සංයුක්ත ගණිතයශුද්ධ ගණිතය03.02.01-සරල රේඛාවේ විශේෂ ආකාර

03.02.01-සරල රේඛාවේ විශේෂ ආකාර

  • සංයුක්ත ගණිතය I (ශුද්ධ ගණිතය) ප්‍රශ්න පත්‍රයේ A කොටසේ (කෙටි ප්‍රශ්න) 08 වැනි ගැටළුවේත් B කොටසේ (රචනා ප්‍රශ්න) 16 වැනි ගැටළුවේත් අඩංගු වන්නේ මෙම පාඩමේ අඩංගු සිද්ධාන්ත වේ.

01. සරල රේඛාවක අනුක්‍රමණය අන්තඃඛණ්ඩ ආකාරය(y=mx+c)

සරල රේඛාවක අනුක්‍රමණය(m)

  • සරල රේඛාවක් x – අක්ශයේ ධන දිශාව සමග සාදන කොණයේ ටැංජනය එම සරල රේඛාවෙ අනුක්‍රමණය(m) වේ.

සරල රේඛාවක අන්තඃඛණ්ඩය(C)                                                                 

  • y – අක්ෂය සරල රේඛාවක් ඡේදනය කරන y – ඛණ්ඩාංක එම සරල රෙඛාවේ අන්තඃඛණ්ඩය (c) වේ.
  • සරල රේඛාවේ අනුක්‍රමණය (m)=\tan\theta
  • සරල රේඛාව මත විචල්‍යය P(x,y) ලක්ෂය ලකුණු කරමු.

සරල රේඛාවේ අනුක්‍රමණය =\frac{y-c}{x-0}

m=\frac{y-c}x

\Rightarrow y-c=mx

y=mx+c

උදා: 3y-5x=2  සලකමු.

3y-5x=2

y=\frac53x+\frac23

  • මෙම සරල රේඛාව x- අක්ෂයේ ධන දිශාව සමග සාදන කෝණය \theta ලෙස ගනිමු.

\tan\theta=\frac53

\theta=\tan^{-1}\left(\frac53\right)

  • සරල රේඛාවේ අන්තඃඛණ්ඩ=\frac23
  • සරල රේඛාව y – අක්ෂය ඡේදනය කරන ලක්ෂය\left(0,\frac23\right)
  • මෙම සරල රේඛාවේ ප්‍රස්ථාරය පහත පරිදි දැක්වේ.

y=mx+c හි විශේෂ අවස්ථා

  • c=0 අවස්ථාව
  • c>0 අවස්ථාව
  • c<0 අවස්ථාව
  • m=0 අවස්ථාව
  • \theta=\frac{\mathrm\pi}2අවස්ථාව

සරල රේඛාවක සාධාරණ ආකාරය(ax+by+c=0)                                                                                        

  • a,b හා c නියත වන විට ax+by+c=0 සරල රේඛාවක සාධාරණ ආකරය වේ.                                                              
  • මෙය a, b නියත වන x, y  ඒකජ සමීකරණයකි.

 

සරල රේඛාවක අන්තඃඛණ්ඩ අකාරය\left(\frac{\mathbf x}{\mathbf\lambda}\boldsymbol+\frac{\mathbf y}{\mathbf\mu}\boldsymbol=\mathbf1\right)

  • මෙහි \lambda හා \mu යනු පිලිවෙලින් x හා y අක්ෂ මත ඇතිකරණ අන්තඃඛණ්ඩ වේ

\frac{\mu-0}{0-\lambda}=\frac{y-0}{x-\lambda}

-\frac\mu\lambda=\frac y{x-\lambda}

\frac{x-\lambda}\lambda=-\frac y\mu

\frac x\lambda-1=-\frac y\mu

\frac x\lambda+\frac{\displaystyle y}{\displaystyle\mu}=1

උදා: (01)  පිළිවෙලින් x හා y අක්ෂ මත අන්තඃඛණ්ඩ 2 හා -3 වන සරල රේඛාවේ සමීකරණය සොයන්න.

අවශ්‍ය සරල රේඛාවේ සමීකරණය,

\frac x2-\frac y3=1

3x-2y=6

3x-2y-6=0

උදා: (02)  2x-3y=0 සරල රේඛාව x හා y අක්ෂ මත ඇතිකරන අන්තඃඛණ්ඩ සොයන්න.

2x-3y+5=0

5=3y-2x

1=\frac{3y}5-\frac{2x}5

\frac x{\displaystyle-\frac52}+\frac y{\displaystyle\frac53}=1

x – අක්ෂය මත අන්තඃඛණ්ඩය=-\frac52

y – අක්ෂය මත අන්තඃඛණ්ඩය=\frac53

මෙම සරල රේඛාවේ ප්‍රස්ථාරය පහත පරිදි වේ.

.

 
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom