ව්‍යාපාර අධ්‍යනය07.02 - ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය

07.02 – ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය

ආර්ථිකය තුල මූල්‍ය තීරණ ක්‍රියාත්මක කිරීම හා බැඳුණු මූල්‍ය ආයතන,මූල්‍ය වෙළඳපොළ, මූල්‍ය උපකරණ, මූල්‍ය යටිතල පහසුකම් , ශ්‍රී ලංකා මහ බැංකුව යනාදියෙන් සමන්විත පද්ධතිය “මූල්‍ය පද්ධතිය” ලෙස හඳුන්වයි.

මූල්‍ය පද්ධතියේ සංයුතිය

මූල්‍ය ආයතන

එනම් මූල්‍ය වෙළඳපොළ තුල කටයුතු කරන බැංකු හා බැංකු නොවන සියලුම ආයතන මූල්‍ය ආයතන නම් වේ.

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන මූල්‍ය ආයතන පහත පරිදි වර්ග කළ හැක.

a. බැංකු අංශය
  • මහ බැංකුව
  • බලපත්‍රලාභී වාණිජ බැංකු
  • බලපත්‍රලාභී විශේෂිත බැංකු
b. තැන්පතු භාරගන්නා අනෙකුත් ආයතන
  • ලියාපදිංචි මූල්‍ය සමාගම්
  • සමූපකාර ග්‍රාමීය බැංකු
  • සකසුරුවම් හා ණය දෙන සමිති
c. අනෙකුත් විශේෂිත මූල්‍ය ආයතන
  • විශේෂිත කල්බදු සමාගම්
  • ප්‍රාථමික වෙළඳුන්
  • කොටස් තැරැව්කාර සමාගම්
  • ඒකකභාර
  • ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම්
  • වෙළඳපොළ අතරමැදියන්
d. ගිවිසුම්ගත ඉතිරිකිරීමේ ආයතන
  • රක්ෂණ සමාගම්
  • සේවක අර්ථසාධක අරමුදල්
  • අනෙකුත් අර්ථසාධක අරමුදල්
  • සේවක භාරකාර අරමුදල
  • රාජ්‍ය සේවක අර්ථසාධක අරමුදල

මූල්‍ය ආයතන ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වයට දායක වන ආකාරය

  1. ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන කේන්ද්‍රීය ආයතනය යි.

2. බලපත්‍රලාභී වාණිජ බැංකු

ජංගම ගිණුම් ඇතුළු අනෙකුත් තැන්පතු ගිණුම් පවත්වා ගෙන යාම හා මුදල් මැවීමට හැකියාව ඇති මූල්‍ය ආයතන විශේෂයයි.මින් බහුතරයක් පෞද්ගලික අංශයටත් කිහිපයක් රාජ්‍ය අංශයටත් අයත් වේ.

උදා : රාජ්‍ය අංශය – ලංකා බැංකුව, මහජන බැංකුව

පෞද්ගලික අංශය – සම්පත් බැංකුව,සෙලාන් බැංකුව

3. බලපත්‍රලාභී විශේෂිත බැංකු

බැංකු පනත යටතේ විශේෂිත බැංකුවක් ලෙස ව්‍යාපාර කටයුතු කරගෙන යාමට මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබා ගෙන ඇති ආයතන විශේෂයකි. මෙහි විශේෂත්වය වනුයේ ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවසර නොමැති වීමයි. එහෙත් ඉතිරි කිරීමේ ගිණුම හා කාලීන තැන්පත් ගිණුම් පවත්වාගෙන යාමට අවසර ඇත.

උදා : ජාතික ඉතිරි කිරීමේ බැංකුව

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

ව්‍යාපාර වලට දායක වන අයුරු

  • කාලීන හා ඉතිරි කිරීමේ තැන්පතු භාරගැනීම
  • ව්‍යවසායකයින්ට ණය සැපයීම
  • සමාගම් වල කොටස් පරීක්ෂණ කටයුතු
  • කල්බදු පහසුකම් සැපයීම
  • කළමනාකරණ උපදේශන සේවා සැපයීම
4. බලපත්‍රලාභී මුදල් සමාගම්

කාලීන තැන්පතු භාර ගැනීම එම මුදල් මත ණය දීම හා ආයෝජනයට පහසුකම් සලසන මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබාගෙන ඇති පොදු සමාගම් විශේෂයයි.

උදා : LB ෆිනෑන්ස් PLC

කාර්යන්:

  • කුලීපිට ගැනුම් පහසුකම් සැපයීම
  • කල්බදු මූල්‍යකරණ
  • දේපල හා ඉඩම් වෙළඳාම් කිරීම
  • කෙටි කාලීන ණය සැපයීම
  • රජයේ සුරැකුම්පත්වල ආයෝජනය
  • කාලීන තැන්පතු භාරගැනීම
5. සමූපකාර ග්‍රාමීය බැංකු

සාමාජික හා සාමාජික නොවන්නන්ගෙන් කාලීන හා ස්ථාවර තැන්පතු ලබා ගැනීම හා සිය සාමාජිකයන්ට ණය සැපයීම ප්‍රධාන කාර්යය කරගත් ආයතන වේ

කාර්යන්:

  • තැන්පතු භාරගැනීම
  • ණය සැපයීම
  • උකස් කටයුතු
  • ඉතිරි කිරීම්, ස්ථාවර ගිණුම් පවත්වාගෙන යාම
  • සමූපකාර ක්‍රමය ප්‍රචලිත කිරීම
6. සකසුරුවම් හා ණය ගණුදෙනු සමුපකාර සමිතිය

ඉතිරි කිරීම දිරිමත් කිරීමත්,සාමාජිකයන්ට ණය සැපයීමත් අරමුණු කරගෙන සාමාජිකයන්ගේ ඉතුරුම් ලෙස හා හා කොටස් ලෙස මුදල් ලබාගෙන සාමාජිකයන්ට පමණක් ණය සපයන, සමුපකාර පනත යටතේ සමුපකාර කොමසාරිස් වෙත ලියාපදිංචි කළ යුතු ආයතන විශේෂයකි.

උදා : අත්තනගල්ල සණස සමිතිය

කාර්යන්:

  • සාමාජිකයන්ගේ නිෂ්පාදන අලෙවියට අවශ්‍ය අලෙවි මධ්‍යස්ථාන ලබාදීම
  • සමිතිය නියැලි ක්ෂේත්‍රයේ උපකරණ සහන මිලට අලෙවි කිරීම
  • තැන්පතු භාරගැනීම හා සාමාජිකයන්ට ණය සැපයීම
7. විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්

කල්බදු කරණය සඳහා ම මහ බැංකුවේ ලියාපදිංචි වූ සමාගම් විශේෂයකි.ව්‍යාපාරිකයන්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා වෙනත් වත්කම් හා පාවිච්චි කිරීම පිණිස ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරිකයන් ගේ ඉල්ලීම පරිදි බද්දට ගැනීම සඳහා මුදල් පහසුකම් සැපයීම ප්‍රධාන කාර්යය කරගත් ආයතනයි.

කල්බදු සමාගම් මගින් ව්‍යාපාරිකයකුට අත්වන වාසි

  • විශාල වටිනාකමක් ඇති වත්කම් මුළු මුදලම නොගෙවා භාවිතයට ඉඩ ලැබීම
  • කල්බදු සඳහා ගෙවන කුලිය ආදායම් බද්දෙන් නිදහස් වීම
  • යන්ත්‍ර යල් පැනීම නිසා සිදුවන පාඩු හා ප්‍රාග්ධන අලාභ මඟ හැරීම
  • විශාල මුදලක් ආයෝජනය නොකර විශාල ආදායමක් ලැබිය හැකි වීම
8. ප්‍රාථමික අලෙවිකරුවන්

රජයේ සුරැකුම්පත් ප්‍රථම වතාවට අලෙවි කොට මුදල් ලබාගන්නා වෙළඳපොලයි.මේ සඳහා මහ බැංකුවේ අවසර ලබා ඇති ආයතන ප්‍රාථමික අලෙවිකරුවන් ය.මොවුන්ගේ මූලික කාර්යය ප්‍රාථමික වෙන්දේසි වලට සහභාගි වීමත්, භාණ්ඩාගාර සුරැකුම්පත් සම්බන්ධයෙන් ද්විතීක වෙළඳපොලේ ගණුදෙනු කිරීමත් ය.

උදා : ලංකා බැංකුව

සම්පත් සුරැකුම්පත් සමාගම

9. කොටස් තැරැව්කාර සමාගම්

සංස්ථාපිත සමාගම් වල කොටස්/ණයකර විකිණීම හා මිලට ගැනීම සම්බන්ධ කටයුතු කිරීමට අතරමැදියන් ලෙස කටයුතු කරන සමාගම් ය.මේ සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සමාගමෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය

උදා : ආශා පීපල්ස් සුරැකුම්පත් සමාගම

ඒෂියා සුරැකුම්පත් (පෞ:) සමාගම

කාර්යන්

  • ගැනුම් ඇණවුම් හා විකුණුම් ඇණවුම් බාර ගැනීම
  • ආයෝජකයින් වෙනුවෙන් මධ්‍යම තැන්පතු ක්‍රමයෙ ගිණුම් විවෘත කිරීම
  • ආයෝජන උපදෙස් සැපයීම
  • සමාගම් ලැයිස්තුගත කිරීමට අනුග්‍රහය දැක්වීම
  • සී:ස පොදු සමාගම් වලට ප්‍රාග්ධන සම්පාදනය සම්පාදනයට සහාය වීම
10. ඒකකභාර

ආයෝජකයින්ට ඒකක විකිණීමෙන් රැස්කර ගන්නා මුදල් වලින් සමන්විත ආයෝජන අරමුදලකි.මෙම මුදල් වෘත්තීය අරමුදල් කළමනාකරුවන් විසින් ආයෝජන කළඹක යොදවයි.

ඒකකභාර යත් පාර්ශව 3 කින් සමන්විත වේ.

  1. ඒකක භාරකරු
  2. අරමුදල් කළමනාකරණ සමාගම්
  3. ඒකක හිමියන් /ආයෝජකයන්

ඒකක භාරවල ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ

  • විවිධ ආයෝජන වල මුදල් යෙදවීම නිසා අවදානම අඩු වීම
  • ආයෝජන කළමනාකරණය සඳහා වෘත්තිය කළමනාකරුවන්ගේ සේවය ලබා ගැනීමට හැකි වීම.
11. වෙළෙඳපොළ අතරමැදියන්

   කොටස් 03 කි.

  1. ප්‍රාරක්ෂකයන්
  2. ආයෝජන කළමනාකරුවන්
  3. ආන්තික සැපයුම්කරුවන්

මොවුන් මූල්‍ය උපකරණ වෙළඳාම් කිරීමේ අතරමැදියන් ලෙස කටයුතු කරයි.

i. ප්‍රාරක්ෂකයන්

සමාගමක් මහජනයාට කරන ලබන සුරැකුම්පත් නිකුතුවක දී නියමිත කාලය තුළ සැලසුම් කළ අරමුදල් ප්‍රමාණය සපයාගත නොහැකි වූ විට ආයෝජකයන් විසින් මිලදී නොගෙන ඉතිරි වූ ප්‍රමාණය මිලදී ගැනීමට ගිවිස ගන්නා ආයතනයි.

ii. ආයෝජන කළමනාකරුවන්

මහජනයාට කරන සුරැකුම්පත් නිකුතුවක දී ඒ සඳහා විවිධ සේවා සපයන ආයතනය.එම ආයතන සපයන සේවා,

  • නිකුතුව පිළිබඳ ආයෝජන ඉල්ලුම් පත්‍ර නිකුත් කිරීම
  • නිකුතුව පිළිබඳ ආයෝජන ඉල්ලුම්පත්‍ර භාර ගැනීම
  • සුරැකුම් බෙදාදීම
  • නිකුතුව පිළිබඳ මුදල් කළමනාකරණය
  • ප්‍රචාරක කටයුතු

iii. ආන්තික සැපයුම්කරුවන්/ සාධ්‍යකරන ආයතන

වෙළඳ ආයතන ගනුදෙනුකරුවන්ට ලබාදී ඇති වෙළඳ ණය අයකිරීම හා ණය මිලදී ගැනීම සිදුකරන ආයතනයි.

12. ව්‍යවසාය ප්‍රාග්ධන සමාගම්

නව ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර සඳහා ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කරන ආයතනයි.

13. රක්ෂණ සමාගම්

විවිධ රක්ෂණ ඔප්පු නිකුත් කිරීම මගින් ගොඩනැගෙන අරමුදල් මූල්‍ය වෙළෙඳපොළ ණය දීම හා ආයෝජනය කිරීම මගින් මූල්‍ය අතරමැදිකරණය නිරත වන ආයතන වේ.

14. අර්ථසාධක හා විශ්‍රාම අරමුදල්

රාජ්‍ය කළමනාකාරීත්වයෙන් යුත් අරමුදල් :

  • සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල
  • රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල
  • සේවක අර්ථසාධක අරමුදල

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom