5.4.2.: මිනිසාගේ ශ්වසන පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය
5-පාඩම
මානව ශ්වසන පද්ධතිය
මිනිසාගේ ශ්වසන පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය
- මිනිස් රුධිරයේ සාමාන්‍ය pH අගය කොපමණද ?
2.ආශ්වාස කරන ලද වාතය නාස් විවර වල සිට ගර්ත දක්වා ගමන් කරන මාර්ගය දැක්වීමට ගැලීම් සටහනක් අඳින්න .
- නාස් විවර
- නාස් කුහරය,
- ග්‍රසනිකාව ,
- ශ්වාසනාලය,
- ශ්වාස නාලිකා,
- අනු ශ්වාවනාලිකා,
- ගර්ත
3.පෙනහැලි තුල පිහිටා ඇති ශ්වසනයට වැදගත් වන ව්‍යුහ මොනවාද ?
-
-
- ශ්වාසනාලිකා,
- අනුශ්වාසනාලිකා
- ගර්ත
4.වම් පෙනහැලුව දකුණු පෙනහැලුවට වඩා කුඩා වීමට හේතුව කුමක්ද ?
5.එක් එක් පෙනහැලුවල ඇති කන්ඩිකා ගණන දක්වන්න .
-
- වම්- කන්ඩිකා 2
- දකුණු-කන්ඩිකා 3යි.
6.පෙනහැලුවක් වටා ඇති පටල දෙක මොනවාද ?
-
- අන්තරාන්ග ප්ලූරාව
- පාර්ශව ප්ලූරාව
7.ආශ්වාස කරන විට නාස් කුහරයට ඇතුළු වූ වාතය ප්‍රධාන වෙනස්කම් 3කට ලක්වේ.ඒ මොනවාද?
- වාතය තෙත් වීම
- වාතය පිරිසිදු වීම
- වාතය ශරීර උෂ්ණත්වය ට පත්වීම
8.ශ්වරාලයේ හා ශ්වාසනාලයේ බිත්ති කාටිලේජ මගින් ශක්තිමත් වී තිබීමේ වැදගත්කම කුමක්ද ?
- ආශ්වාසයේදී ඒවා බිද වැටීම වැළැක්වීම
9.ශේල්ෂ්මල ඉහළ නැංවීම යනු කුමක්ද?
- පක්ෂ්ම සැලීම මගින් ශ්ලේශ්මල ග්‍රසනිකාව වෙත ඉහලට චලනය කර ගිල්ම මගින් අන්නසෝත්‍රයට ඇතුල් කරවීම
10.ගර්ත ආවරණය කරමින් පවත්නා සර්පැක්ටන්‍ට් මගින් සිදුවන වැදගත් කෘත්‍ය කුමක්ද ?
- පෘශ්ටික ආතතිය අඩු කරමින් ඉහල පෘශ්ටික ආතතියකදී ගර්ත බිද වැටීම වැලැක්වීම
11.මිනිසාගේ ශ්වසනය ඍණ පීඩන ශ්වසනයක් ලෙස හදුන්වන්නෙ ඇයි ?
-
- පෙනහැලි තුලට වාතය තල්ලු කිරිමකට වඩා ඇදගැනීමක් සිදුවන නිසා
12.මිනිසාගෙ ක්‍රියාකාරී මට්ටම අනුව ශ්වසනයට දායක වන අතිරේක පේෂී මොනවාද ?
-
-
- ගෙල, පිට ප්‍රදේශය ,පපු ප්‍රදේශයේ පේෂී
13.සාමාන්‍ය ආශ්වාසයේදී දායක වන පේෂී මොනවාද?
-
-
- අන්තර් පර්ශුක පේශී , මහා ප්‍රාචීරයේ කංකාල පේශී
14.හිමොහ්ලොබීන් අණුවක් ඔක්සිජන් සමඟ ප්‍රත්‍යාවර්ත ලෙස බැදීම දක්වන ප්‍රතික්‍රියාව ලියන්න.
15.මුලු පෙනහැලි දාරිතාවය කොපමණද ?
-
16.පෙනහැලි වාතනය වීමේ යාන්ත්‍රනය යනු කුමක්ද?
- මාරුවෙන් මාරුවට සිදු වන පෙනහැලි තුලට වාතය ඇතුළු කරගන්නා ආශ්වාසය සහ පෙනහැලි වලින් වාතය පිට කරන ප්‍රශ්වාස ක්‍රියාවලිය එක්ව ගත් විට පෙනහැලි වාතනය වීමේ යාන්ත්‍රනය නම් වේ.
17.මිනිසාගේ ශ්වසනය ඍණ පීඩන ශ්වසනයක් ලෙස හදුන්වන්නේ ඇයි?
- පෙනහැලි තුලට වාතය තල්ලු කිරීමට වඩා ඇද ගැනීමක් සිදු වන නිසා.
18.ආස්වාසය සක්‍රිය ක්‍රියාවලියක්ද? අක්‍රිය ක්‍රියාවලියක්ද?
19.ආස්වාස ක්‍රියාවලිය සිදු වන ආකාරය පහදන්න.
20.ප්‍රශ්වාසය සක්‍රිය ද? අක්‍රිය ද?
21.ප්‍රශ්වාස ක්‍රියාවලිය පහදන්න.
- අන්තර් පර්ශුක පේශි හා ප්‍රාචිර පේශි ඉහිල් වේ
- උරස් කුහරයේ පරිමාව අඩු වේ.
- එවිට පෙනහැලි තුල පීඩනය බාහිර පිඩනයට වඩා ඉහල යයි.
- එමගින් පෙනහැලි තුල සිට වායුගෝලයට වාතය තල්ලු කිරීම සිදු වේ.
22.ක්‍රියාකාරී මට්ටම අනුව අතිරේක පරිමාවක් ලබා ගැනීමට දායක වෙන පේශි මොනවාද?
- ගෙල, පිට ප්‍රදේශය හා පපු ප්‍රදේශයේ මාංස පේශි.
23.පෙනහැලි කාර්යක්ෂම ශ්වසන පෘෂ්ටයක් වන්නේ ඇයි?
- ගර්ත මගින් ඉහල ක්ෂේත්‍රඵලයක් සැපයීම.
- ගර්ත බිත්ති හා කේශනාලිකා බිත්ති යන දෙවර්ගයම සරල ශාල්කමය අපිච්චදයෙන් ආස්තරණය වී තිබීම.
- ගර්ත පෘෂ්ටය තෙත් වීම.
- ගර්ත අධික ලෙස වහිනිමත් වීම.
24.බාහිර ශ්වසනය හා අභ්‍යන්තර ශ්වසනය හදුන්වන්න.
- බාහිර ශ්වසනය : පෙනහැලි වල සිට රුධිරය කරා O2 පරිවහනය වීමත් රුධිරයේ සිට පෙනහැලි කරා CO2 පරිවහනය වීමත්.
- අභ්‍යන්තර ශ්වසනය : රුධිරයේ සිට පටක තරලය හරහා පටක කරා O2 පරිවහනය වීම හා පටක වල සිට පටක තරලය ඔස්සේ රුධිරයට CO2 පරිවහනය වීම.
25.හිමොග්ලොබින් අණුවක් සමග O2 අණු කීයක් සම්බන්ධ වේද?
ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ සමස්ථිතික යාමනය.
26.මෙය ඉච්චානුගද අනිච්චනුගද?
27.ශ්වසන ක්‍රියාවලියේ ප්‍රධාන යාමන ස්ථානය කුමක්ද?
- සුෂුම්නා ශිර්ශකයේ ඇති ශ්වසන පාලන ස්ථාන යුගලය.
28.ශ්වසන ක්‍රියාව යාමනයේ ඍණ ප්‍රතිපෝෂි යාන්ත්‍රණය පහදන්න.
- ආශ්වාසයේදී පෙනහැලි පටක ඇදී පවතින විට පෙනහැලි තුලම පිහිටන සංවේදක මගින් එය හදුනා ගෙන සුෂුම්නා ශිර්ශකයේ ඇති පාලන ස්ථානය වෙත ස්නායු ආවේග යවයි. එවිට වැඩි දුරටත් ආස්වාසය නිශේදනය කරමින් පෙනහැලි ප්‍රමාණයට වඩා ප්‍රසාරණය වීම වලක්වයි.
29.pH අගය මත ශ්වසන යාමනය සිදු වන ආකාරය පහදන්න.
- සුෂුම්නා ශිර්ශකයේ පටක තරලයේ pH වෙනස මත මෙය සිදු වේ.
- රුධිර pH අගය රුධිර CO2 සන්ද්‍රනයේ දර්ශකයක් වේ. රුධිර CO2 මට්ටම ඉහල ගිය විට මස්තිෂ්ක සුෂුම්නා තරලයේ pH අගයද ඉහල යයි. එවිට එහි pH අගය පහල බසියි.
- සුෂුම්නා ශිර්ශකයේ සංවේදක සහ මහා ධමනියේ හා ප්‍රධාන ධමනි වල සන්වේදක මගින් මේ pH වෙනස හදුනා ගනී
- ඊට ප්‍රතිචාර ලෙස පාලන පරිපථ ක්‍රියාකාරී වෙමින් ආශ්වාසයේ ගැඹුර හා වේගය වැඩි කරමින් වැඩිපුර ඇති CO2 ප්‍රශ්වාස වාතය මගින් බැහැර කරයි.
- පසුව රුධිර සාමාන්‍ය pH අගය 7.4 කරා ලගා වේ.
30.ශ්වසන පාලක මධ්‍යස්ථානය වෙත O2 හි බලපෑම විස්තර කරන්න.
- ඉතා සුළු බලපෑමකි.
- O2 සාන්ද්‍රණය ඉතා පහල ගිය විට මහා ධමනියේ හා ශීර්ෂ පෝෂි ධමනි වලත් පිහිටන O2 සන්වේදක මගින් සුෂුම්නා ශිර්ශකයට ආවේග ලබා දී ශ්වසන ශීඝ්‍රතාව ඉහල නංවයි.
31.සුෂුම්නා ශිර්ශකයේ පාලන මධ්‍යස්ථානයට අමතරව අතිරේක ශ්වසන පාලන ස්ථාන පිහිටන්නේ කුමන ස්ථානයකද?
ශ්වසන පද්ධතියේ ආබාධ
32.සිගරට් දුම් පානය නිසා ශ්වසන පද්ධතියට වන බලපෑම් මොනවාද?
- සිගරට් දුමෙහි නිකොටින් නම් ඇබ්බැහි කාරකය අඩංගු වේ. එය හර්ද ස්පන්දන වේගය ඉහල නංවන අතර පර්යන්ත රුධිර වාහිනී සංකුන්චනය කරවයි. එමගින් රුධිර පීඩනය තාවකාලිකව ඉහල යයි.
- සිගරට් දුම මගින් ක්ලස් සෛල වලින් ශ්ලේෂ්මල ස්‍රාවය උත්තේජනය කරන අතර ශ්වසන මාර්ගයේ පක්ෂ්ම ක්‍රියාකාරිත්වය නිශේදනය කරයි. එමගින් අනුශ්වාස නාලිකා තුල ශ්ලේෂ්මල එකතු වීමෙන් ශ්වාසනලිකා ප්‍රදාහය හෝ බ්‍රොන්කයිටීස් ඇතිවේ.
- සිගරට් දුමෙහි ඇති හයිඩ්‍රජන් සයනයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය ද පක්ෂ්ම නිසිලෙස ක්‍රියාව නතර කරවයි. එමගින් දුවිලි හා වෙනත් අංශු පෙනහැලි තුල එක් රැස් වීමෙන් ගර්තික පටක විනාශ වීම සිදු වේ.
- සිගරට් දුමෙහි අඩංගු වන කාබන් මොනොක්සයිඩ් රුධිරයට අවශෝෂණය වි හිමොග්ලොබීන් සමග ඔක්සිජන් වලට වැඩි බන්ධුතාවකින් අප්‍රතිවර්ත්‍ය ලෙස සම්බන්ධ වීම නිසා නිපදවෙන ඔක්සිහිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙයි. එනිසා රුධිරයේ ඔක්සිජන් පරිවහනය අඩු වෙයි.
- සිගරට් දුමෙහි පිලිකාකාරක රැසක් අඩංගු වේ.
33.සිලිකෝසිස් යනු ස්වසන පද්ධතිය හා සම්බන්ද තවත් ආබාධ තත්වයකි. මේ සදහා වැඩි අවදානමක් ඇති කර්මාන්ත මොනවාද?
- ග්‍රැනයිට්, කළුගල් සහ වැලිගල් පතල් කැණීම.
- ගල් අගුරු, රන් ටින් හා තඹ ආකර
- වැලි හා පෙදරේරු කර්මාන්තය
- වීදුරු හා මැටි කර්මාන්ත.
34.සිලිකා අංශු ආශ්වාස කලා විට ඇති වන තත්වය පහදන්න
- එම අංශු ගර්ත තුල එක් රැස් වේ ඒවා මහා භාක්ෂනු මගින් අදිග්‍රහණය කරයි
- ඇතැම් අංශු ගර්ත තුලම රැදේ.
- මේවා ගර්ත වලින් පිටතට පැමිණ ප්ලුරාව අවට ඇති අනුශ්වස නාලිකා හා රුධිර වාහිනී අවට ඇති සම්බන්දක පටක තුලට ගමන් කරයි
- එම අංශු වටා තන්තුමය පටක වර්ධනය වී අනුශ්වාස නාලිකා හා රුධිර වාහිනී විනාශ වේ
- ක්‍රමයෙන් පෙනහැලි පටක විනාශ වි පුප්පුශීය අධ්‍යාතතිය හා හර්දය අකර්මණ්‍ය වීම සිදු වේ.
35.පෙනහැලි පටක විනාශ වීමට හා පුප්පුශීය අධ්‍යාතතියට හේතු වන තවත් කර්මාන්ත ආශ්‍රිත රෝගයක් නම් කරන්න
36.පෙනහැලි පිලිකා තත්වයන්ගෙන් 90%ට පමණ හේතු වන්නේ කුමක්ද?
37.ක්ෂය රෝගයෙහි රෝග කාරකය කුමක්ද?
- Mycobacterium tuberculosis නැමැති බැක්ටීරියාව
38.සුලභතම ක්‍ෂයරෝග ආකාරය කුමක්ද?
39.ක්ෂයරෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
- ආහාර අරුචිය
- බර අඩු වීම
- අධික දහඩිය
- උණ
- පීඩාකාරී කැස්ස
- රුධිරය බැහැර වීම
40.ඇදුම හට ගන්නේ කෙසේද?
- අනුශ්වාස නාලිකා ජාලයේ, බිත්තිවල පවතින සිනිදු පේශි ක්ෂණිකව සංකෝචනයට ලක් වීමෙන් ඒවායේ කුහර පටු වීම හෝ වැසී යාම සිදු වීමෙන් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අපහසු වීමෙන් ඇදුම ඇතිවේ.
41.ඇදුම හට ගැනීමට ප්‍රධාන හේතු වන්නේ මොනවාද?
42.ශ්වසන චක්‍රය යනු කුමක්ද?
- එක් ශ්වසනයකදී සිදු වන ආශ්වාස හා ප්‍රශ්වාස ක්‍රියාව.
43.ශ්වසන පරිමා හතර නම් කර හදුන්වන්න.
- උදම් පරිමාව (TV) :සාමාන්‍ය ශ්වසනයේ එක් ශ්වසනයකදී දේහයට ඇතුළු කරගන්න හා පිට කරන වාත පරිමාව. විවේකීව සිටින වැඩිහිටි පුද්ගලයකුගේ මෙහි සාමාන්‍ය අගය 500 ml
- අතිරේක ආශ්වාස පරිමාව (IRV) : බලපෑමක් මගින් උදම් පරිමාවට වඩා වැඩිපුර ආශ්වාස කල හැකි අතිරේක වාත පරිමාව
- අතිරේක ප්‍රශ්වාස පරිමාව (ERV) : උදම් පරිමාවකින් පසුව ප්‍රශ්වාසය මගින් තාව දුරටත් බැහැර කළ හැකි අතිරේක වාත පරිමාව.
- ශේෂ පරිමාව (RV) : ප්‍රබල ගැඹුරු ප්‍රශ්වාසයකට පසුවත් පෙනහැලි තුල බැහැර නොවී ඉතිරි වන වාත පරිමාව. සාමාන්‍ය අගය 1200 ml වේ.
44.පෙනහැලි පරිමා වල සංකලනයන් පෙනහැලි ධාරිතා නම් වේ. ඒවා නම් කර විස්තර කරන්න.
- ආශ්වාස ධාරිතාව (IC) : උදම් ප්‍රශ්වාසයකට පසුව ආශ්වාසයෙන් ඇතුළු කරගන්නා සම්පුර්ණ වාත පරිමාව.
IC = TV + IRV
- කෘත්‍යානුගත ශේෂ ධාරිතාව (FRC) : උදම් ප්‍රශ්වාසයකට පසුව පෙනහැලි තුල ඉතිරිව පවතින වාත පරිමාව.
FRC = RV + ERV
- ජීව ධාරිතාව (VC) : පුද්ගලයකුට ආශ්වාස හා ප්‍රශ්වාස කළ හැකි උපරිම වාත පරිමාව. ස්ත්‍රීන්ගේ මෙය සාමාන්‍යයෙන් 3100ml ක් පමණ වන අතර පුරුෂයන්ගේ 4800මල් ක් පමණ වේ.
VC = TV + IRV + ERV
- මුළු පෙනහලු ධාරිතාව (TLC) : පෙණහලු වලට දරාගත හැකි උපරිම වායු වායු පරිමාව හෝ සියළුම පෙණහලු පරිමාවල එකතුවයි. මෙය සාමාන්‍යයෙන් 6000ml පමණ වේ.
45.ගර්ත බිඳ වැටීමෙන් වලක්වන පෙණහලු ධාරිතාව කුමක්ද?
46.ව්‍යුහාත්මක මළ අවකාශය නම් වන්නේ කුමක්ද?
- ශාකනය වූ සන්නායක නාල පද්ධතිය තුල (ශ්වාසනාලය, ශ්වාසනලිකා, අනුශ්වාසනලිකා ) පිරී ඇති,ගර්ත තුල වායු හුවමාරුවට දායක නොවෙන වායු පරිමාව. දර්ශීයව 150ml වේ.
මෙතනට පාඩම copy කර paste කරන්න.
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.