරන ව්‍යාපාරය සාර්ථක වීමට සහ අසාර්ථක වීමට ඇති අවිනිශ්චිතතාවයයි.

ව්‍යවසායකයා අවදානම් දරන්නේ ද නැද්ද යන්න මතභේදයට ලක් වු කරුණකි. සමහර විශේෂඥයින් විසින් ව්‍යවසායකත්වය අවදානම් දැරීම ව්‍යවසායකයකුට වැදගත් මුලිකාංගයක් ලෙස සඳහන් කර ඇත.

Knight සඳහන් කරන පරිදි ව්‍යවසායකයා සංඛ්‍යාත්මකව ගණනය කිරීමට අපහසු අවදානම් දරයි. ෂුම්පීටර් ව්‍යවසායකයා අවදානම් දරන්නෙකු ලෙස පිළිනොගනී. ඔහු ප්‍රකාශ කරන්නේ අවදානම් දරන්නේ ධනවාදී ව්‍යාපාරිකයන් බවයි.

බොහෝ ව්‍යවසායකයින් මෙසේ ප්‍රකාශ කර ඇත.

“අවදානම් සහ ප්‍රතිලාභ පිළිබඳව මාගේ අදහස වන්නේ ප්‍රතිලාභ මා විසින් අත්පත් කර ගැනීමත් වෙනත් අය අවදානම් දරනු ලැබීමත් යන්නය”

ව්‍යවසාය ව්‍යාපාරයක දැකිය හැකි ගති ලක්ෂණ

  • ලාභ ලැබීම හෝ ලාභ නොයිපයීමයි.
  • සුළු පරිමාණ හෝ මහා පරිමාණ විය හැකිය.
  • අවශ්‍යතා ඉටු කිරීමට නව නිෂ්පාදිතයක් හෝ නිෂ්පාදන බිහි කිරිම.

ව්‍යවසායකත්වයේ අවශ්‍යතාව හා වැදගත්කම

  • වේගයෙන් වෙනස්වන ලෝකයේ වෙනස්වීම්වලට ප්‍රතික්‍රියා දැක්විය හැකි නව්‍යතා සෙවිය හැකි ව්‍යවසායකයන්ගේ දැඩි අවශ්‍යතාවයක් මතුවීම.
  • තරඟකාරී ව්‍යාපාර ලෝකය තුල රැඳී සිටීම සඳහා නවෝත්පාදන බිහි කිරීමේ අවශ්‍යතා පැවතීම.
  • දිනෙන් දින වෙනස්වන තාක්ෂණය හමුවේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමේ අවශ්‍යතාව
  • රැකියා නිර්මාණය කිරීමට
  • ජීවන තත්ත්වය උසස් කිරීමට
  • තිරසර ආර්ථික සංවර්ධනයට

ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ

පුද්ගල ප්‍රතිලාභ

  • පුද්ගල හැකියාවලින් ප්‍රයෝජන ගැනීමට ඉඩ ප්‍රස්ථා ලැබීම.
  • ඉහළ කැපවීම මත ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකි වීම.
  • සමාජ තත්ත්වය හා පිළිගැනීම ඇති වීම.
  • ආත්ම තෘප්තිය ලැබීම
  • පෞද්ගලික මුල්‍යමය ලාභ ලැබීම.

ආයතනික ප්‍රතිලාභ

  • තරඟකාරීත්වයට මුහුණදීමට පහසු වීම
  • ව්‍යාපාර කටයුතු පුඑල් වීම
  • අඛණ්ඩව වර්ධනය වීම.
  • වෙළඳපොළ කොටස පුඑල් වීම.
  • කර්මාන්ත තුළ විශිෂ්ඨයින් බවට පත්වීම.

සාමාජීය හා ආර්ථික ප්‍රතිලාභ

  • නව රැකියා අවස්ථා උත්පාදනය වීම
  • ආදායම් අවස්ථා බිහි වීම
  • නව වෙළඳපොළවල් සංවර්ධනය වීම
  • ප්‍රාදේශිය සම්පත් නිශ්පාදනයට යොදා ගැනීම
  • නව වෙළඳපොළවල් සංවර්ධනය වීම.

ආර්ථික සංවර්ධනය උදෙසා ව්‍යවසායකත්වයේ දායකත්වය

  • ව්‍යවසායකත්වය නිසා නව්‍යතා බිහිවිමෙන් ජාතික නිශ්පාදනය ඉහළ යාම
  • නව රැකියා අවස්ථා බිහිවිමෙන් සේවා නියුක්ති මට්ටම ඉහළ යාම.
  • නව වෙළදපොළවල් සංවර්ධනය
  • නව ව්‍යාපාර බිහි වීම නිසා ආර්ථික සංවර්ධනය ඇති වීම.
  • ප්‍රාදේශීය සම්පත් භාවිතයට ගැනීමෙන් ඒවාට ඉහළ ඉල්ලුමක් ඇති වීම.
  • වෙළදපොළ කටයුතු පුඑල් වීමත්, නව තරුඟකාරී වෙළඳපොළවල් බිහිවීමත් මගින් ආර්ථික සංවර්ධනය ඉහළ යාම.
  • නව රැකියා සම්පාදනයෙන් ආර්ථික සංවර්දනය වේගවත් වීම.

ව්‍යවසායකත්වයේ නව ප්‍රවණතා

  1. අභ්‍යන්තර ව්‍යවසායකත්වය
  2. ගෝලීය ව්‍යවසායකත්වය
  3. සමාජයීය ව්‍යවසායකත්වය
  4. හරිත ව්‍යවසායකත්වය
1. ගෝලීය ව්‍යවසායකත්වය

ගෝලීය වශයෙන් වෙළෙදාමේ යෙදීමයි. එනම්, ලෝකයේ කුමන ස්ථානයක සිටිය නව තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ වෙනත් ඕනෑ ම රටක් හෝ ස්ථානයක් සමඟ සන්නිවේදනයේ යෙදී දේශසිමා මායිම්වලින් බැහැර ව කටයුතු කිරීමේ හැකියාවයි. එක් ස්ථානයක සිට ලෝකය පුරා තමාගේ නිෂ්පාදන සාර්ථක ව බෙදා හැරීම සඳහා ඒ ඒ රටවල පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා හා වුවමනා හඳුනාගෙන එම අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට තම නිෂ්පාදිත ලබා දීම ගෝලීය වශයෙන් ව්‍යවසායකත්වයේ ඵල නෙලා ගැනීම යි.

මෙහි දී අනෙකුත් සංස්කෘතීන් පිළිබඳ ව දැන සිටීම ඉතා අත්‍යවශ්‍ය කරුණක් වේ. මේ සඳහා වෙනත් රටවල් සමග ජාතීන් සමග හොද සම්බන්ධතා පවත්වා ගැනීම අවශ්‍ය වේ. ජාතීන් අතර සංස්කෘතීන් අතර පවතින වෙනස්කම් හඳුනාගැනීම මඟින් අවස්ථා සම්පාදනය කර ගැනිම සිදු වේ.

2. සාමාජීය ව්‍යවසායකත්වය

සාමාජීය මෙහෙවරක් කිරීමේ චේතනාවෙන් සමාජීය ගැටලුවලට පිළියම් යෙදීමට නවෝත්පාදනයේ යෙදීම මින් අදහස් කෙරේ. මානසික තෘප්තිය, පිළිගැනීම, ප්‍රසංසාව, පරෝකාරය යනා දී ප්‍රතිලාභ සමාජීය ව්‍යවසායකත්වය තුළින් අපේක්ෂා කෙරේ. සමාජීය ව්‍යවසායකයින්ගේ අරමුණ වන්නේ ලෝකය යහපත් ස්ථානයක් බවට පත් කිරීමයි.

3. හරිත ව්‍යවසායකත්වය

හරිත ව්‍යවසායකත්වය යනු පාරිසරික හා සමාජීය ගැටලු හෝ අවශ්‍යතා සඳහා ඉතා ඉහළ අවදානමකින් යුතු ව ස්වභාවික පරිසරයට ධනාත්මක බලපෑම් ඇති කිරීමට ව්‍යාවසායකත්ව අදහස් මගින් දැනුවත් භාවයකින් යුතු ව කරනු ලබන ක්‍රියාකාරකම් ය.

හරිත ව්‍යවසායකයින් පරිසරය සුරැකිම ඔවුන් ගේ හර සංකල්පය ලෙස සලකයි. පරිසර ගැටලුවලට ඉතා සංවේදී අය වේ. මෙම ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතුවලින් ස්වභාවික පරිසරයට ධනාත්මක බලපෑම් ඇති කරයි.

4. අභ්‍යන්තර ව්‍යවසායකත්වය

සංවිධානවල විවිධ තනතුරුවල කටයුතු කරන නිර්මාණශීලී පුද්ගලයින් එම ආයතනවල නිෂ්පාදිත හා නිෂ්පාදන ක්‍රමවල වෙනස්කම් සිදු කරයි. ඉහළ කළමනාකරුවන් එම නිර්මාණශීලී කටයුතු කිරීම සඳහා එවැනි පුද්ගලයන් දිරිගන්වයි. මෙසේ සංවිධානයක වෙනස්කම් හඳුන්වා දෙන ආයතනයක් තුළ ක්‍රියාත්මක වන ව්‍යවසායකත්වය අභ්‍යන්තර ව්‍යවසායකත්වය ලෙස හැඳින්වේ.

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet