විද්‍යා අංශයජීව විද්‍යාව4.2.1 - ආලෝකය අධිග්‍රහණය සඳහා ශාක ප්‍රරෝහ නිර්මාණය වී ඇති ආකාරය.

4.2.1 – ආලෝකය අධිග්‍රහණය සඳහා ශාක ප්‍රරෝහ නිර්මාණය වී ඇති ආකාරය.

 

ශාක කඳ

1. ශාක උසට වැඩෙන්නේ ඇයි?

    • යාබද ශාක වලින් ලැබෙන සෙවණ මඟ හරවා ගැනීමට.

 

2. ආලෝක අධිග්‍රහණය සඳහා කඳ දායක වන්නේ කෙසේද?

    • බොහෝ උස ශාකවලට ශක්තිමත් යාන්ත්‍රික සන්ධාරණයක් සහිත ඝනකම් කඳන් ඇත.
    • කාෂ්ඨීය ශාකවල උස කඳන් ද්වීතියික වර්ධනය නිසා ශක්තිමත් වේ.
    • වැල් ඉහළ ආලෝක ප්‍රමාණයක් අධිග්‍රහණය සඳහා අනෙකුත් වස්තු මත යැපෙමින් ඉහළ ස්ථරවලට ළඟා වෙයි.

 

3. ශාක අතු බෙදී ඇති ආකාරය ආලෝක අධිග්‍රහණයට දායක වන්නේ කෙසේද?

    • විවිධාකාර ලෙස ශාකවල අතු බෙදීමේ රටා ඇත.
    • සමහර ශාක අතු බෙදී නැති අතර, සමහර ඒවා හොඳින් අතු බෙදී පවතී.
    • විවිධාකාර ශාක අතු බෙදීමේ රටා මඟින් ශාක තම පාරිසරික නිකේතනවලින් උපරිම ආලෝක ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනීමට හැඩ ගැසී ඇත.

 

පත්‍ර

4. වැඩි ආලෝක ප්‍රමාණයක් අධිග්‍රහණයට ශාක පත්‍රවල පවතින වෙනස්කම් 3ක් දක්වන්න.

    • පත්‍රයේ ප්‍රමාණය විවිධ වීම.
    • විවිධ පත්‍ර වින්‍යාස දැරීම.
    • පත්‍ර දිශානතිය සිරස් හෝ තිරස් වීම.

 

5. ශාක පත්‍රයේ ප්‍රමාණය රඳා පවතින්නේ කුමක් මතද? උදාහරණ දෙන්න.

    • ශාකය වැඩෙන පරිසරය අනුව පත්‍රයේ ප්‍රමාණය වෙනස් වේ.
    • උදා -: වර්ෂා වනාන්තර තුළ වැවෙන ශාකවලට විශාලතම පත්‍ර ඇත.

                ඉතා වියළි හෝ තද ශීත පරිසරවල වැඩෙන ශාකවලට කුඩාම පත්‍ර ඇත.

 

6. පත්‍ර වින්‍යාසය යනු කුමක්ද?

    • කඳ මත පත්‍ර සැකසී ඇති ආකාරයයි.

 

7. කඳට පත්‍ර සවි වන්නේ කෙසේද?

    • කඳ මත ඇති ගැටයකට පත්‍ර එකක්, දෙකක් හෝ කීපයක් සවි වී ඇත.

 

8. ඇතැම් පත්‍ර තම දිශානතිය තිරස්ව පවත්වා ගන්නේ ඇයි?

    • අඩු ආලෝක තත්ත්ව යටතේ වුවද කාර්යක්ෂමව ආලෝකය ග්‍රහණය කිරීමට.

 

9. සිරස් පත්‍ර දිශානතිය දක්වන ශාක කාණ්ඩයක් නම් කරන්න.

    • තෘණ

 

10. සිරස් පත්‍ර දිශානතියේ අරමුණ කුමක්ද?

    • තීව්‍ර ආලෝකයට නිරාවරණය වීමෙන් පත්‍ර තලයට සිදු විය හැකි හානිය වළක්වා ගැනීම.(එනම් පත්‍ර ආසන්න වශයෙන් සිරස්ව තිබීම නිසා පත්‍ර තලයට ආලෝක කිරණ සමාන්තරව පතිත වීමන් වැඩිපුර ආලෝකය පත්‍රය මතට නොලැබේ.)

 

11. දර්ශීය ද්වීබීජ පත්‍රී ශාක පත්‍රයක හරස්කඩ ව්‍යූහය ඇඳ කොටස් නම් කරන්න.

 

12. උපරිම ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීමට ද්වීබීජ පත්‍රී ශාක පත්‍රයේ ඇති අනුවර්තන මොනවාද?

    • උච්චර්මය පාරදෘශ්‍ය වීම.
    • ඉනි මෘදුස්තර සෛල පත්‍ර තලයට ලම්භකව පිහිටීමෙන් සෛල වැඩි ගණනක් උඩු අපිචර්මයට ආසන්නව පිහිටීම. එමඟින් වැඩි සෛල ගණනකට ආලෝකය ලැබේ.
    • හරිතලව බහුල ඉනි මෘදුස්තරය, පත්‍ර තලයට ආසන්නයේ පිහිටීම.
    • ද්වීබීජ පත්‍රී ශාක වැඩි ප්‍රමාණයක පත්‍ර දිශානතිය තිරස් වීම.
    • සවිවර මෘදුස්තර සෛලවලද හරිතලව යම් ප්‍රමාණයක් අඩංගු වීම.
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet