විද්‍යා අංශයසංයුක්ත ගණිතය03.08.04 - සිරස් වෘත්ත චලිතය හා සම්බන්ධ ගැටලු විසඳීම-2

03.08.04 – සිරස් වෘත්ත චලිතය හා සම්බන්ධ ගැටලු විසඳීම-2

උදා:     ස්කන්ධය m kg වන A අංශුවක් l m වන අවිතන්‍ය තන්තුවකින් අචල O ලක්ෂයකට එල්ලා ඇත. u ප්‍රවේගයෙන් තිරස්ව චලිතවන ස්කන්ධය 2m kg වන B අංශුවක් A හි වැදී හාවේ.සං‍යුක්ත අංශුව ක්ෂණිකව නිසල වන විට තන්තුව සිරසට 60˚ කින් ආනත වේ. u=\frac{3\sqrt{gl}}2බව පෙන්වන්න. θ = 60 විට තන්තුවේ ආතතිය \frac{3mg}2  බව පෙන්වන්න.

ගම්‍යතා සංස්ථිති නියමයෙන්

m×0 + 2m×u = 3m×v

                      v =\frac{2u}3                     (1)

ශක්ති සංස්ථිති නියමයෙන්,

-3mgl + ½×3mv² = -3mgl cos 60 + ½×3mg×v1²

මෙහි v1 = 0 වේ.(අංශුව ක්ෂණිකව නිශ්චල වන බව දී ඇති බැවින්)

-3mgl + ½×3mv² = -3mgl cos 60˚

-3mgl + ½×3mv² = -3mgl×½

                          v² = gl

(1) න් ආදේශය,

(\frac{2u}g)² = gl

     u² = \frac{9gl}4

       u = \frac{3\sqrt{gl}}2

අංශුවට කේන්ද්‍රය දෙසට

                             F = ma 

T – 3mg cos 60˚ = 3mv12/l

v1 = 0 බැවින්,

T = \frac{3mg}2

02 අවස්ථාව ; u² = 2gl විට,

  • මෙවිට ,cos θ₁ = 0  ද,  cos θ₂ = 0 ද වේ.
  • cos θ₁ =  cos 90˚, cos θ₂ = cos 90˚
  • θ₁ = 90˚, θ₂ =90˚   ද වේ.
  • මෙහිදී තන්තුව තිරස්වන විට ප්‍රවේගය හා ආතතිය යන 2 ම 0 වීම සිදු වේ.

03 අවස්ථාව ; 2gl< u² < 5gl විට,

  • මෙවිට ,cos θ₁< 0  ද,  cos θ₂< 0 ද වේ.
  • cos θ₁< cos 90, cos θ₂ < cos 90˚
  • θ₁> 90˚, θ₂>90˚
  • මෙහිදී θ₁ හා θ₂ යන දෙකම මහා කෝණ වේ.
  • cos θ₁< cos θ₂
  • θ₁ > θ₂
  • මෙහිදී පලමුව ආතතිය ශූන්‍ය වීම සිදු වේ.
  • ප්‍රවේගය ශූන්‍ය වීමක් සිදු නොවන බැවින් මෙවිට අංශුව ප්‍රක්ෂිප්තයක් ආකාරයෙන් ගමන් කරයි.

උදා:     දිග l වූ තන්තුවකින් ද ලක්ෂ්‍යයක එල්ලා ඇති බර අංශුවක් පහළම තැන සිට  u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කල විට 120˚ කෝණයකට පසු තන්තුව බුරුල් වේ නම් u²= \frac{7gl}2 බව පෙන්වන්න.

ශක්ති සංස්තිති නියමයෙන්,

-mgl + ½mu² = mgl cos 60 + ½mv²

                     v² = u² – 2gl – 2gl cos 60

                     v² = u² – 2gl (1 + ½)

                     v² = u² – 3gl 

කේන්ද්‍රය දෙසට 

                          F = ma 

T + mg cos 60˚ = 3mv2/l

                            T = – mg cos 60˚ +  \frac ml (u² – 2gl – 2gl cos 60˚)

තන්තුව බුරුල්වන බැවින් T = 0 වේ.

                            0 = u² – 2gl -3lg cos 60˚

                         u² = 2gl + \frac{3gl}2

                         u² = \frac{7gl}2

04 අවස්ථාව ; u² = 5gl විට,

cos θ₁ = \frac{2gl-u^2}{2gl}

cos θ₁ = \frac{2gl-5gl}{2gl}

cos θ₁ = \frac{-3gl}{2gl}

cos θ₁ = \frac{-3}2

  • මෙය විය නොහැක. (-1 < cos θ < 1 අතර බැවින්)
  • එමනිසා මෙහිදී ප්‍රවේගය 0 වීම සිදු නොවේ.

cos θ₂ = \frac{2gl-u^2}{3gl}

cos θ₂ = \frac{2gl-5gl}{3gl}

cos θ₂ = -1

cos θ₂ = Cos 180˚

       θ₂ = 180˚

  • මෙහිදී ඉහළම ලක්ෂ්‍යයේදී ආතතිය 0 වීම සිදු වේ.
  • නමුත් මෙහිදී වෘත්ත චලිතය සම්පූර්ණ වීම සිදු වේ.

05 අවස්ථාව ; u² > 5gl විට,

  • මෙවිට , cosθ₁< -1 ද,  cos θ₂< -1 ද වේ.
  • මෙම අවස්ථා 2 දී ම පවතින අගයන් සිදු විය නොහැකි බැවින් මෙවිට ප්‍රවේගය හෝ ආතතිය 0 වීමක් සිදු නොවේ. අංශුව පහසුවෙන් වෘත්ත චලිතය සම්පූර්ණ කරයි.

උදා:     දිග a වූ අවිතන්‍ය තන්තුවකින් අචල ලක්ෂ්‍යයක සිට එල්ලන ලද අංශුවකට එහි පහත්ම පිහිටීමේ තිබෙන විට තිරස් u ප්‍රවේගයක් ලබා දෙයි.

  1. අංශුව පරිභමණ ඇති කිරීමට නම් u² ≥ 5gl විය යුතු බව, තන්තුවට අඩුම වශයෙන් අංශුවේ බර මෙන් 6 ගුණයක ආතතියක් දැරිය යුතු බවත් පෙන්වන්න.
  2. u² = \frac{7ga}2 නම් අංශුව එහි පහත්ම ලක්ෂයේ මට්ටමෙන් \frac{3a}2 උසකදී වෘත්තාකාර පෙත හැර යන බවත් පෙන්වන්න.

ශක්ති සංස්ථිති නියමයෙන්,

-mgh + ½mu² = mgh cos θ + ½mv²

                      v² = u² – 2ga + 2ga cos θ               (2) 

කේන්ද්‍රය දෙසට 

                      F = ma

T – mg cos θ = \frac{mv^2}a

 T – mg cosθ = \frac ma( u² – 2ga + 2ga cos )

                        T = \frac ma(u² – 2ga + 3ga cos θ)

(i) අංශුව පරිභ්‍රමණය වීමට නම් θ = 180 ද, T ≥ 0 ද විය යුතුය.

T =  \frac ma(u² – 2ga + 3ga cos θ) බැවින්,

\frac ma(u² – 2ga + 3ga cos 180˚) ≥ 0 වේ.

         u² – 2ga + 3ga cos 180˚≥ 0

                                                  u² ≥ 2ga – 3ga cos 180˚

                                                  u² ≥ 2ga – 3ga cos(-1)

                                                  u² ≥ 5ga වේ.

උපරිම ආතතිය පවතින්නේ පහලම ලක්ෂ්‍යයේ බැවින්,

Tඋපරිම = \frac ma(u² – 2ga + 3ga cos θ ) cos θ = 0 විය යුතුය.

Tඋපරිම = \frac ma(u² – 2ga + 3ga × 1)

Tඋපරිම = \frac ma(5ga – 2ga + 3ga)   ;   (u² = 5ga නිසා)

Tඋපරිම = \frac ma × 6 ga

Tඋපරිම = 6mg වේ.

(ii) අංශුව වෘත්ත චලිතයෙන් මිදීමට නම් T = 0 විය යුතුය.

එවිට u² =\frac{7ga}2 බැවින්

           T = \frac ma(u² – 2ga + 3ga cos θ)

                   T= \frac ma(7ga2- 2ga + 3ga cos θ)

           0 = \frac ma(7ga – 4ga + 6ga cos θ)

6 cos θ = -3

   cos θ = – ½

  cos θ = 120˚

v² = u² – 2ga + 2ga cos θ

v² = u² – 2ga + 2ga cos 120

v² = u² – 2ga + 2ga×-½

v² = \frac{7ga}2 – 2ga -ga

v² = \frac{ga}2

 v = (\frac{ga}2

  • මෙහි  v = (\frac{ga}2)½ වන බැවින් අංශුව වෘත්තාකාර පෙත හැර යයි.

04. සිරස් නළයක් තුළ අංශුවක චලිතය.

(2006 A/L)

උදා: පහත රූපයේ දැක්වෙන්නේ කේන්ද්‍රය O, අරය a හා කෝණය 2(π – α) වු වෘත්ත චාපයක ආකාරයට නමන ලද ABC සුමට සිහින් නළයකි. මෙහි α සුළු කෝණයක් වෙයි. A, C විවෘත දෙකෙළවර එකම තිරස් මට්ටමේ තිබෙන පරිදි නළය තිරස් තලයක සවි කරයි. නළයේ පහත්ම ලක්ෂ්‍යයේ (B) අංශුවක් තබා, නළය දිගේ තිරස් u ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරයි. නළය දිගේ A කෙළවරට පැමිණ අනතුරුව නිදහසේ ගුරුත්වය යටතේ ප්‍රක්ෂිප්තයක් ලෙස චලනය වී, C කෙළවරින් නැවත නළයට ඇතුල් වෙයි. අංශුව A හිදී නළයෙන් ඉවත් වන විට එහි ප්‍රවේගය සොයා u2 = ga [2 (1 + cos α) + sec α] බව පෙන්වන්න. තවද අංශුව ළගා වන උපරිම උස O ට ඉහළින් \frac a2(cos α + sec α) බවත් පෙන්වන්න.

ශක්ති සංස්ථිති නියමයෙන්,

B හි ශක්තිය = C හි ශක්තිය

mg × 0 + ½ mu2 = mg (a – a cos θ) + ½ mv2

                           u2 = 2g (a – a cos θ) + v2

                           v2 = u2 – 2ga (1 – cos θ)                 (1)

  • ගැටලුවේ දී අභිලම්භ ප්‍රතික්‍රියාව සඳහා ප්‍රකාශනයක් අසා නොමැති උවද, C හිදී අංශුව මත අභිලම්භ ප්‍රතික්‍රියාව සොයන ආකාරය අප පහත පරිදි සිදු කරමු.

C හිදී,

                       F = ma

R – mg cos θ = mv2/r

R – mg cos θ = m [u2 – 2ga (1 – cos θ)]/ a   ;   (1) න්,

                      R = mg cos θ + (mu2/a) – 2mg (1 – cos θ)

                      R = 3mg cos θ – 2mg + (mu2/a) 

                      R = mg (3 cos θ – 2) + (mu2/a) 

  • නැවත ගැටලුව විසඳමු.

θ = (π – α) විට (1) න්,

v12 = u2 – 2ga [1 – cos (π – α)]

v12 = u2 – 2ga [1 – (-cos α)]

v12 = u2 – 2ga (1 + cos α)                  (2)

AD චලිතයට,

↑ S = ut + ½ at2

   0 = v1 sin α t – ½ gt2

   0 = v1 sin α – ½ gt

    t = \frac{2v_1\sin\alpha}g

AD චලිතයට,

      ← S = ut

  2a sin α = v1 cos α × (\frac{2v_1\sin\alpha}g)

                a = v1 cos α × (v1/g)

              ag = v12 cos α

 ag/cos α = v12

ag/cos α = u2 – 2ga (1 + cos α)   ;   (2) න්,

              u2 = ga [2 (1 + cosα) + sec α]                (3)

A සිට උපරිම උස තෙක් චලිතයට,

↑ v2 = u2 + 2as

    0 = (v1 sin α)2 – 2gs   ;   s යන්න රූපයේ ලකුණු කොට ඇත.

    0 = v12 sin2 α – 2gs

2gs = v12 sin2 α 

2gs = [u2 – 2ga (1 + cos α)] sin2 α

2gs = {ga [2 (1 + cosα) + sec α] – 2ga (1 + cos α)} sin2 α   ;   (3) න් u2 සඳහා   

2gs = [2ga (1 + cos α) + ga sec α – 2ga (1 + cos α)] sin2 α

   2s = a sec α sin2 α

     s = \frac a2 sec α sin2 α

∴ O සිට ඉහළ නගින උපරිම උස = s + a cos α

                                                           =  \frac a2 sec α sin2 α + a cos α

                                                    = \frac a2(2 cosα + sec α sin2 α)

                                                            = \frac a2 (cosα + cos α + sec α sin2 α)

                                                            =  \frac a2(cosα + sec α cos2 α + sec α sin2 α)

                                                            =  \frac a2[cosα + sec α (cos2 α + sin2 α)]

                                                            =  \frac a2(cosα + sec α × 1)

                                                            =  \frac a2(cos α + sec α)

(2019 A/L)

උදා: රූපයේ පෙන්වා ඇති පරිදි සුමට සිහින් ABCDE බටයක් සිරස් තලයක සවි කර ඇත. දිග 2\sqrt3 a වූ AB කොටස ඍජු වන අතර එය B හි දී අරය 2a වූ BCDE වෘත්තාකාර කොටසට ස්පර්ශක වේ. A හා E අන්ත O කේන්ද්‍රයට සිරස්ව ඉහළින් පිහිටයි. ස්කන්ධය m වූ P අංශුවක් A හි දී බටය තුළ තබා නිශ්චලතාවයේ සිට සීරුවෙන් මුදා හරිනු ලැබේ. OA සමඟ θ (π/3 < θ < 2π) කෝණයක් OP සාදන විට P අංශුවේ වේගය, v යන්න, v2 = 4ga (2 – cos θ) මගින් දෙනු ලබන බව පෙන්වා, එම මොහොතේ දී P අංශුව මත බටයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව සොයන්න. 

P අංශුව A සිට B දක්වා චලිතයේ දී එය මත බටයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව ද සොයන්න. 

P අංශුව B පසු කරන විට P අංශුව මත බටයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව ක්ෂණිකව වෙනස් වන බව පෙන්වන්න.

  • ලිවිය යුතු අවසාන පිළිතුර සඳහා, මෙහි දක්වා ඇති පරිදි ලකුණු බෙදී යාම සිදු වේ.

P අංශුවට ශක්ති සංස්ථිති මූලධර්මය යෙදීමෙන්,

½ mv2 + mg (2a cos θ) = 0 + mg × 4a

                                         v2 = 4ga (2 – cos θ)   ;   (π/3 < θ < 2π)

නළය තුලට වෘත්ත චලිතය සඳහා,

                       F = ma               

mg cos θ + R = \frac{mv^2}{2a}

                       R = \frac m{2a}  [4ga (2 – cos θ)] – mg cos θ                              +

                       R = mg (4 – 3 cos θ) > 0                   (1)

∴ මෙම ප්‍රතික්‍රියාව O කේන්ද්‍රය වෙතට වේ.

ඍජු නළය ඇතුළට චලිතය සඳහා,

                            F = ma 

S – mg cos (π/3) = m(0)

                              S =  \frac{mg}2

B වෙත ළඟා වීමට මොහොතකට පෙර ප්‍රතික්‍රියාව = \frac{mg}2

                  B පසු කර මොහොතකට පසු ප්‍රතික්‍රියාව = \frac52mg

ඒ අනුව, B හි දී ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් \frac{mg}2 සිට \frac52 mg දක්වා වෙනස් වන අතර දිශාව පිටත සිට ඇතුළතට වෙනස් වේ.

  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයන්හි 2011(නව), 2012(පැරණි) හා 2017 යන ගැටලු විසදීමෙන් මෙම පාඩමෙහි අඩංගු සිද්ධාන්තයන් පිළිබදව  අවබෝධයක් ලබා ගත හැකිය.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom