ජීව විද්‍යාව08. පාරිසරික ජීව විද්‍යාව8.4.1 පරිසරයට අදාල වූ ගෝලීය ගැටලු අන්වේෂණය කරයි

8.4.1 පරිසරයට අදාල වූ ගෝලීය ගැටලු අන්වේෂණය කරයි

 

ගෝලීය උණුසුම හා දේශගුණික විපර්යාස

  1. දේශගුණික විපර්යාසයක් යනු කුමක්ද?
  • මානව ක්‍රියාකාරකාරීත්වයේ සෘජු හෝ වක්‍ර බලපෑම් පදනම් කරගනිමින් වායුගෝලීය සංයුතියේ වෙනස්වීම් නිසා, ස්වභාවිකව සිදු වන දිගු කාලයක් තිස්සේ නිරීක්ෂණය කරන ලද, සලකා බැලිය හැකි තරම් වැදගත් දේශගුණික පරාමිතීන් වල දිගුකාලීන වෙනස්‌කම්.

 

2. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයෙන් දේශගුණික විපර්යාස අර්ථදක්වා ඇත්තේ කෙසේද?

  • සාමාන්‍යයෙන් වර්ෂ දශකයක් හෝ ඊට වැඩි කාලයක් ඔස්සේ පවතින දේශගුණික ගුණාංග වල තත්වයන්හි සිදු වන සංඛ්‍යා විද්‍යාත්මක වැදගත්කමක් සහිත වෙනස් වීම්

 

3. ප්‍රධාන ගෝලීය පාරිසරික ගැටලු මොනවාද?

  • ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා දේශගුණික විපර්යාස.
  • ඕසෝන් ස්ථරය හායනය.
  • කාන්තාරකරණය.
  • අම්ල වැසි ඇතිවීම.

 

4. ගෝලීය උණුසුම ඉහළ යාම හා දේශගුණික විපර්යාස සඳහා දායක වන සාධක මොනවාද ?

  • මානව ක්‍රියාකාරකම් හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් හා අනෙකුත් හරිතාගාර වායු විමෝචනය වැඩිවීම.
  • වනාන්තර විනාශය හා ලෝකයේ වෘක්ෂලතා ආවරණය අඩු කිරීම.
  • ඕසෝන් ස්ථරය ක්ෂය වීම හේතුවෙන් පාරජම්බුල විකිරණ මගින් විශාල ප්‍රමාණයක ශාක ප්ලවාංග විනාශ වීම.

 

5. ගෝලීය උෂ්ණත්වය ඉහළ නැංවීමට ඉහළ විභවයක් ඇති හරිතාගාර වායු වර්ග මොනවාද?

  • කාබන්ඩයොක්සයිඩ් (CO2)
  • මීතේන් (CH4)
  • නයිට්‍රස් ඔක්සයිඩ් (N2O)
  • පර්ෆ්ලුවරෝකාබන්
  • හයිඩ්‍රොෆ්ලෝරෝකාබන්
  • සල්ෆර් හෙක්සාෆ්ලෝරයිඩ්

 

6. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට දායක වන ප්‍රධාන හරිතාගාර වායුව කුමක්ද?

කාබන්ඩයොක්සයිඩ්

 

7. කාබන්ඩයොක්සයිඩ් වායුව වායුගෝලයට මුදාහරින මිනිස් ක්‍රියාකාරකම් මොනවාද?

  • පොසිල ඉන්ධන දහනය කිරීම.
  • කැලෑ සහ ඝන අපද්‍රව්‍ය ගිනිතැබීම.

 

8. මීතේන් වායුව විමෝචනය වන ක්‍රම මොනවාද?

  • නිර්වායු වියෝජනය
  • ගව පාලනය
  • වී වගාව
  • ආන්ත්‍රික පැසවීම.

 

9. ගෝලීය උෂ්ණත්වය ඉහළ නැංවීමේ ඉහළ විභවයක් ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් සහ මීතේන් යන වායුන්ගෙන් කුමන වායුවටද?

  • කාබන්ඩයොක්සයිඩ්

 

10. නයිට්‍රස් ඔක්සයිඩ් වායුගෝලයට නිදහස් වන ක්‍රම මොනවාද?

  • පොහොර නිෂ්පාදනයේ දී හා භාවිතයේදී.
  • වෙනත් කර්මාන්ත ක්‍රියාවන්හිදී.
  • සමහර ද්‍රව්‍ය (ජෛව ස්කන්ධ) දහනයේදී.
  • නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේ දී.
  • අභ්‍යන්තර දහන එන්ජින්වල සිදුවන පොසිල ඉන්ධන දහනයේදී.

 

11. කළු කාබන් අංශු වායුගෝලයට නිදහස් වන ක්‍රම මොනවාද?

  • පොසිල ඉන්ධන සහ වෙනත් කාබනික ද්‍රව්‍ය අසම්පූර්ණ දහනය ප්‍රතිඵලයක් ලෙස.

 

12. කළු කාබන් අංශු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට දායක වන්නේ කෙසේද?

  • කළු කාබන් අංශු වලට තාපය උරා ගැනීමේ අති විශාල හැකියාවක් ඇත.
  • ඒ හේතුවෙන් වාතයේ උෂ්ණත්වය ඉහළ නගී.

 

13. වඩා ඉහළ තාප අවශෝෂක හැකියාවක් ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් වායුව හා කළු කාබන් අංශු අතරින් කවරකටද?

  • කළු කාබන් අංශු

 

14. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට වක්‍ර බලපෑමක් ඇති කළ හැකි වායු වර්ග මොනවාද?

  • කාබන් මොනොක්සයිඩ් (CO)
  • නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2)
  • සල්ෆර්ඩයොක්සයිඩ් (SO2)
  • පරිවර්තී ගෝලයේ ඕසෝන් (O3)
  • නයිට්‍රජන් ඔක්සයිඩ්(NO)
  • ජල වාෂ්ප
  • මීතේන් නොවන වාෂ්පශීලී කාබනික සංයෝග(NMVOCs)
  • එරසෝල්(වාතිලන/එරොසෝල්)

 

15. වනාන්තර විනාශ කිරීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට බලපාන්නේ කෙසේද?

  • වායුගෝලයේ තිබෙන කාබන්ඩයොක්සයිඩ් ඉවත් කර ප්‍රභාසංස්ලේෂණය මඟින් කාබන් තිර කිරීමේ ධාරිතාව අඩු වෙයි.
  • එම නිසා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වේ.

 

16. මුහුදේ ජීවත් වන ශාක ප්ලවාංග මගින් සිදු කරන කාර්යය කුමක්ද?

  • වායුගෝලීය ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් තුල්‍යතාවය පවත්නා ගැනීම සඳහා දායක වෙයි .

 

17. භෞමික ශාක හා ශාක ප්ලවාංග අතරින් වඩා වැඩි කාබන් අවශෝෂණ හැකියාවක් ඇත්තේ කුමකටද?

  • ශාක ප්ලවාංග වලට

 

18. ශාක ප්ලවාංග මගින් වායු වායුගෝලීය කාබන් කොපමණ ප්‍රතිශතයක් අවශෝෂණය කරයිද?

  • 60% – 70% අතර පමණ.

 

19. ඕසෝන් ස්ථරය ක්ෂය වීම ශාක ප්ලවාංග වලට බලපාන්නේ කෙසේද?

  • හිරුගෙන් එන පාරජම්බුල විකිරණ වලට මෙම කුඩා වර්ගයේ ජීවීන් විනාශ කළ හැකිය.

 

20. ශාක ප්ලවාංග විනාශ වී යාමෙන් සිදුවන්නේ කුමක්ද?

  • සාගරයේ කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණ හැකියාව අඩු කර ගෝලීය උෂ්ණත්වය වැඩි කිරීමට හේතු වේ.

 

21. ගෝලීය උණුසුම ඉහළ යාම හා දේශගුණික විපර්යාස නිසා සිදුවන බලපෑම් මොනවාද?

  • මුහුදු මට්ටම ඉහළ යාම
  • අන්තගාමී කාලගුණික තත්ව
  • ආහාර සුරක්ෂිතතාවයට තර්ජන එල්ල වීම.
  • කොරල්පර හායනය
  • කෘමි ගහනය වැඩිවීම
  • ජෛව විවිධත්ව හායනය

 

22. මුහුදු ජල මට්ටම ඉහළ යාම සිදුවන්නේ කෙසේද?

  • ධ්‍රැව කලාපයේ පිහිටි විශාල අයිස් ඵලක දියවීම.
  • ජලය හා පස තාපජ ප්‍රසාරණයට ලක්වීම.

 

23. අන්තගාමී කාලගුණික තත්වයන් මනවාද?

  • අනපේක්ෂිත දැඩි වර්ෂාපතනයත්
  • දිගු කාලීන නියගයන්
  • ගංවතුර
  • නායයෑම්
  • කුණාටු

 

24. කොරල්පර හායනය නිසා සිදු වන්නේ කුමක්ද?

  • සමස්ත සාගර පද්ධතිය සහ කොරල් පරයේ ජීවත්වන බොහෝ සෙසු ජීවීන්ගේ පැවැත්ම සඳහා බරපතල අනතුරකි.

 

25. කෘමි ගහනය වැඩිවීම වැඩි වීම නිසා සිදු වන්නේ කුමක්ද?

  • මදුරුවන්ගෙන් බෝවන මැලේරියාව හා ඩෙංගු වැනි රෝගයන් ව්‍යාප්තිය වර්තමානයට වඩා වැඩි වීම.
  • ආහාර නිෂ්පාදනය සඳහා දැවැන්ත තර්ජනයක් ඇති වීම.

26. දේශගුණික විපර්යාස හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ජෛව විවිධත්ව හායනයට බලපාන්නේ කෙසේද?

  • පරිසර පද්ධති වල ව්‍යුහය වෙනස් වීම හා ඇතැම් ජීවී විශේෂ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවලින් වලින් පිටතට සංක්‍රමණය වී පැවැත්ම තහවුරු කර ගැනීමට සිදුවෙන අතර සෙසු ජීවීන් සංක්‍රමණය වීමට හැකියාවක් නොමැති බැවින් නෂ්ට වී යයි.

 

27. ඕසෝන් ස්ථරය ලෙස හඳුන්වන්නේ කුමක්ද?

  • බොහෝ ඕසෝන් අංශු වායුගෝලයේ 10km – 50km අතර පිහිටි ස්තරගෝල ප්‍රදේශයේ සාන්ද්‍ර වී ඇති අතර එම ස්ථරය ඕසෝන් ස්ථරයයි.

 

28. ඕසෝන් ස්ථරයේ ඇති වැදගත්කම කුමක්ද?

  • සූර්යයාගෙන් විමෝචනය වන පාරජම්බුල කිරණවලට පිළිස්සී යාමෙන් ජීවී ද්‍රව්‍ය ආරක්ෂා කර ගැනීම.

 

29. ස්තර ගෝලයේ සමස්ථ ඕසෝන් සාන්ද්‍රණය කොපමනද?

  • ඩොබ්සන් ඒකක 350 සිට 500 අතර.

 

30. ඕසෝන් ස්ථරය ක්ෂය වීම ලෙස හඳුන්වන්නේ කුමක්ද?

  • මිනිසා විසින් නිර්මිත ඕසෝන් හායනය කරන රසායනික ද්‍රව්‍ය නිසා දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයේ ඉහළ ස්ථර ගෝලයේ ඕසෝන් මට්ටම 200 D.U දක්වා පහත වැටීම.

 

31. ඕසොන් සිදුර ලෙස හදුන්වන්නේ කුමක්ද?

  • ඕසෝන් ස්ථරය තුනී වීම.

 

32. ඕසෝන් ස්ථරය ක්ෂය වීම සිදු වන්නේ කෙසේද?

  • ස්තර ගෝලයේ ඕසෝන් නිපදවීම හා විනාශ වීම අතර ස්වභාවික තුල්‍යතාවයට බාධා වූ විට.

 

33. ඕසෝන් ස්තරය ක්ෂය වීමට බලපාන සාධක මොනවාද?

  • CFCs, MeBr, හීලින්, HCFC මිනිසා විසින් නිෂ්පාදිත ඕසෝන් හායන ද්‍රව්‍යවලින් නිදහස් කරන ක්ලෝරීන් හා බ්‍රෝමින් නිසා සිදුවේ.

 

34. ඕසෝන් ස්ථරය ක්ෂය වීම නිසා වායු ගෝලය හරහා විනිවිද යාමේ හැකියාව වැඩි කුමන විකිරණවලද?

  • UV-B විකිරණ

 

35. ඕසෝන් ස්ථරය ක්ෂය වීම නිසා ඇතිවන බලපෑම් මොනවාද?

  • අක්ෂි රෝග, චර්ම පිළිකා සහ ආසාදිත රෝග පැතිරීම වැඩි වීම මඟින් සෞඛ්‍යය කෙරෙහි විශාල බලපෑමක් ඇති කිරීමේ විභවයක් ඇත.
  • ශාක වල කායික විද්‍යාත්මක හා වර්ධන විකසන ක්‍රියාවලි කෙරෙහි UV-B විකිරණයට බලපෑමක් ඇති කළ හැකිය.
  • UV-B විකිරණවල ප්‍රතිඵලයක් ලෙස ජීවී විශේෂයන්ගේ සංයුතියෙහි සිදුවන වෙනස්කම් (විකෘති) නිසා විවිධ පරිසර පද්ධතිවල ජෛව විවිධත්වයේ වෙනස් වීම් ඇතිවිය හැකිය.
  • UV-B විකිරණ මුහුදුදේ ඇති ජලජ ආහාර ජාලයන්ගේ පදනම වන ශාක ප්ලවාංග සෘජුවම විනාශ කරයි. මේනිසා සාගර පරිසර පද්ධතියේ ආහාර ජාලවල සංයුතිය අඩු කරයි.
  • UV-B මඟින් මසුන්ගේ, කූනිස්සනගේ, කකුළුවන්ගේ, උභයජීවීන්ගේ හා අනෙකුත් සතුන්ගේ පූර්ව විකසන අවස්ථාවල හානි පැමිණවිය හැක.

 

36. කාන්තාරකරණය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

  • ශුෂ්ක, අර්ධ ශුෂ්ක සහ වියළි උප ආර්ද්‍ර ප්‍රදේශ වල සිදුවන දේශගුණික විචලන සහ මිනිස් ක්‍රියාකාරීත්වය ඇතුළු විවිධ සාධක හේතුවෙන් භූමිය හායනය වන ක්‍රියාවලිය.

 

37. UNCCD නිර්වචනයට අනුව කාන්තාරකරණය සඳහා බලපාන ප්‍රධාන සාධක මොනවාද?

  • දේශගුණික විපර්යාස
  • මිනිස් ක්‍රියාකාරකම්

 

38. කාන්තාරකරණය සඳහා බලපාන අනෙක් ප්‍රධාන සාධකයක් සඳහන් කරන්න.

  • වනාන්තර එළි කිරීම.(වන හායනය)

 

39. වන විනාශය කාන්තාරකරණය සඳහා බලපාන්නේ කෙසේද?

  • වර්ෂාපතනය අඩුවීම.(වර්ෂාපතනය අවක්ෂපණය)
  • ජලපතනය අඩුවීම .
  • ආර්ද්‍රතාව අඩු වීම .
  • භූගත ජලාශවල ජල මට්ටම අඩු වීම .

 

40. ඉහත සඳහන් කළ සාධක වලට අමතරව කාන්තාරකරණය සඳහා බලපාන වෙනත් සාධක මොනවාද?

  • පස හා ජලය අධි පරිභෝජනය
  • පාලනයෙන් තොර පතල් කර්මාන්තය(පාලනයකින් තරව කැණීම්)
  • කෘෂි රසායනික නිෂ්පාදන වල අධික භාවිතය.
  • දුර්වල බිම් කළමනාකරණ ක්‍රමවේදයන්.

 

41. කාන්තාරකරණයේ බලපෑම් මොනවාද?

  • පරිසර පද්ධතියේ සේවාවන් අවප්‍රමාණය වීම සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජෛව විවිධත්වය අඩු වීම සිදුවේ.
  • වෘක්ෂ ලතා ආවරණය අඩු වීමෙන් ජලය හිඟය ඇති වීම.
  • සත්ත්ව හා ශාක විශේෂ වල විශේෂ වල වාසස්ථාන විනාශ වීම.
  • ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික ක්‍රියාකාරකම් /භෝග ප්‍රභේදයන්ගේ වර්ධනය අඩු වීම.
  • නියඟයට හා භූමි හායනය ට ගොදුරු වූ ප්‍රදේශවල වල ජීවත් වන ජනතාවගේ මානව සුභසාධනය හා සෞඛ්‍යය කෙරෙහි බලපෑම් ඇති වීම.
  • ශාක වල සහ පසේ කාබන් සංචිත කිරීමේ ධාරිතාවය දිගුකාලීනව අඩුවීම.

 

42. අම්ල වැසි ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතුවන වායු මොනවාද?

  • සල්ෆර්ඩයොක්සයිඩ්
  • නයිට්‍රජන් ඔක්සයිඩ්

 

43. ඉහත සඳහන් කළ දූෂක නිදහස් වන ක්‍රම මොනවාද?

  • ඝන අපද්‍රව්‍ය දහනය.
  • තාප බලාගාරවල සහ වාහන එන්ජින් වල පොසිල ඉන්ධන දහනය.

 

44. අම්ල වැසි යනු කුමක්ද?

  • වර්ෂාව,හිම,ධූමිකා හා අහසින් වැටෙන වියළි අංශු වල අම්ල තැන්පත් වීමයි.

 

45. කාබන්ඩයොක්සයිඩ් ජලයේ දිය වී සෑදෙන අම්ලය කුමක්ද?

  • කාබනික් අම්ලය

 

46. කාබන්ඩයොක්සයිඩ් දිය වීම නිසා වැසි ජලයේ pH අගය කොපමණ වේද?

  • 5.6 පමණ.

 

47. කාබන්ඩයොක්සයිඩ් වායුව අම්ල වැසි ඇති වීමට බලපායි ද?

  • නැත. අම්ල වැසි වල pH අගය 5.6 ටත් වඩා අඩුය.

 

48. අම්ල වැසි සඳහා දායක වන සාධක මොනවාද?

  • පොසිල ඉන්ධන දහනයෙන් වායුගෝලයට නිකුත් වන සල්ෆර්ඩයොක්සයිඩ් හා නයිට්‍රජන් ඔක්සයිඩ් ජලය දියවී පිළිවෙලින් සල්ෆියුරික් හා නයිට්‍රික් අම්ලය බවට පරිවර්තනය වීම.

 

49. අම්ල වැසි නිසා සිදුවන බලපෑම් මොනවාද?

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet