- සංයුක්ත ගණීතය II (ව්‍යවහාරික ගණිතය ) ප්‍රශ්න පත්‍රයෙහි A කොටසේ ප්‍රශ්න 2 ක් හා B කොටසේ 17 වන ප්‍රශ්නයේ a කොටස මෙම ඒකකයෙන් සැකසී ඇත.
නියැදි අවකාශය විභාගනය
B1, B2, …… , Bn යනු සසම්භාවී පරීක්ෂණයක් සමග සංඝටිත Ω නියැදි අවකාශයකට අනුරූප A සිද්ධි අවකාශය තුළ වූ සිද්ධි අනුක්‍රමයක් වන විට,
i. සියළු i ≠ j සදහා Bi ∩ Bj =ϕ හා
ii. B1∪ B2 ∪ ….∪ Bn = Ω, \left(\overset n{\underset{i=1}\cup}{\text{B}}_1\text{=Ω}\right) වේ නම්, {B1, B2, …., Bn } ට, Ω නියැදි අවකාශයේ විභාගනයක් යයි කියනු ලැබේ.
උදා : Ω = {1, 2, 3, 4, 5, 6, 7, 8}
B1 = {1, 2, 3}, B2 = {4}, B3 = {5, 6} සහ B4 = {7, 8} ලෙස අර්ථ දක්වා ඇත.
එවිට, B1∩B2 =ϕ , B1∩B3 =ϕ, B1∩ B4 =ϕ , B2∩B3 =ϕ, B2∩B4 =ϕ සහ B3 ∩B4 = ϕ වේ.
තවද, B1∪B2 ∪B3 ∪B4 = Ω වේ.
∴{ B1, B2, B3, B4 }යනු Ω හි විභාගනයක් වේ.
මුළු සම්භාවිතාව
මුළු සම්භාවිතාව පිළිබඳ ප්‍රමේයය.
{B1, B2,……., Bn} යනු සියළු i = 1,2, …,n සදහා P (Bi) > 0 වන පරිදි වූ, කිසියම් සසම්භාවී පරීක්ෂණයක් සමග සංඝටිත Ω නියැදි අවකාශයට අනුරූප A සිද්ධි අවකාශයේ විභාගනයක් නම් ද A යනු A සිද්ධි අවකාශයේ ඕනෑම සිද්ධියක් නම් ද,
P(A)\;=\overset n{\underset{i=1}{\sum P(}}\;\frac A{B_i})P(B_i)\;\mathrm{වේ}.
සාධනය
A = (A∩B1 )∪(A∩B2)∪——-∪(A∩Bn)
∴P (A) = P[(A∩B1)∪(A∩B2)∪——(A∩Bn)]
(A∩B1 ),(A∩B2),——–(A∩Bn)
අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නිසා ප්‍රත්‍යක්ෂමය අර්ථ දැක්වීම අනුව,
P (A) = P(A∩B1 ) + P(A∩B2) + ………………. + P(A∩Bn)
P(A)\;=\sum_{i=1}^nP(A\cap B_i)\;\mathrm{වේ}.\;
අසම්භාව්‍ය සම්භාවිතාව අර්ථ දැක්වීම අනුව,
\begin{array}{rcl}\mathrm P(\mathrm A/{\mathrm B}_{\mathrm i})&=&\dfrac{\mathrm P(\mathrm A\cap\mathrm B)}{\mathrm P({\mathrm B}_{\mathrm i})}\;\;\mathrm P(B_i)>0\\\mathrm P(\mathrm A\cap\mathrm{Bi})&=&\mathrm P(B_i).\mathrm P\left(\frac{\mathrm A}{B_i}\right)\\\therefore\mathrm P(\mathrm A)&=&\sum_{\mathrm i=1}^{\mathrm n}\mathrm P(B_i).\mathrm P\left(\frac{\mathrm A}{B_i}\right)\end{array}
නිදසුන 1
50 දෙනෙකුගෙන් යුත් ශිෂ්‍ය කණ්ඩායමකින් 30 දෙනෙක් ශිෂ්‍යාවෝ වෙති. ශිෂ්‍යාවන්ගෙන් 30% ක් සංයුක්ත ගණිතය සමත් වූ අතර ශිෂ්‍යයින්ගෙන් 40% ක් සංයුක්ත ගණිතය සමත් වූහ.මෙම කණ්ඩායමෙන් අහඹු ලෙස ළමයෙක් තෝරා ගතහොත් ඔහු හෝ ඇය සංයුක්ත ගණිතය සමත් කෙනෙකු වීමේ සම්භාවිතාව සොයන්න.
Ω = { ශිෂ්‍ය කණ්ඩායමේ අය}
B1 = { තෝරා ගත් ළමයා ශිෂ්‍යාවක වීම}
B2 = { තෝරා ගත් ළමයා ශිෂ්‍යයෙකු වීම}
A = { තෝරා ගත් ළමයා සංයුක්ත ගණිතය සමත් කෙනෙකු වීම}
B1∩B2 = , B1∪B2 = Ω ∴{B1, B2} යනු Ω හි විභාගනයකි.
\begin{array}{l}P\;(B_1)\;=\;\;\frac{30}{50}\;\;\;\\P\;(B_2)\;=\;\frac{20}{50}\\P(A/B_1)\;=\frac{30}{100}\\P(A/B_2)\;=\frac{40}{100}\end{array}මුළු සම්භාවිතා ප්‍රමේයය අනුව,
\begin{array}{rcl}P(A)\;&=&\;\sum_{i=1}^nP(A/B_i)P(B_i)\;\\\;&=&\;P(A/B_1)\;P(B_1)\;\;+\;P(A\;/B_2)P(B_2)\;\\P(A)\;&=&\frac{\;30}{100}\;\times\frac{\;30}{50}\;\;+\;\;\frac{\;40}{100}\;\times\;\frac{20}{100}\;\;\\\;&=&\;\;\frac{9+8}{50}\;\;\\&=&\;\;\frac{17}{50}\end{array}සටහන
විභාගනයේ සිද්ධි දෙකක් පමණක් ඇත්නම් එක් සිද්ධියක් අනෙක් සිද්ධියේ අනුපූරක සිද්ධිය වේ.
මෙහි B2 = B11
P(A) = P(A / B1) P(B1) + P(A / B2) P(B2) ලෙස ලිවිය හැකිය.
නිදසුන 2
විශේෂ සමුළුවකට සහභාගී වීම පිණිස A, B, C යන පාසල් තුනකට ඇරයුම් කරන ලදී. සමුළුවට සහභාගී වූවන් අතර A පාසලින් 50% ක්ද, B පාසලින් 30% ක්ද, C පාසලින් 20%ක්ද විය. A පාසලේ ළමයින්ගෙන් 60% ක් පිරිමිද, B පාසලේ ළමයින්ගෙන් 40% ක් පිරිමිද, C පාසල ප්‍රදේශයේ වූ එකම බාලිකා පාසලද විය. සමුළුවෙන් සිසුවකු අහඹු ලෙස තෝරා ගතහොත් එම තැනැත්තා,
i. පිරිමි ළමයකු වීමේ,
ii. ගැහැණු ළමයකු වීමේ සම්භාවිතාව ගණනය කරන්න.
B1 = {සමුළුවට සහභාගී වුවන් A පාසලට අයත් වීම}
B2 = {සමුළුවට සහභාගී වුවන් B පාසලට අයත් වීම}
B3 = {සමුළුවට සහභාගී වුවන් C පාසලට අයත් වීම}
A = {තෝරා ගත් සිසුවා පිරිමි ළමයකු වීම}
P(B_1)\;=\;\frac{\;50\;}{100}\;,\;P(B_2)\;=\;\frac{\;30}{100}\;\;,\;P(B_3)\;=\;\;\frac{20}{100}\;,\;P(A/B_1)\;=\;\frac{60}{100}\;,\;P(A/B_2)\;=\;\frac{\;40\;\;}{100}\;,\;P(A/B_{3)}\;=\;\;0\;\;මුළු සම්භාවිතා ප්‍රමේයය අනුව,
\begin{array}{rcl}P(A)\;&=&\sum_{i=1}^nP(A/B_i)P(B_i)\;\\&=&\;P(A\;/\;B_1)\;P(B_1)\;+\;P(A\;/\;B_2)\;P(B_2)\;+\;P(A\;/\;B_3)\;P(B_3)\\\;&=&\;\frac{60}{100}\;\times\frac{50}{100}\;\;+\;\;\frac{40}{100}\;\times\;\frac{30}{100}\;\;+\;0\;\;\times\;\frac{20}{100}\\&=&\;\frac{\;21}{50}\end{array}තෝරා ගත් ළමයා ගැහැණු ළමයෙකු වීම = A1
\begin{array}{rcl}P(A^1)\;&=&\;1\;–\;P(A)\;=\;1\;-\;\;\frac{21}{50}\;=\;\frac{29}{50}\end{array}බේයස් ප්‍රමේයය
B1, B2, …… , Bn යනු, E සසම්භාවී පරීක්ෂණයක් හා සංඝටිත Ω නියැදි අවකාශයට අනුරූප A සිද්ධි අවකාශයේ විභාගනයන් යයිද, A යනු A සිද්ධි අවකාශයේ වෙනත් ඕනෑම සිද්ධියක්ද නම්,
\begin{array}{rcl}P(B_j/A)&=&\frac{P(A/B_j)P(B_j)}{{\displaystyle\sum_{i=1}^n}P{(A/B_i)P(B_i)}}\end{array}මෙහි P (A/Bj) යනු ,
Bj සිද්ධිය සිදු වී යයි දී ඇති විට A සිද්ධිය සිදුවීමේ අසම්භාව්‍ය සම්භාවිතාවයි.
\begin{array}{rcl}P(B_j/A)&=&\frac{P(B_j\cap A)}{(P(A)}\\{P(A/B_j)}&=&\frac{(P(B_j\cap A)}{P(B_j)}\\P(B_j\cap A)&=&P(A/B_j)P(B_j)\\P(B_j/A)&=&\frac{P(A/B_j)P(B_j)}{P(A)}\\&=&\frac{P(A/B_j)P(B_j)}{P(A/B_i)P(B_i)}\text{(මුළු සම්භාවිතා පරමේයය අනුව)}\end{array}නිදසුන 1
උසස් පාසලක අධ්‍යාපනය හදාරන්නෙක් පිරිමි ළමයකු විමේ සම්භාවිතාව \frac13 කි. පිරිමි ළමයකු තම පාඨමාලාව සාර්ථකව නිම කිරීමේ සම්භාවිතාව\frac7{10}ක් වන අතර, ගැහැණු ළමයෙක් තම පාඨමාලාව සාර්ථකව නිම කිරීමේ සම්භාවිතාව\frac45කි. පාඨමාලාව නිම කළ කෙනෙකු සසම්භාවීව තෝරාගත් විට, එම තැනැත්තා
i. පිරිමි ළමයකු වීමේ,
ii. ගැහැණු ළමයකු වීමේ සම්භාවිතාව ගණනය කරන්න.
B1 = පිරිමි ළමයකු වීම
B2 = ගැහැණු ළමයකු වීම.
{ B1 , B2 } විභාගනයන් වේ.
A = පාඨමාලාව සාර්ථකව නිම කිරීම.
\begin{array}{rcl}P\;(B_1)\;&=&\;\frac13,\;\;\;\therefore\;\;P\;(B_2)\;=\;1\;–\;P\;(B_1)\;=\frac{\;2}3\;,\;\;P\;(A/B_1)\;=\frac{\;7}{10}\;\;,\;\;P\;(A/B_2)\;=\;\frac45\end{array}i. පාඨමාලාව සම්පුර්ණ කළ තැනැත්තා පිරිමි ළමයකු වීම = (B1 / A)
\begin{array}{rcl}P(B_1/A)&=&\frac{P(A/B_1)P(B_1}{(P(A/B_1)P(B_1)+P(A/B_2)P(B_2)}(\text{බේයස ්ප්‍රමේයය අනුව})\\&=&\frac{{\displaystyle\frac7{10}}\times{\displaystyle\frac13}}{{\displaystyle\frac7{10}}\times\frac13+{\displaystyle\frac45}\times{\displaystyle\frac23}}\\&=&\frac7{23}\end{array}ii. පාඨමාලාව සම්පුර්ණ කළ තැනැත්තා ගැහැනු ළමයකු වීම = (B2 / A)
\begin{array}{rcl}P(B_2/A)&=&\frac{P(A/B_2)P(B_2)}{P(A/B_1)P(B_1)+P(A/B_2)P(B_2)}\\&&\\&=&\frac{\displaystyle\frac45\times\frac23}{\displaystyle\frac7{10}\times\frac13+\frac45\times\frac23}\\&&\\&=&\dfrac7{23}\end{array}නිදසුන 2
X, Y, Z නම් සැපයුම්කරුවන් තිදෙනෙක් එක්තරා ආයතනයකට භාණ්ඩ සැපයීමේ සම්භාවිතාව පිළිවෙලින් 1/2, සහ 1/3 වේ. X, Y, Z විසින් සපයනු ලබන භාණ්ඩ දෝෂ සහිත වීමේ ප්‍රතිශත පිළිවෙලින් 5, 6, 8 වේ. එම භාණ්ඩ තොගයෙන් භාණ්ඩයක් සසම්භාවී ලෙස තෝරා ගත් විට එය දෝෂ සහිත වීමේ සම්භාවිතාව සොයන්න.
එම දෝෂ සහිත භාණ්ඩය ,
i) X මගින්
ii) Y මගින්
iii) Z මගින්
සපයා තිබීමේ සම්භාවිතාව ගණනය කරන්න.
B1 = X මගින් භාණ්ඩය සැපයීම
B2 = Y මගින් භාණ්ඩය සැපයීම
B3 = Z මගින් භාණ්ඩය සැපයීම
A = තෝරා ගත් භාණ්ඩය දෝෂ සහිත වීම
{B1, B2, B3} විභාගනයන් වේ.
\begin{array}{rcl}P\;(B_1)\;&=&\;\;\frac12\;,\;P\;(B_2)\;=\;\;\frac13\;\;,\;P\;(B_3)\;=\frac16\\\;P(A/B1)\;&=&\;\frac5{100}\;\;,\;P(A/B_2)\;=\frac6{100},\;P(A/B_3)\;=\frac8{100}\end{array}භාණ්ඩයන් දෝෂ සහිත වීමේ සම්භාවිතාව = P (A)
මුළු සම්භාවිතා ප්‍රමේයය අනුව,
\begin{array}{rcl}P(A)\;&=&\;\sum_{i=1}^3P(A/Bi)\;P(B_i)\\&=&\;P(A/B_1)\;P(B_1)\;+P(A/B_2)\;P(B_2)\;+P(A/\;B_3)\;P(B_3)\\&=&\;\frac5{100}\;\times\;\frac12\;\;+\;\;\frac{\;6\;}{100}\times\;\frac13\;\;\;+\frac{\;8}{100}\;\times\;\frac16\\&=&\frac{\;7}{120}\end{array}i.
තෝරා ගත් භාණ්ඩය X විසින් සපයා තිබීමේ සම්භාවිතාව = P (B1 / A)
බේයස් ප්‍රමේයය අනුව ,
\begin{array}{rcl}P(B_1/A)\;&=&\frac{P(A/B_1)\;P(B_1)}{P(A)}\\&=&\;P(A/B_1)\;P(B_1)\;+P(A/B_2)\;P(B_2)\;+P(A/\;B_3)\;P(B_3)\\&=&\;\frac{{\displaystyle\frac5{100}}\;\times\;{\displaystyle\frac12}\;\;}{\displaystyle\frac{35}{600}}\\&=&\frac37\end{array}ii.
\begin{array}{rcl}P(B_2/A)\;&=&\frac{P(A/B_2)\;P(B_2)}{P(A)}\\&=&\;\frac{{\displaystyle\frac6{100}}\;\times\;{\displaystyle\frac13}\;\;}{\displaystyle\frac{35}{600}}\\&=&\frac{12}{35}\end{array}iii.
\begin{array}{rcl}P(B_3/A)\;&=&\frac{P(A/B_3)\;P(B_3)}{P(A)}\\&=&\;\frac{{\displaystyle\frac8{100}}\;\times\;{\displaystyle\frac16}\;\;}{\displaystyle\frac{35}{600}}\\&=&\frac8{35}\end{array}1.කර්මාන්තශාලාවක නිෂ්පාදිතවලින් 60% ක් A යන්ත්‍රයෙන්ද 25% ක් B යන්ත්‍රයෙන්ද 15% ක් C යන්ත්‍රයෙන්ද නිපදවයි. A , B , C නිෂ්පාදිත අතරින් 2% , 3% , 5% සදොස් ඒවා වේ.
i. කර්මාන්තශාලාවේ නිෂ්පාදිතයක් අහඹු ලෙස තෝරාගත් විට එය සදොස් එකක් වීමේ සම්භාවිතාව සොයන්න.
ii. තෝරාගත් නිෂ්පාදිතය සදොස් එකක් නම්, එය A යන්ත්‍රයෙන් නිපදවන ලද්දක් වීමේ ,
iii. එය B යන්ත්‍රයෙන් නිපදවන ලද්දක් වීමේ ,
iv. එය C යන්ත්‍රයෙන් නිපදවන ලද්දක් වීමේ
සම්භාවිතාව සොයන්න.
D = { තෝරාගත් නිෂ්පාදිතය සදොස් එකක් වීම. }
A = { A යන්ත්‍රයෙන් නිපදවූ නිෂ්පාදිත } => P(A) = 60/100
B = { B යන්ත්‍රයෙන් නිපද වූ නිෂ්පාදිත } => P(B) = 25/100
C = { C යන්ත්‍රයෙන් නිපද වූ නිෂ්පාදිත } => P(C) = 15/100
P( D / A ) = 2/100
P( D / B ) = 3/100
P( D / C ) = 5/100
i.
\begin{array}{rcl}\;P(\;D\;)\;&=&\;P(\;A\;)\;P(\;D\;/\;A\;)\;+\;P(\;B\;)\;P(\;D\;/\;B\;)\;+\;P(\;C\;)\;P(\;D\;/\;C\;)\;\\&=&\;\frac{60}{100}\times\frac{\;2}{100}\;+\;\;\frac{25}{100}\times\frac{\;3}{100}+\frac{15}{100}\times\frac{\;5}{100}\\&=&\frac{2.7}{100}\end{array}ii.
\begin{array}{rcl}\;P(\;A\;/\;D\;)\;&=&\;\frac{P(A\cap D)}{P(D)\;}\\&=&\frac{\;P(\;A\;)\;P(\;D\;/\;A\;)}{P(\;D\;)}\;\\&=&\frac{{\displaystyle\frac{\;60}{100}}\times\;{\displaystyle\frac2{100}}}{\frac{27}{1000}}\;\\&=&\;\frac49\end{array}iii.
\begin{array}{rcl}\;P(\;B\;/\;D\;)\;&=&\;\frac{P(B\cap D)}{P(D)\;}\\&=&\frac{\;P(B\;)\;P(\;D\;/\;B\;)}{P(\;D\;)}\;\\&=&\frac{{\displaystyle\frac{\;25}{100}}\times\;{\displaystyle\frac3{100}}}{\frac{27}{1000}}\;\\&=&\;\frac{25}{90}\end{array}iv.
\begin{array}{rcl}\;P(\;C\;/\;D\;)\;&=&\;\frac{P(C\cap D)}{P(D)\;}\\&=&\frac{\;P(C\;)\;P(\;D\;/\;C\;)}{P(\;D\;)}\;\\&=&\frac{{\displaystyle\frac{\;15}{100}}\times\;{\displaystyle\frac5{100}}}{\frac{27}{1000}}\;\\&=&\;\frac{25}{90}\end{array}2.
A , B , C මල් ඉති 3 ක පිපුණු මල් 3 , 2 , 2 බැගින්ද පරවූ මල් 2, 1 , 2 බැගින්ද ඇත. මල් කැඩීමට ගිය දරුවෙකු සසම්භාවී ලෙස මල් ඉත්තක් තෝරා ගෙන එම ඉත්තෙන් සසම්භාවී ලෙස මලක් කඩයි.
i. කැඩූ මල පරවූ 1 ක් වීම.
ii. කැඩූ මල පරවූ 1 ක් වී නම්, එය A ඉත්තේ වීමේ සම්භාවිතාව සොයන්න.
A = { A ඉත්ත තේරීම. }
B = { B ඉත්ත තේරීම. }
C = { C ඉත්ත තේරීම. }
D = { කැඩූ මල පරවූ 1 ක් වීම. }
නිදසුන 4
බහුවරණ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයන අපේක්ෂකයෙක් ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර දැන සිටීමේ සම්භාවිතාව p වේ. පිළිතුර අනුමානව සැපයීමේ සම්භාවිතාව 1 – p වේ. නිවැරදි පිළිතුර දන්නා විට පිළිතුර නිවැරදිව සැපයීමේ සම්භාවිතාව 1 වේ. පිළිතුර අනුමාන කරන විට නිවැරදි පිළිතුර සැපයීමේ සම්භාවිතාව \frac1m වේ. m යනු බහුවරණ ප්‍රශ්නයක ඇති ප්‍රතිචාර ගණන වේ. අපේක්ෂකයා ප්‍රශ්නයකට දී ඇති පිළිතුර නිවැරදි නම්, ඔහු නිවැරදි පිළිතුර දැන සිටීමේ සම්භාවිතාව සොයන්න.
A = { නිවැරදි පිළිතුර දැන සිටීම. }
B = { නිවැරදි පිළිතුර සැපයීම. }
P(A) = p , P(A1) = 1 – p , P( B/A ) = 1 , P( B/A1) = \frac1m
P( A / B ) = \frac{P\left(B/A\right)P\left(A\right)}{P\left(B\right)}
= \frac{P\times1}{P\left(B/A\right)P\left(A\right)+P\left(B/A^1\right)P\left(A^1\right)}
=\frac p{1\times p+(1-p)\times\frac1m}=\frac{pm}{pm+1-p}=\frac{pm}{p(m-1)+1}
අධිවේගී මාර්ගයක මිනිත්තු 30ක් තුළ කාරයක් දැකීමේ සම්භාවිතාව 0.95ක් වේ. එම මාර්ගයෙහි මිනිත්තු 10ක් තුළ කාරයක් දැක ගැනීමට හැකිවන සම්භාවිතාව සොයන්න.
(කාරයක් දැකීම = අවම වශයෙන් එක් කාරයක් හෝ දැකීම)
මිශ්‍ර අභ්‍යාස
- හිස ලැබීමේ සම්භාවිතාව \frac23 ක් වූ නැඹුරු කාසියක් උඩ දමයි. එම අවස්ථාවේ හිස ලැබුණහොත් 1 සිට 7 දක්වා අංක යොදා ඇති කාඩ්පත් අතරින් 1 ක් සසම්භාවීව තෝරයි. අගය ලැබුණහොත් 1 සිට 5 දක්වා අංක යොදා ඇති කාඩ්පත් අතරින් 2 ක් තෝරයි.
- නියැදි අවකාශය රුක් සටහනක දක්වන්න.
- පළමු වරට අගය ලැබී දෙවන වරට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම.
- දෙවන වරට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව සොයන්න.
A = { පළමු වරට අගය ලැබීම. }
B = { දෙවන වරට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. }
- P(A∩B) = P(A) P(B/A)
= \frac13\times\frac35
= \frac15
- P(B) = \frac13\times\frac35+\frac23\times\frac47
= \frac8{21}+\frac3{15}
= \frac{61}{105}
- මෝටර් රථ හිමියෙක් අඳුරේදී තම මෝටර් රථයේ දොර විවෘත කිරීමට උත්සහ කරයි. ඔහු සතුව යතුරු 6ක් ඇත. ඉන් එකකින් පමණක් දොර විවෘත කළ හැකිය.
- සියළු විය හැකියා දැක්වීමට රුක් සටහනක් අදින්න.
- ඔහු 4 වරක් දොර විවෘත කිරීමට උත්සහ කරයි. මෙසේ වාර 4 දී ඔහුට දොර විවෘත කර ගැනීමට නොහැකි වීමේ සම්භාවිතාව සොයන්න.
Ai = i වන වතාවේ දොර විවෘත කරගැනීමට නොහැකි වීම. ( i = 1 , 2, 3, 4)
P (A1∩A2∩A3∩A4) = \frac56\times\frac45\times\frac34\times\frac23
= \frac13
- 1 සිට 9 දක්වා අංකිත කාඩ්පත් අතරින් 2 ක් සසම්භාවීව තෝරයි.
- අංක 2 ම ඔත්තේ වීම. → A
- අංක 2 ම ඉරට්ටේ වීම. → B
- අංක 2 ක එකතුව අන්තරය මෙන් දෙගුණයක් වීම. → C
යනාදියෙහි සම්භාවිතාව සොයන්න.(සංකරණ හා සංයෝජන පාඩමෙහි දැනුම අවශ්‍ය )
P(A) = ( 5C1 4C1 ) / ( 9C1 8C1 ) = \frac{20}{72} =\frac1{18}
P(B) = ( 4C1 3C1 ) / ( 9C1 8C1 ) =\frac{12}{72}=\frac3{18}
1 ක්‍රමය
x , y ; x ˃ y
( x + y ) = 2 ( x – y )
3y = x
y = 1 විට x = 3 , y = 2 විට x= 6 , y= 3 විට x=9
P( C ) = P{ (1,3) , (3,1) , (2,6) , (6,2) , (3,9) , (9,3) }/ P(Ω)= \frac6{72} =\frac1{12}
2 ක්‍රමය
P(C)= [(1C1 1C1 ) / ( 9C1 8C1 ) + ( 1C1 1C1 ) / ( 9C1 8C1 ) + ( 1C1 1C1 ) / ( 9C1 8C1)] ×2 = \frac6{72} =\frac1{12}
- කාසි 3 කින් 1 ක් එක්වර උඩ දැමු විට ශීර්ෂය ලැබීමේ සම්භාවිතාවය p වන පරිදි නැඹුරුය. අනික් දෙක නොනැඹුරුය. කාසි 3න් 1ක් සසම්භාවී ලෙස ගෙන එය දෙවරක් උඩ දමනු ලැබේ.
- ලැබිය හැකි ප්‍රතිදාන පෙන්වීමට රුක් සටහනක් අඳින්න.
- වාර 2 දීම ශිර්ෂ ලැබීමේ සම්භාවිතාවය \frac{17}{54} වෙයි නම් p හි අගය සොයන්න.
- p හි මෙම අගය සඳහා වාර 2 දීම ඇත්ත වශයෙන්ම ශිර්ෂ ලැබුණු බව දී ඇත්නම්, තෝරා ගන්නා ලද කාසිය නැඹුරු එකක් වීමේ සම්භාවිතාව සොයන්න.
X = {වාර 2 දීම ශිර්ෂ ලැබීම.}
P(X) = \frac{17}{54}
\frac13\times p\times p+\frac23\times\frac12\times\frac{\displaystyle1}{\displaystyle2}=\frac{17}{54} p^2=\frac{17}{18}-\frac12= \frac8{18}
= \frac49
p = \frac23 ( p ˃ 0 )
Y = { තේරු කාසිය නැඹුරු වීම. }
P(Y/X)=\frac{P(X\cap Y)}{P(X)}= \frac{\displaystyle\frac{\displaystyle1}{\displaystyle3}\times p\times p}{\frac{17}{54}}
= \frac12\times\frac23\times\frac{\displaystyle2}{\displaystyle3}\times\frac{\displaystyle54}{\displaystyle17}
= \frac8{17}
- නිමල්, කමල්, සුනිල් හා අමල් යන සිසුන් 4 දෙනා සසම්භාවී ලෙස පෙළකට සිටීමෙන් ඡායාරූපයකට පෙනී සිටින ලදී.
- නිමල් යම් සැකසීමකදී අයිනක සිටීමේ
- නිමල් හා කමල් එකට සිටීමේ
- කමල්, සුනිල් හා අමල් එකට නොසිටීමේ සම්භාවිතා සොයන්න.
සිසුන් 4 දෙනාටම පෙළට සිටිය හැකි මුළු ආකාර ගණන = 4!
නිමල් යම් සැකසීමකදී අයිනක සිටීමේ සම්භාවිතාව = \frac{3!\times2}{4!}=\frac12
නිමල් හා කමල් එකට සිටීමේ සම්භාවිතාව =\frac{3!\times2}{4!}=\frac12
කමල්, සුනිල් හා අමල් එකට නොසිටීමේ සම්භාවිතාව =\frac{4!-(2!\times3!)}{4!}=1-\frac{\displaystyle2!\times3!}{\displaystyle4!}=\frac12
- විශාල තොග වෙළදසැලකට A , B හා C නම් වූ භාණ්ඩ සපයන ආයතන 3 ක් මඟින් සපයන විදුලි බුබුළුවලින් 50% A මඟින්ද 30% B මඟින්ද 20% C මඟින්ද සපයයි. A මගින් සපයන විදුලි බුබුළුවලින් 3% සදොස් ඒවා වන අතර B හා C සපයන ඒවායින් පිළිවෙලින් 2% ක් හා 1% ක් සදොස් ඒවා බව අත්දැකීමෙන් දනියි.
- මේ වෙළදසැලේ ඇති විදුලි බුබුළු අතරින් එකක් සසම්භාවී ලෙස තෝරා ගැනීමේදී එම විදුලි බුබුළු සදොස් එකක් වීමේ සම්භාවිතාව සොයන්න.
- තෝරාගත් විදුලි බුබුළු සදොස් එකක් බව දී ඇත්නම්, එය A ආයතනය සැපයූ එකක් වීමේ සම්භාවිතාව සොයන්න.
X = { තෝරන විදුලි බුබුළ සදොස් එකක් වීම. }
P(A) = \frac{50}{100} , P(X/A) = \frac3{100}
P(B) = \frac{30}{100} , P(X/B) = \frac2{100}
P(C) = \frac{20}{100} , P(X/C) = \frac1{100}
P(X) = P(A) P(X/A) + P(B) P(X/B) + P(C) P(X/C)
= \frac{50}{100}\times\frac3{100}+\frac{\displaystyle30}{\displaystyle100}\times\frac{\displaystyle2}{\displaystyle100}+\frac{\displaystyle20}{\displaystyle100}\times\frac{\displaystyle1}{\displaystyle100}
= \frac{23}{1000}=0.023
P(A/X) =\frac{P\left(A\cap X\right)}{P\left(X\right)}=\frac{P\left(A\right)P\left(X/A\right)}{P\left(X\right)}=\frac{\left({\displaystyle\frac{50}{100}}\right){\displaystyle\left(\frac3{100}\right)}}{\left(\frac{23}{1000}\right)}=\frac{15}{23}
“Free yourself from the rigid conduct of tradition and open yourself to the new forms of probability.”
-Hans Bender-
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.