සාපේක්ෂ ප්‍රවේගය
- චලනය වන පද්ධතියක් තුළ සිට තවත් චලනය වන පද්ධතියක් දෙස බැලූ විට එහි චලිතය වෙනස් වී පෙනේ. මෙම සංසිද්ධිය “සාපේක්ෂ චලිතයයි”.
- A හා B නම් රථ දෙකක් එකිනෙකින් ඉවතට චලිත වේ නම් “B රථයට සාපේක්ෂව A රථයේ ප්‍රවේගය” යනුවෙන් අදහස් වන්නේ B රථයේ සිටින නිරීක්ෂකයෙකු තමා නිශ්චල යැයි හැඟෙන මොහොතක ඔහුට පෙනෙන ආකාරයට A හි ප්‍රවේගයයි.
- එක් වස්තුවකට සාපේක්ෂව තවත් වස්තුවක ප්‍රවේගය ප්‍රකාශ කිරීමේදී විශේෂ අංකන ක්‍රමයක් භාවිතා කෙරේ.
- B නම් වස්තුවට සාපේක්ෂව A නම් වස්තුවේ ප්‍රවේගය ප්‍රකාශ කිරීමට අවශ්‍ය යැයි සිතමු. එවිට එම ප්‍රවේගය VA,B ලෙස අංකනය කරන අතර එය “A ගේ ප්‍රවේගය, B ට සාපේක්ෂව” හෙවත්, “B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය” ලෙස කියනු ලැබේ.
- තවද “රථයක ප්‍රවේගය” යනු , පොළොවට සාපේක්ෂව රථයේ ප්‍රවේගය වන බැවින්, E මඟින් පොළොව නිරූපණය වන අවස්තාවක.
VA, E යනු පොළොවට සාපේක්ෂව A රථයේ ප්‍රවේගය ලෙසද,
VB, E යනු පොළොවට සාපේක්ෂව B රථයේ ප්‍රවේගය ලෙසද,
VB, A යනු A රථයට සාපෙක්ෂව B රථයේ ප්‍රවේගය ලෙසද දැක්විය හැක.
වස්තූන් දෙකක් එකම දිශාවට චලනය වන විට සාපේක්ෂ ප්‍රවේගය සෙවීම.
- ඉහත රූපයේ දක්වා ඇති ලෙස පිළිවෙළින් VA හා VB ඒකාකාර ප්‍රවේග සහිතව එකම දිශාවට චලිත වන රථ දෙකක් සළකමු.
- තවද මෙහි B රථයට සාපේක්ෂව A රථයේ ප්‍රවේගය සෙවිය යුතු යැයි සිතමු. B රථයට සාපේක්ෂව A රථයේ ප්‍රවේගය සෙවීම සඳහා B රථය නිශ්චල යුතුය.
- මේ සඳහා VB ට සමාන ප්‍රවේගයක් B රථයේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යෙදිය යුතු අතර ඊට සමාන ප්‍රවේගයක් එම දිශාවටම A ටද යෙදිය යුතුය. මේ සඳහා යොදා ගත හැකි දෛශික සටහනක් ඉහත රූපයේ දැක්වේ.
- A ගේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය සැලකීමේදී VB >VA නම් B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගයේ විශාලත්වය VB -VA වේ. තවද B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගයේ දිශාව B ගේ ආරම්හක චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ වේ.
VA, B = VB – VA
වස්තූන් දෙකක් එකිනෙකට විරුද්ධ දිශාවන් ඔස්සේ චලිත වන විට සාපේක්ෂ ප්‍රවේගය සෙවීම.
- A හා B නම් වස්තූන් දෙකක් විරුද්ධ දිශාවල සිට එකිනෙකා කරා ළඟා වන්නේ යැයි සිතමු. වස්තුවල ප්‍රවේග පිළිවෙළින් VA හා VB නම් B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය සෙවීම සඳහා VB ට සමාන ප්‍රවේගයක් වස්තු දෙකම මත B ගේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යෙදිය යුතුය.
- මේ සඳහා යොදාගත හැකි පහත රූපවල ඇති දෛශික සටහන් සලකා බලමු.
- ඉහත 2 රූපයේ දැක්වෙන ප්‍රවේග දෛශික සැළකීමේදී B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය සෙවීමට A මෝටර් රථය මත, එය ගමන් කරන දිශාවටම VB ප්‍රවේගයක් යෙදිය යුතුය. එහෙයින් B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගයේ විශාලත්වය,
VA, B = VB + VA මඟින් ලැබේ.
Super👍