විද්‍යා අංශයභෞතික විද්‍යාව01.04.06 - වෙනත් මිනුම් උපකරණ වර්ග

01.04.06 – වෙනත් මිනුම් උපකරණ වර්ග

මීටර් රූල

  • සම්මත මීටර් රූලක දිග 100cm (1000mm) කි.
  • මිනුම් ගැනීම සඳහා මෙය බහුලව භාවිතා වන උපකරණයකි.
  • ළඟම පිහිටි සලකුණු සලකුණු දෙකක් අතර පරතරය 1mm ක් වෙයි.
  • මීටර් රූල මගින් කියවා ගත හැකි කෙටිම දිග කුඩාම මිනුම 1mm කි.
  • පාඨාංක ලබා ගත හැක්කේ ආසන්න මිලි මීටරයට පමණි.
  • ලබා ගන්නා මිනුමක  ±0.5mm උපරිම දෝෂයක් තිබිය හැකිය.

තෙදඩු තුලාව

  • පරිමාණය සහිත ලීවර 3කින් සමන්විත ලීවර දඬු මුලධර්මයට අනුව ක්තු‍රියා කරන ලාවකි.
  • තුලා තැටියට භාරය එක්කර ලීවර දඩු දිගේ අදාළ භාරයන් පිළිවෙළින් විස්ථාපනය කිරීමෙන් තුලාව තුලනය කර එක එක දඬු වලින් ලැබෙන පාඨාංක තුන මගින් මිනුම ලබා ගත හැකි වේ.
  • උපකරණයේ කුඩාම මිනුම 0.1g වන අතර පරිමාණ 3හි උපරිම අගයන්ගේ එකතුව 610g වේ.
  • නමුත් 2160g දක්වා මැනිය හැකි වන සේ 1kg භාර නිදර්ශක 2ක් හා 500g නිදර්ශයක් ලීවර බාහුවේ අග එල්ලීමට සකසා ඇත.
  • උපකරණය මගින් උඩුකුරු තෙරපුම් බලය මැනිය හැකි වන සේ පාඨාංක ගැනීමට තුලාව සාපේක්ෂ ඉහල උසකින් රැඳවීමට කලම්ප ආධාරකයක්ද සපයා ඇත.
  • එවිට භාරය තැටියේ තබනු වෙනුවට තැටියේ කේන්ද්‍රයට පහළින් ඇති කොක්කේ නූලකින් එල්විය හැකිය.
  • උපකරණයේ කුඩාම මිනුම 0.1g බැවින් එමෙන් 100 ගුණයක් වන 10g ට වැඩි මිනුම් සදහා මෙය යෝග්‍ය වේ.
  • 10g ට අඩු ස්කන්ධ මැනීමට ඉලෙක්ට්‍රොනික තුලාව භාවිතා කළ හැකි වේ.

උදා:

තෙදඩු තුලාවකින් පාඨාංක ලබාගැනීමට තුලනය කල අවස්ථාවක් පහත දැක්වේ. මෙහි දැක්වෙන මිනුමේ අගය කුමක් ද?

රූපයේ දැක්වෙන පාඨාංකය = 40+1 = 40.10g


ඉලෙක්ට්‍රොනික තුලාව

  • ඉලෙක්ට්‍රොනික තුලාවක කුඩාම මිනුම සහ පරාස එකිනෙකට වෙනස් වේ.සැලකිය යුත්තේ මිනුමක් ලබාගැනීමට ප්‍රථම තැටිය සහිතව ශුන්‍යය සීරුමාරුවට සකසා ගැනීම පිළිබඳවයි.
  • ඉන්පසු ස්කන්ධය එක්කර අදාළ ඩිජිටල් පාඨාංකය ලබාගත හැකි වේ.
  • තුලා භාවිතයේදී විදුලි පංකා අක්‍රිය කිරීම  වැදගත් වේ.
  • සුළගෙන් ඇතිවන බලපෑම් නිසා පාඨාංක දෝෂ සහිත විය හැකිය.


විරාම ඝටිකාව

විරාම ඝටිකා වර්ග

  1. සංඛ්‍යාංක සහිත විරාම ඝටිකා.
  2. දර්ශක උත්ක්‍රමණ සහිත විරාම ඝටිකා.
  • මෙම උපකරණය කොතරම් සංවේදී වුවත් මනින පුද්ගලයා ක්‍රියා ආරම්භ කාලය සහ අවසන් කරන කාලය අනුව මිනුම් දෝෂ විවිධ වේ. එනම් නිරීක්ෂකයාගේ ප්‍රතික්‍රියා කාලයද මෙයට බලපායි. 

මේවා අවම කරගැනීමට පහත පියවර අනුගමනය කළ හැකි වේ.

  • පූර්ව සූදානමකින් යුතු ව පාඨාංක ගැනීම ආරම්භ කිරීම .
  • සරල අවලම්බයක දෝලන කාලාවර්තය වැනි මිනුමක දී පළමු ව අවරෝහණ ක්‍රමයට ගණන් කර 0 දී උපකරණය ක්‍රියාත්මක කිරීම.
  • ආවර්ත කාලය වැනි මිනුම් සඳහා වැඩි දෝලන සංඛ්‍යාවකට පාඨාංක ගැනීම.
  • උපකරණය භාවිතයට පෙර ශුන්‍ය පාඨාංක පෙන්වන්නේ දැයි පරීක්ෂා කර එම සීරුමාරු නිවැරදි කරගන්න.

සංඛ්‍යාංක බහු මීටරය

  • රූපයේ දැක්වෙන්නේ සංඛ්‍යාංක බහුමීටරයකි.
  • මෙය විද්‍යුත් ධාරාවක් ,විභව අන්තරයක් සහ ප්‍රතිරෝධයක් මැනිය හැකි උපකරණයකි.

මෙහි විශේෂත්ව 2කි.

  1. අවශ්‍යතාව අනුව මිනුම් පරාස තෝරාගත හැකි වීම.
  2. අවශ්‍යතාව අනුව මිනුම් වර්ගය තෝරා ගත හැකි වීම.
  • පාඨාංක ගැනීමේදී කිහිප වරක් ගන්නා පාඨාංකවල මධ්‍යන්‍ය ගැනීමෙන් මිනුම්වල දෝෂ අවම වේ .

Video Links:

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom