08.01.02 – ඇල්කීන

ඇල්කීන

  •  ඇල්කීන අසංතෘප්ත හයිඩ්‍රෝකාබනයකි.C-C අතර අවම වශයෙන් එක් ද්විත්ව බන්ධනයක් හෝ පවතී.
  • එසේ ද්විත්ව බන්ධන 1ක් අඩංගු ඇල්කීන වල පොදු අණුක සූත්‍රය CnH2n වේ.

\begin{array}{l}{\text{CH}}_2{\text{ = CH}}_2\text{                              }\;\;\;\;\;\;\;\;\;\;\;\;\;{\text{CH}}_3{\text{-CH=CH}}_2\\\text{එතීන්   }\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\text{ප්‍රොපීන්}\end{array}

  • තනි,ද්විත්ව,ත්‍රිත්ව බන්ධන වල ශක්තිය හා දිග

  • ඒ අනුව බන්ධන දිග අනුපිළිවෙලින්,

 

ඇල්කීන වල භෞතික ගුණ

1. ද්‍රවාංක හා තාපාංක

  •  ඇල්කීන වල තාපාංකය එම පරමාණු ගණනම ඇති ඇල්කේන වල තාපාංකයට ආසන්නව සමාන වේ.
  • ඇල්කීන වල තාපාංකය ඇල්කේන වලදී මෙන් මවුලික ස්කන්ධය ( දාමයේ දිග)වැඩි වීමත් සමග වැඩි වේ.
  • ඇල්කීන වල සිස් හා ට්‍රාන්ස් අවස්ථා සැලකූ විට සිස් ආකාරයේ තාපාංකය වැඩිය.ඊට හේතුව වනුයේ සිස් ආකාරය ට්‍රාන්ස් ආකාරයට වඩා ධ්‍රැවීය වීමයි.

 

ඇල්කීන වල ව්‍යුහය කෙසේද?

  • සරලම ඇල්කීනය C2H4 (එතීන්) සලකමු.

  • එහි සෑම C පරමාණුවක්ම SP2 මුහුම්කරණය වී ඇති අතර එකම තලයේ පවතින සර්වසම SP2 මුහුම් කාක්ෂික 3ක් ඇත. ඒවා සමපාද ත්‍රිකෝණයක මුලු 3හි පවතින අතර මුහුම් නොවූ P කාක්ෂිකය තලයට ලම්භකව පිහිටයි.

 

  • මෙම SP2 කාක්ෂික සෑදෙනුයේ 2S කාක්ෂිකයක් හා 2P කාක්ෂික 2ක් මිශ්‍රවීමෙනි.තවද මුහුම් නොවූ 2P කාක්ෂිකයක්ද ඉතුරු වේ.

 

 

 

  • SP2 කාක්ෂික රේඛීයව අතිච්ඡාදනය වි සිග්මා බන්ධනයක්ද ,
  • 2P කාක්ෂික පාර්ශ්විකව අතිච්චාදනය වී \mathrm\pi බන්ධනයක්ද සෑදේ.

 

  • එතීන් වල C පරමණු දෙකේම මුහුම්කරණය SP2 නිසා අණුව එකම තලයක පිහිටයි.බන්ධන 2ක් අතර කෝණය 120° කි.

ඇල්කීන වල ප්‍රතික්‍රියා

  • ඇල්කීන අවම වශයෙන් සිග්මා බන්ධනයකින් හා \mathrm\pi බන්ධනයකින් සෑදී ඇති බැවින් එහි ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩිය .එවිට ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේද(ඉලෙක්ට්‍රෝෆයිල) ආකර්ශනය කර ගැනීමට හැකිය.
  • ප්‍රතික්‍රියා වීමේදී ද්විත්ව බන්ධනය බිද හෙලා ඉලෙක්ට්‍රෝෆයිලය C වලට සම්බන්ධ කරගනිමින් ප්‍රතික්‍රියා ආරම්භ කරන නිසා ඇල්කීන වල ලාක්ෂණික ප්‍රතික්‍රියා විශේෂය වනුයේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන යි.

පළමුව ඇල්කීන පිලියෙල  කරගනිමු.

1. ඇල්කොහොල විජලකරණයෙන්,

  • මේ සදහා විජලකාරක භාවිතා කෙරේ.බහුලවම භාවිතා වනුයේ සා.H2SO4 හා නිර්ජලීය Al2O3 ය.
  • OH ඛණ්ඩය බැදුණු C ට යාබද C පරමාණු කීපයක් ඇති විට ප්‍රධාන ඵලය ලෙස සලකනුයේ අඩු H සංඛ්‍යාවක් බැදි ඇති C ගෙන් ඉවත් වන ඵලයයි.

 

2. ඇල්කිල් හේලයිඩ නිර්හයිඩ්‍රො හැලජනීකරනය මගින්,

  • ඇල්කිල් හේලයිඩයක් මද්‍යසාරිීය KOH සමග රත් කල විට ඇල්කීනයක් ලැබේ.

 

  1. ඇල්කයින උත්ප්‍රේරිත හයිඩ්‍රජන් ආකලනය
  • අඩු ප්‍රතික්‍රියාශීලීත්වයක් ඇති උත්ප්‍රේරකයක් භාවිතා කිර්‍රිමෙන් ඇල්කයින හයිඩ්‍රජන් ආකලනයෙන් ඇල්කීන ලබා ගත හැක.
  • සාමාන්‍යයෙන් මේ සදහා Pd, BaSO4 සහ ක්විනොලීන් භාවිතා කරයි

ඇල්කීන වලින් සිදුකරන ප්‍රතික්‍රියා

1. හයිඩ්‍රජන් හේලයිඩ ආකලනය (HBr,HCL,HI)

  • හයිඩ්‍රජන් හේලයිඩ අණුවක් H&+-X&- ලෙස අයනීකරණය වී පවතී.එවිට ඇල්කීනයේ ද්විත්ව බන්ධනය සමග H+ අයනය ප්‍රතික්‍රියා වේ.උදා – HBr ආකලන ය
  • එවිට H-Br බන්ධනය බිදී Brනිදහස් වේ.

  • මෙහිදී අතරමැදියක් ලෙස  කාබෝකැටායනයක් සෑදේ.

කාබොකැටායනවල ස්ථායීතාව සහ මාකොනිකොෆ් නියමය ඇතුළත් විස්තර සදහා “‍යාන්ත්‍රණ ලිවීමට උපකාරීවන මූලික සංකල්ප” බලන්න.

 

2. බ්‍රෝමීන් ආකලනය

  • මෙහිදී CCl4 වැනි නිර්ධ්‍රැවීය ද්‍රාවකයක් හරහා සැලකිය යුතු වේලාවක් හැලජන බුබුලනය කිරීමෙන් පිළියෙල කර ගන්නා සංතෘප්ත ද්‍රාවක කට්ටලයක් යොදාගනී.
  • යම්කිසි කාබනික සංයෝගයකට Br2 එක් කල විට එය නිර්වර්ණ වේ නම්, එම සංයෝගයේ ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන පැවැතිය හැක.

  • Br2 යනු නිර්ධ්‍රැවීය අණුවකි.නමුත් එය en  වලින් පොහොසත් ද්විත්ව බන්ධනයක් සමග ප්‍රතික්‍රියාවීමේදී එහි ධ්‍රැවයක්  ප්‍රේරණය වේ.
  • ද්විත්ව බන්ධනයට සමීප Br පරමණුවට භාගික + ආරෝපණයක් ලැබේ.
  • පළමු පියවරේදී චක්‍රීය බ්‍රෝමෝනියම් අයනය සෑදේ.

  • දෙවන පියවරේදී ඉතිරි බ්‍රෝමයිඩ් අයනය (Br) නියුක්ලියෝෆයිලයක් ලෙස (en ඝනත්වය වැඩි ) ලෙස ක්‍රියා කරමින් පහත ලෙස ප්‍රතික්‍රියා වේ.

 

 

3. සාන්ද්‍ර සල්ෆියුරික් අම්ල ආකලනය හා ඵලයේ ජල විච්චේදනය

  • ඇල්කීන සා.H2SO4 සමග ප්‍රතික්‍රියාවේදී ඇල්කිල් හයිඩ්‍රජන් සල්ෆේට් සාදයි.
  • මෙයද අතරමැදි කාබෝකැටායනයක් හරහා සිදුවෙයි.

  • මෙම ලැබෙන ඵලය  ජලයෙන් තනුක කර රත් කල විට ජල විච්ඡේදනය වී ඇල්කොහොල ලබා දේ.

  • මෙම ඵලය ඍජුවම ත.H2SO4 ආකලනය මගින් ද ලබා ගත හැක.

4. උත්ප්‍රේරිත හයිඩ්‍රජන් ආකලනය මගින් (හයිඩ්‍රජනීකරණය)

  •  මෙහිදී සියුම්ව කුඩු කරන ලද Pt හෝ Pd හෝ Ni වැනි උත්ප්‍රේරක හමුවේ H2 ප්‍රතික්‍රියා කර ඇල්කීන-> ඇල්කේන බවට පත් කරයි.

5. සිසිල් තනුක ක්ෂාරීය KMnO4 සමග ප්‍රතික්‍රියාවෙන් (Baeyer’s Test)

  • මෙම ද්‍රාවණය සමග ඇල්කීන ප්‍රතික්‍රියා කර ඩයෝල/ග්ලයිකෝල් සාදයි.
  • මෙහිදී KMnO4 වල දම් පැහැය නැති වී දුඹුරු පැහැති MnO2 සෑදේ.

  • අසන්තෘප්තතාව සදහා පරීක්ෂාවක් ලෙස මෙය භාවිතා වේ.මෙය අසන්තෘප්තතාව සදහා බේයර් පරික්ෂාව නම් වේ.කෙසේ වෙතත් පහසුවෙන් ඔක්සිකරණය වන ඇල්ඩිහයිඩ වැනි ද්‍රව්‍ය ද මෙම පරික්ෂාවට පිළිතුරු දේ.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet