08.01.01 – ඇල්කේන

හයිඩ්‍රොකාබන යනු,

කාබන් හා හයිඩ්‍රජන් පමණක්  අඩංගු සංයෝග වේ.

  1.  ඇල්කේන
  2. ඇල්කීන
  3. ඇල්කයින
  4. බෙන්සීන්

ඇලිෆැටික හයිඩ්‍රොකාබන වල  භෞතික ගුණ හා බන්ධන ස්වාභාවය පිළිබදව විමසා බලමු.

ඇල්කේන

  • ඇල්කේන යනු සංතෘප්ත හයිඩ්‍රොකාබනයකි.එනම් ඒවා කාබන්- කාබන් (C-C) තනි බන්ධන පමණක් ඇති ඒවායි.
  • මෙහිදී සරලම ඇල්කේනය ලෙස CH4 (මෙතේන්) දැක්විය හැකි අතර එහි කාබන් පරමාණුවට හයිඩ්‍රජන් පරමාණු 4ක් බැදී ඇත.
  • කාබන් 2ක් සම්බන්ධ  ඇල්කේනය CH3CH3 (එතේන්) වේ.
  • අනිවාර්යය ලෙස C පරමණුවකට බන්ධන 4ක් පැවතිය යුතුය.

 

  • ඇලිෆැටික ඇල්කේනවල පොදු සූත්‍රයක් පවතින් අතර එය CnH2n+2 ( මෙහි n=1,2,3..)

දැන් ඇල්කේන වල භෞතික ගුණ ගැන සලකා බලමු.

ද්‍රවාංක හා තාපාංක         

  • ඇල්කේන නිර්ධ්‍රැවීය  හෝ ඉතා දුබල ලෙස ධ්‍රැවීය වේ.එනම් ඒවායේ පවතින්නේ දුබල අපකිරණ බලයි.

**පෘෂ්ඨ වර්ගඵලය වැඩි වන විට අපකිරණ බල වල ප්‍රබලතාව වැඩි වේ

**පෘෂ්ඨ වර්ගඵලය   අපකිරණ බල ප්‍රබලතාව

 එමනිසා ද්‍රවාංක හා තාපාංක ->

                    CH<  CH3CH<  CH3CH2CH3

           කාමර උෂ්ණත්වයේදී,

                     C1 සිට   C4    දක්වා -> වායු

                      C5 සිට  C 18 දක්වා -> ද්‍රව

                      C 18 ට වැඩි          -> ඝන

  • නමුත් එකම අණුක සූත්‍රයක් සදහා අංශදාම ගණන වැඩි වන විට ද්‍රවාංක තාපාංක අඩු වේ.

උදා:-

  

ජල ද්‍රාව්‍යතාව

  • ඇල්කේන නිර්ධ්‍රැවීය වේ.
  • එමනිසා ජලයේ දිය නොවේ.

ඇල්කේන වල ව්‍යුහය සෑදෙන්නේ කෙසේද?

  • සරලම ඇල්කේනය වන මෙතේන් (CH4  )සලකමු.
  • කාබන් පරමාණුව H පරමාණු 4ක් සමග සහසංයුජව බන්ධන 4ක් සාදා ගනී.
  • P කාක්ෂික 2ක් පමණක් පවතින බැවින් එයට සාදා ගත හැක්කේ එකිනෙකට ලම්භක බන්ධන 2ක් පමණි.

                  C- 1s2 2s2  2p2

  • 2s කාක්ෂිකයේ ඇති ඉලෙක්ට්‍රෝන 2 වියුග්ම වී එකක් p කාක්ෂිකය දක්වා ඉහලට ගිය හොත් C පරමාණුවට එක් ඉලෙක්ට්‍රොනය බැගින් වන කාක්ෂික 4ක් සාදා ගත හැක.
  • මෙතෙන් අණුවේ ඇති එක සමාන C-H බන්ධන 4 පැහැදිලි කිරීම සදහා 2p හා 2s කාක්ෂික මිශ්‍ර වේ යැයි සලකනු ලැබේ.
  • මිශ්‍ර වීමෙන් නව කාක්ෂික සෑදීම මුහුම්කරණය යැයි අපි දනිමු.
  • මෙතේන් වල කාබන් මුහුම් කාක්ෂික 4 sp3 වන අතර එය සෑදීමට s කාක්ෂිකයක් හා p කාක්ෂික 3ක් මිශ්‍ර විය යුතුය.මෙවැනි C පරමාණු sp3 මුහුම්කරණය වී ඇතැයි සැල්කේ.
  • එය ප්‍රස්තාරිකව,
  • ඒ අනුව චතුස්තලීය ආකාරයට සැකසෙන කාක්ෂික 4ක් පවතී.

ඇල්කේන වල රසායනික ප්‍රතික්‍රියා.

  • ඇල්කේන නිර්ධ්‍රැවීය බැවින් ඉතා ඉහල  ඍණ හෝ අධික ධන වන පරමාණු වලින් සමන්විත නොවේ.
  • එමනිසා OH,CN,H+වැනි සුලබ ධ්‍රැවීය ප්‍රතිකාරක සමග සාමන්‍ය තත්ව යටතේ ප්‍රතික්‍රියා නොවේ.

පළමුව ඇල්කේන සාදා ගන්නා ආකාරය බලමු.

1. ඇල්කීන උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය මගින්

 

  • මෙහිදී උත්ප්‍රේරකයක් ලෙස Ni හෝ Pd හෝ Pt ඇති විට ඇල්කීන H2 සමග ප්‍රතික්‍රියා කර අනුරූප ඇල්කේනය සාදයි.
  • මෙහිදී ඇල්කේනය 300 °C කට පමණ ආසන්න උෂ්ණත්වයකදී Ni,Pt,Pd වැනි උත්ප්‍රේරක H2 සමඟ රත් කිරීමෙන්  ඒවායේ ඇති C- C \mathrm\pi  බන්ධන  හයිඩ්‍රජනීකණය වී ඇල්කේන නිපදවයි.

 

2. ඇල්කයින උත්ප්‍රෙරිත හයිඩ්‍රජනීකරන්‍යෙන්

 

3. ඇල්ඩිහයිඩ කීටෝන ක්ලෙමෙන්සන් ඔක්සිහරණයෙන්

  • මෙහිදී කාබනිල් O පරමාණුව වෙනුවට H පරමාණු 2 ක් සම්බන්ධ වේ.

 

4. ග්‍රීනාඩ් ප්‍රතිකාරකයට ජලය එක් කිරීමෙන්

  • තමා වටා පවතින අධික ඉලෙක්ට්‍රෝන ඝනත්වය නිසා Mg බැදුණු C පරමාණුව H2O හා තනුක අම්ල හමුවේ භෂ්මයක් ලෙස ක්‍රියා කරයි.
\begin{array}{l}{\text{     CH}}_3\text{MgBr}\xrightarrow{{\text{H}}_2{\text{O/H}}_3\text{O}^+}{\text{  CH}}_4\\\\{\text{CH}}_3{\text{CH}}_2\text{MgBr}\xrightarrow{{\text{H}}_2{\text{O/H}}_3\text{O}^+}{\text{  CH}}_3{\text{CH}}_3\end{array}
 

5. ග්‍රීනාඩ් ප්‍රතිකාරකය  හා ඇල්කිල් හේලයිඩ අතර ප්‍රතික්‍රියාවෙන්,

\begin{array}{l}{\text{       CH}}_3{\text{MgBr + CH}}_3\text{Br}\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}{\text{CH}}_3{\text{-CH}}_3{\text{ +  MgBr}}_2\\\\{\text{CH}}_3{\text{CH}}_2{\text{MgCl + CH}}_3\mathrm{Cl}\;\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}{\text{CH}}_3{\text{CH}}_2{\text{CH}}_3\text{ +  Mg}{\mathrm{Cl}}_2\;\\\end{array}

දැන් ඇල්කේන මගින් කල හැකි ප්‍රතික්‍රියා මොනවාද?

  • මෙහිදී ඇල්කේන හැලජන සමග ප්‍රතික්‍රියාව පමණක් සලකනු ලැබේ.

CH4 හා Cl2 අතර ප්‍රතික්‍රියාව සලකමු.  (මෙතේන් ක්ලෝරිනීකරණය)

  • පාරජම්බූල කිරණ හමුවේ Cl2 අණු සමවිච්ඡේදනය වී \frac\circ{\text{Cl}} මුක්තඛණ්ඩක සෑදේ.
  • එය CH4 සමග ප්‍රතික්‍රියා කර CH3Cl , CH2Cl2 , CHCl3 , CCl4 මිශ්‍රණයක් සෑදේ.
  • මෙම යාන්ත්‍රණය පියවර 3කින් සමන්විතයි.
  1. දාම ආරම්භක පියවර
  2. දාම ප්‍රචාරණ පියවර
  3. දාම අවසන් පියවර
  • දාම ආරම්භක පියවර

CH4 හා Cl2 අඩංගු මිශ්‍රණයකට විසරිත හිරු එලිය වැටීමට සැලැස්වූ විට Cl2 පහත ලෙස සමවිච්ඡේදනය වේ.

 
  • දාම ප්‍රචාරණ පියවර

 ඉහතින් සෑදෙන Cl. මුක්තඛණ්ඩක CH4 මත පහත ලෙස ප්‍රතික්‍රියා  වේ.

 

ඉන්පසු පහත පටිපාටියට අනුව සිදුවේ.

මෙම දාමය අවසන් වනුයේ දාම අවසාන ප්‍රතික්‍රියා වලිනි.

  • දාම අවසන් පියවර

එමනිසා  ප්‍රතික්‍රියාවේදී ඵල මිශ්‍රණයක් සෑදෙන බව නිරීක්ෂණය කිරීමට පුළුවන.

  • මෙහිදී භාවිතා කරන හැලජනය මත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස්වේ.

F>   Cl2   >    Br2               

ශීඝ්‍රතාවය අඩු වේ

මෙහිදී I2 සමඟ ප්‍රතික්‍රියාවක් නැත.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom